Tuesday, December 5, 2017

ආතති මවන මැෂිම.... - Is Fidget Spinner Stress Reliever ??


මෑතකදී සෑමා මිත්‍රයන් දෙදෙනෙකු සමඟ කොටුවට ගියේය. ඒ අතර සිටි මිත්‍රයෙක් හැසිරුණේ බැංකොක් ගිය ආකාරයකටය. දකින හැම තැනම නැවතෙමින්ද, දකින හැම බඩුවම අත ගාමින්ද මිතුරා හැසිරුනේ කිසිදා කොටුවේ නොගිය ආකාරයකටය. දෙවෙනි හරස් වීදියේ පාර අයිනේ ගැජට් විකුණන හැම තැනකදීම අපේ මිතුරා සොයා ගැනීමට අපහසු වූයේය. ඒ ඔහු මිනිසුන් වට වී සිටින හැම තැනකටම ඔලුව දමමින් පරික්ෂා කරමින් ගමන් කරන නිසාය. වරෙක අපිට ඔහුව මඟ හැරුණේය. වටපිට බලන විට ඔහු සිටියේ දෙසීයයි, දෙසීයයි කියමින් පෙන් ඩ්‍රැයිව් විකුණන තැනකය. රුපියල් දෙසීයට ගිගා අටක පෙන් එකක් ගන්නට ගිය මිතුරා බේරාගෙන අපි නැවත ගමන් කළේ හවස් වෙන්නට පෙර ගෙදර ආ යුතු නිසාය.

"අම්මට උඩු මේ තියෙන්නෙ මම හොයපු ගැජට් එක.."



"අහ් ස්පිනර් එකක් නේ.."

"ඔව් බං, වයිෆ් කිව්වා තව සතියයි බලන්නෙ, එකක් ගෙනාවෙ නැත්තං යන්න යනව කියලා.."

"ඉතිං ඕයි ගෙනියන්නෙ නැතුව ඉන්නවකෝ.."

"මේක සිරාද බලහං, බරයි, සැරටම කැරකෙනවා.."

"හා හා ගනින්කෝ.."

"අයියේ මේක කීයද ?"

"තුන් සීයයි.."

"අඩු නැද්ද??"

මේන් රෝඩ් එක අයිනේ ඩෑල් එකක් නිසා පොර කේවල් කරන්නට ඉඩ නොදීම රුපියල් තුන් සියයකටම භාණ්ඩය අපේ එකාගේ ඇඟේ ගැසීය. එතැන් පටන් කොල්ලා ටිකක් මෙල්ල වූයේය. සද්ද නැතුව ස්පිනර් එක කරකවන ගමන්ය. ඇවිදින්නේද ඇඟිලි දෙක අස්සේ ස්පිනර් එක ගසාගෙනය. ටෝක්ස්ය. අඩෝ මේ බලහං මේක කැරකෙනවා බං විනාඩි පහකට වැඩිය. මේක හොදා බං ස්ට්‍රෙස් එක අඩු වෙන්න. කතන්දර සියයක්ය. බැරිම තැන සෑමා ෆෝන් එකේ ස්ටොප් වොච් එක දමාගෙන කැරකෙන කාලය මැන බැලුවේය. ලොකු සීන් එකක් නැතිය. විනාඩියක් සහ තවත් තප්පර විස්සක් විතර කැරකුණේය. මිත්‍රයාගේ ටෝක්ස් ටිකක් අඩු වූයේ එතැන් සිටය.

"හැබැයි මේක නවත්තන්න හිතෙන්නෙ නැහැ බං.."

"ඔව් නේ එහෙම සීන් එකක් තියෙනව නේ.."

"උබට මතකද මම මේක හොයන්නෙ කවද ඉදන්ද කියල.."

"මම දන්නවද බං ඒක?"

"ඇයි බං අපෙ පුංචිගෙ පුතා ඩෙංගු හැදිලා හොස්පිට්ල් ඉද්දි ඌ ඇඳේ ඉදන් කරකෝ කරකෝ හිටියෙ.. අන්න එදා ඉදං මම මේක හොයන්නෙ.."

"ආ මට මතකයි.. එදත් උබ නවත්තන්නෙ නැතුව ඒක අතේ තියන් හිටියෙ. මම හිතුවා උබ ඒක එදාම උස්සයි කියලා.."

ගිය වැඩේ කරගෙන නැවත සෑමා සහ මිත්‍රයන් දෙදෙනා පාරට බැස්සේ ගෙදර එන්නටය. අපේ එකා නොනැවතී ගැජට් එක කරකවන්නේය. ඒ අතර හරස් පාරක බිම තියාගෙන අංකල් කෙනෙක් ස්පිනර් වෙළදාමේය. අපේ එකා සෙනික තමා සතු ස්පිනර් එක හංගා ගත්තේය. ඒ තමා කලින් ගෙවූ මුදල සාධාරණද බලන්නටය.

"අංකල් මේක කීයද?"

පොර එක වරම අංකල්ට පෙන්වූයේ, තමා සතු වූ ප්‍රමාණයේම, ඒ පාටම, එකක්ය. මොහොතකට පෙර සාක්කුවට දමාගෙන හංගා ගත් එකමය. රුපියල් තුන්සියයේ එකමය.

"ඒක දෙසීය පනහයි.. ලයිට් පත්තු වෙන එක තුන්සිය පනහයි.. අර පොඩි එක දෙසීයයි.."

අපෙ එකාගේ මුහුණ අමුතු වූයේය. මෙතැන දෙසීය පනහෑ එකකට කොල්ලා තුන්සියයක් ගෙවා ඇත්තේය.

"අංකල් මොකෝ කියන්නේ දෙසීයකට දෙනවද?" ඒ සෑමාය. මිතුරාව තවත් අවුල් කිරීමටය.

"හ්ම්.. හරි හරි මොන පාටද ඕනෙ කියන්නකෝ.." අංකල් අකැමැත්තෙන් මෙන් ඩීල් එකට කැමති වූයේය.

මිතුරාට කලින්ම කෙලවී හමාර නිසා වැඩි විස්තර කතා නොකර, තවත් බාල්දු නොකර එතැනින් පිට වූයේ කොල්ලා ගේ හිත හදන්නටය. අපිට හදන්නට දෙයක් නැතුව නැවත සාක්කු වේ තිබ්බ ස්පිනර් එක අතට ගත් කොල්ලා නැවතත් ටෝක්ස්ය.

"ඒ වුනාට බං ඕවෑ කොලිටීස් තියෙනව නේ.."

හිත නිවන කතාවක්ය. ස්ට්‍රෙස් මකන යන්ත්‍රය කොල්ලාට ස්ට්‍රෙස් ගෙන දෙන්නට වූයේ ඉතිරි විනාඩි කිහිපයේය.

"ඒ වුණාට අර කැ%$#ට තිබ්බා ටිකක් අඩු කරල දෙන්න.. බලපං තුන්සීයටම දුන්නෙ, සතයක් අඩු නොකර.. ෂික් එතැනින් ගන්න හදිස්සි නොවී මෙතැනින් ගන්න තිබ්බෙ... අවුලක් නෑ හැබැයි මේකට කවරයක් තියෙනව නේ බං.. අරකෙ කවරයක් නැහැනේ.. මට හිතෙන්නේ අරකෙ බර අඩුයි.. මේක සැරට දැනෙන්න කැරකෙනවා.. බර නිසා වෙන්න ඇති.."

ස්ට්‍රෙස් නිවෙන්නට ගැජට් එකක් ගත් මිත්‍රයා ස්ට්‍රෙස් එකේ ගිලෙමින් කතා කරන්නට වූයේය. ඔහු කියන හැම හේතුවක්, කාරණයක් පාසාම ස්පිනර් එක කැරකෙන්නට විය.

Written_by_sAm_ශ්‍රී_11:47am_05/12/17

16 comments:

  1. යුටියුබ් එකේ බලහං. පැය ගනං කැරකෙන ස්පිනර් තියේ.. හැක්

    ReplyDelete
  2. //දකින හැම බඩුවම අත ගාමින්ද මිතුරා හැසිරුනේ// මදැයි උඹල අතක් පයක් කඩාගන්නැතුව ගෙදර ආව. හැක්..

    ඉතිං අරූ තාම අරක කරකවකව රුපියල් 100 ගැන හිතනවද?

    ReplyDelete
    Replies
    1. ඌ ගෙදර ගිය ගමන් ඒක වයිෆ්ට් දුන්නා බං.. මට හිනා !

      Delete
  3. Replies
    1. අපි කියලා මොනා කරන්නද ?
      බ්ලොග් එකේ ලියලා දානවා මිසක්කා..

      Delete
  4. ඉතිං බං ඌට තිබුනෙ ඒ අන්කල්ගෙන් 200 ටත් එකක් ගන්න. වයිෆ්ගෙ ආතතියට 300 එක කරකවද්දි ඌට පුළුවන් 100 ගැන හිත හිත 200 එක කරකවන්න.

    ReplyDelete
  5. පට්ට.. අරූ පව්..

    හැබෑටම ඕක කරකවනකොට ස්ට්‍රෙස් අඩු වෙනවද බං? මටනම් සැරයක් දෙකක් කැරකෙව්වම එපා උනා..

    ReplyDelete
    Replies
    1. මටත් කැරකිල්ලක් වගේ එනව බං

      Delete
  6. මටත් එකක් හම්බවුණා, හෝර්ලික්ස් එකෙන්ද කොහෙද ෆ්‍රී දුන්න පහුගිය දවස්වල. කොච්චර ට්‍රයිකලත් උපරිම කැරකුණේ විනාඩි 2යි තප්පර45යි හැබැයි. ඇත්තටම ඕකෙන් ආතතිය අඩුවෙනවද?

    ReplyDelete
    Replies
    1. ආතතිය අඩුවෙනවද කියලා ගූගල් කරලත් බැලුවා පෝස්ට් එක ලියන්න කලින්. එහෙම ලොකු සීන් එකක් නැහැ වගේ..

      Delete
  7. කොටුවේ ගියාම සමහරුන්ට ගන්න තියනදේ නෙවෙයි ගන්නේ වෙන දේවල් ඔබේ මිත්‍රයා ඔතනින් බේරුණා ඇති '
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් සහතික ඇත්ත. වයිෆ්ට් කේක් බඩු ගන්න යන්න කලින් මම ලිස්ට් එකක් ලියා ගන්න කියනවා. සමහර දාට ලිස්ට් එක අරන් මම තනියම යන එක වාසියි. ලේසියි.

      Delete
  8. මටත් ඔය අට මගල ගෑන විශ්වාසයක් නෑ බන්...අර මිරිකන එකටනම් ඉස්ට්‍රස් බහිනවා හිටු කියලා...

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...