Google+ Followers

Wednesday, November 22, 2017

උස නම් ශිෂ්‍ය නායක, මිටි නම් ශිෂ්‍ය.. - Height Matters !!


ලියන්නට යන්නේ ලිවිය යුතු දෙයක් නොවේය. ඒත් නොලියාම බැරිය. නැත්තං කසනවා වගේය. ටීචර්ස්ලා ගැන වැරදි ලිවීම වැරදි වැඩක්ය. එහෙත් නොලියන්නේ නම් මෙව්වා කියවන ටීචර්ස්ලාවත් හැදෙන්නේ නැතිය. ඒ නිසා ලිවිය යුතුම යැයි සෑමා තීරණය කළේය. 

මෑත කාලයේදී ගුරුවරුන්ගේ ඔලමොට්ටල වැඩ නිසා දරුවන්ට පාසැල් අහිමි වීම් වැනි සිද්ධි බොහෝමයක් වාර්ථා විය. එලෙසම පාසැලේ දී අනෙක් දරුවන් අතර කොන් වීමට පවා බොහෝ දරුවන්ට හේතු වූයේ ගුරුවරුන්ගේ මොට්ට වැඩය. කිසිම ලෙඩක් නැති දැරිවියකට HIV වැලදී ඇතැයි කතන්දර ගොතා දරුවාට පාසල අහිමි කිරීම, ජීවත්වන පරිසරයෙන්, ගමෙන් කොන් කර හැරීම වැනි බොහෝ සිද්ධීන් වලට හේතු කාරණා වූයේ පාසැලේ ගුරුවරුන්ගේම ක්‍රියාකාරකම් බව කිව යුතුය. එදා මෙදා කියලා වෙනසක් නැතිය. ගුත්තිලලා ඉන්නා කාලේ මූසිලලාද සිටි නිසා ඉවසා සිටිය යුතු වන්නේය. samsung සුසුමන් පාවීලා කියා එදා සෑමා ලිව්වේද මේ වගේ කතාවක්ය. නිවැරදි විනිශ්චය කිරීම් නොකිරීමෙන් පාසැල් එපා වන්නේ දරුවන්ටය.

උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු කියා කියූ විට අපට සෙනිකව සිහිවන්නේ පාර්ලිමේන්තුවේ එක්කෙනකේ වය. එහෙත් උස මිටි අනුව තනතුරු බෙදූ ඉතිහාසයක් අපට නොතිබුණාම නොවේ කියා සෑමාට සිහි වූයේ මෑතකදීය.


ඒ හරියටම 2003 වසරය. අපි සිටියේ 11 වසරේය. ඒ පාසැලට ශිෂ්‍ය නායකයින් තෝරන දවසක්ය. හිටි හැටියේම ප්‍රධාන ගුරුවරයෙක් අපෙ ක්ලාස් එකට ඇන්ටර් වූයේය. කොරිඩෝවෙන් පන්තිය ඇතුලට විත් හිටගත්තේය. පන්තියම තක්කු මුක්කු වෙලාය. සර්ට හැමෝම බයය.

"හා දැන් නැඟිටිනවා බලන්න ඉස්කෝලෙ ශිෂ්‍ය නායක වෙන්න කැමති උන්"

බහුතරයක් නැඟිට්ටාහ. එහෙම නැගිට්ටවා සිල්ලරට පට්ටම් දෙනවා නම් හෝල් සේල් ගැනීමට හැමෝම කැමතිය. සෑමා ද ඒ අතර වූයේය.

"හා හා.. මේ ඔක්කොම ශිෂ්‍ය නායක වුණාම කවුද ඉතිරි වෙන්නේ.."

සෙනඟ අඩු කිරීමට සර් උපක්‍රම සෙව්වේය.

"හා තමුසෙ ඉඳගන්නවා.. තමුසෙ කොට වැඩියි. හා.. තමුසෙ උස ගානට.. තමුසෙ ඉන්නවා.."

සර් ප්‍රේමදාස කාලයේ අයෙක් විය යුතුය. උස උන් ශිෂ්‍ය නායක ලෙසත්, මිටි උන් ශිෂ්‍ය ලෙසත් ලේබල් ගසා සර් වැඩේ ගොඩ දැම්මේය. ඒ තියරියම අපේ කාලේ ප්‍රේමදාසයානෝ පාවිච්චි කළ බව සෑමාට සිහිවුයේ මෑතකදීය. කෙසේ හෝ ඒ කාලයේ අවසනාවන්ත මිටි අපි වැනි උන් ශිෂ්‍ය ලෙස ලේබල් ගසා පුටු වල නැවත හින්දුවේය.

ඉන් පසුව අප දහම් පාසලේ ශිෂ්‍ය නායක තේරීමේ ඉන්ටර්විව් එකක් තිබුණේය. එයට රැගෙන ආ යුතු ලිය කියවිලි ලිස්ට් එකක් ලැබුණේය. තමන් මෙතෙක් ලද සියළු සහතික, දැනට දහම් පාසලේ පන්තියේ ලියන සියළු පොත් පත්, සහ වාර්ථා පොත ඒ අතර විය. ලියන පොත් බලන නිසා ඉන්ටර්විව් ආ සියල්ලෝම පිළිවෙලකට පොත් සකසාගෙන ආවෝය. සමහරු පොතම නැවත මුතුවන් අකුරින් ලියාගෙන ආවේ පත්වීම ලබන්නටය. වාර්ථා පොතේ පහ වසරේ සිට සියළුම ඉතිහාසය සටහන් වී තිබුණේ විෂය බාහිර ක්‍රියාකාරකම් සහිතවය. පෝ දාක උදේ ආරම්භ වූ ඉන්ටර්විව් එක අවසන් වූයේ හවස් ජාමයේය. ඉවසීම නැති උන් මඟදී නැඟිට ගෙදර ගියෝය. රැකියාවකට ගනිද්දීවත් නොකරන මට්ටමේ මහ ලොකු ඉන්ටර්විව් එකක්ය. දහම් පාසලකට තරම් නොවන මට්ටමේ උනත් ප්‍රායෝගිකය.

සෑමා පාසැල හා දහම් පාසල සංසන්දනය කරන්නට නොගියේය. එහෙත් උස නම් සිකුරිටි මිටි නම් කම්කරු තියරිය මීට බොහෝ කළකට ඉහතදි භාවිත කළ බව පමණක් මතක් කර දුන්නේය.

Written_by_sAm_ශ්‍රී_11:15pm_21/11/2017

Wednesday, November 15, 2017

කොල්ලෙක් වෙනුවෙන් බිලි වීම.. - Die for a Friend !!


ඔබට ඔෆීස් එකේ නප්පෙට කෙලවූ අවස්ථාවක් නොතිබූ තරම් නැති තරම් විය යුතුය. එවැනි අවස්ථාවක ඔබේ ඔෆීස් එකේ මිතුරෙක් ඔබ ලඟට පැමිණ ඔබගෙන් මෙසේ ඇසුවේදැයි සිතා බැලිය යුතුය.

"මචං කේස් එක දරුණුවටම යනවා.. උබට කේස් එකක් පත්තු උනොත් මම වැඩේ බාර ගන්නම් ද? එතකොට උබට බේරෙන්න පුලුවන්.."

දරුණු කේස් එකක්ය. පත්තු වුනොත් ගෙදර යන්න වෙන තරම්ය. ඔෆීස් එකේ එකෙක් උබෙ වැරැද්ද, උගෙ කර ගැනීමට ඉල්ලා සිටින්නේය. සිහිනයක්ය. නැත්තම් ඌ පිස්සෙක් විය යුතුය. එහෙම එව්වා ඉන්දියන් නාට්‍ය වලවත් නැතිය. එහෙව් තව එකෙක් ගේ කේස් එකකට බෙල්ල තියන උන් ඔෆීස් වලදි නම් සෑමා දැක නැත්තේය. එවැනි අවස්ථාවක ඇඩ්වයිස් දෙන උන් නම් සිටින්නෝය. එක්කෝ උබව ගොඩ දැමීමටය. නැත්තම් ප්‍රශ්නය බරපතල් කිරීමටය. බොර දියේ සාරි ගප්පියෙක් හොයා ගන්නටය. විටක ගෝල්ඩ් ෆිෂ් කෙනෙක් දකින්නටය. 



හැබැයි එහෙම උන් සෑමා දැක ඇත්තේය. ඒ පාසැල් කාලයේය. ඕනෙම එකෙක්ගේ සීන් එකකට බෙල්ල තැබීමට ඕනෙම එකෙක්ගේ සීන් එකකට එන්ටර් වීමට බොහෝ උන් පොර කෑවෝය. ඒ පාසැල් කාලයේය. එදායින් පසු එහෙම උන් මලාද දන්නේ නැතිය. සීන් එක සරලය. ඒ කාලේ වෙන එකෙක් ගේ සීන් එකකට බැනුමක් හෝ ගුටියක් කාපු එකෙක් වීරයෙක්ය. මිතුරා වෙනුවෙන් දිවි දීමක්ය. මොරාල්ය. ගැම්මය. ෆිට් එකය. පාසැලෙන් ඉවත් වූදා සිට උන්ව කවුරුන් හෝ සමූල ඝාතනය කරන්නට ඇතිය.

නැහැ සිද්ධිය සරලව මෙසේය..

පාසැල් කාලේ ඉන්නේ කල්ලි වශයෙන්ය. පාසැලෙන් ඉවත් වූ දා සිට කල්ලි කැඩෙන්නේය. උසස් පෙළින් පසු කට්ටිය තැන් තැන් වලය. එවිට කල්ලි කුඩා වී ශේෂ වී යන්නේය. නැවත කට්ටිය එක් රැස් වෙන්නේ අවුරුදු දෙකකටවත් පසුය. සරල සිද්ධාන්තය එසේය. තනි වී ජොබක් හොයන්නට, කෝස් එකක් කරන්නට, කැම්පස් යන්නට හැප්පෙන තුරු කල්ලි නැතිය. එවිට දැනෙන්නේ පාසැල් යන කාලේ ආතල් එක නොවේය. ඒ තනිව හැප්පෙන කාලයේ සිට කාගෙවත් කෝච්චියකට බෙල්ල තියන්න හෝ අත දමන්නටවත් හොඳ නැති බව තේරුම් යන්නේය. පාසැල් කාලේ නම් ඕනෙ සීන් එකට බෙල්ල තිබ්බොත් උපරිමය වන්නේ ගෙදරින් ගෙන්වීම හෝ පන්ති තහනම් කිරීමය. එව්වාද ආතල් සීන් මිස ජීවිතයට හානියක් වෙන තරම් දේවල් නොවේය.

මෑතකදී සෑමාගේ මිත්‍රයෙක් කියූ අපුරු කතාවක් සිහි වූ නිසා අනුන්ගේ සීන් වලට එන්ටැර් වීම ගැන සිහි වූයේය. මිතුරා කිව්වේ ඔහුට වෙච්ච සිද්ධියක්ය. ඒකත් ආතල්ය. සෑමාට වෙච්චි සීන් එකක් ලෙස ලිව්වොත් අනිවාර්යෙන් මඩ වදිනවා ෂුවර්ය.

අපෙ මිතුරා පාසැලේ ගේට්ටුව ලඟදී අත් අඩංගුවට ගෙන ඇත්තේ කොණ්ඩය නොකැපීම සම්බන්ධයෙන්ය. ඒ කාලේ අපේ උන්ව කොණ්ඩයට ඇල්ලුවොත් කරන්නේ පෝලිමේ පිට්ටනිය මැද්දට ගෙන යාමය. පසුව ප්‍රින්සිපල් බාබර් වන්නේය. පිට්ටනිය මැද පෝලිමේ ඉන්න උන්ගේ කොණ්ඩය අසමජ්ජාති විදිහට කැතට කපන්නේ ප්‍රින්සිපල්ගේම සුරතින්ය. එදාට කොණ්ඩය විනාශ වූවෝ සිටින්නේ හැංගෙමින්ය. කාටවත් මුහුණ දෙන්නට බැරි විදියට කොණ්ඩය කපන්නේ පාඩමක් ඉගෙන ගන්නටය. කෙසේ හෝ අප මිත්‍රයා කොණ්ඩය නොකැපීමේ වැරදි පෝලිමේ සිටිද්දී ඔහුගේ තවත් මිතුරෙකු පැමිණ ඇත්තේය. ඒ ඔහු ගේට්ටුවෙන් එන්ටර් වී පාසලට ආ මොහොතේමය. 

"මොකො බං මෙතන.."

"කොණ්ඩෙ වැඩිලු බං.. මාව ඇල්ලුවා.. පෝලිමේ ඉන්න කිව්වා.."

"පොඩ්ඩක් හිටහං.. මාත් එනවා උබත් එක්ක.."

අන්න ඌ බෙල්ල තිබ්බේ එසේය. කොල්ලා ෆිට් එකය. ගැම්මය. අපේ එකෙක් වැරැද්දට අහු වෙලාය. තනියෙන් ඉන්නට දෙන්න හොඳ නැතිය. කනවා නම් එකා මෙන් ගුටි කෑ යුතුය. බෑග් එකත් එල්ලාගෙන මිත්‍රයා පෝලිමේ සිටියේය.

"කට්ටිය පෝලිමේ යමු ඔහොම ඔෆීස් එකට.."

හෙඩ් ප්‍රිෆෙක්ට්ය. පණ්ඩිතයාය. පිනාට මුට්ටිය ය. ටීචර්ලාට පන්දම ය. ප්‍රිෆෙක්ට්ස් ලා ඔක්කොම එකය. මුන්ට කෙලවන්න ඕනෑය. එකා මෙන් ගුටි කෑ යුතුය. උන්ට පෙන්විය යුත්තේ අපේ ශක්තිය ය. නැත්තං මුං හිතන්නේ අපි එකාට එකා නැහැ කියාය. උන්ගේ සෙට් එක පොඩ්ඩය. බහුතරය අපේය.

පෝලිම ශේප් එකේ ස්ටාෆ් රූම් එක පහුකරගෙන ඔෆිස් එකට ඇදෙන්නේය. ඉස්සරහ උන් හැංගෙන්නට හදන්නෝය. පස්සේ උන් කකුල් පන නැති ගානටය. සියල්ල සිදුවන්නේ හෙමින්ය. ප්‍රිෆෙක්ට්ස් ලාට තදියමය. උන්ට ඕනෑ වැටෙන ලකුණ ඉක්මනට දමා ගන්නටය. 

"ආ.. මේ පුතා මොකද මෙතන..??"

ටීචර් කෙනෙක් ස්ටාෆ් රූම් එකින් එලියට එද්දී අපෙ මිත්‍රයාව දැක ඇත්තේය. අපෙ එකා ටීචර්ට තත්වය පහදා දී ඇත්තේය.

"නෑ ටීචර් මේ කොණ්ඩේ වැඩියි කියල ඇල්ලුවා.. ඒත් පැත්තට පීරුවම පේන්නෙත් නැහැ.."

අපෙ මිත්‍රයා වැරදි නැති බව පෙන්නුවේය. ටීචර්ද ඌට සපෝට්ය. ප්‍රිෆෙක්ට්ස් ලා බලාගෙනය.

"පිස්සද?? ඔය වැඩි නැහැ.. යනවා යනවා පන්තියට.."

ටීචර් අපෙ එකාව ගොඩ දැම්මේය. පිටිපස්සෙ සිටි බෙල්ල තිබ්බ එකාගේ ඇස් ගියේය. අපෙ එකාටද කර ගන්නට දෙයක් නැතුව අවුල් සීන් එකේ පන්තියට ගොස් ඇත්තේය. මොහොතකින් කොල්ලා වෙනුවෙන් බෙල්ල තිබ්බ මිත්‍රයාද පන්තිය පැමිණ ඇත්තේය.

"අඩෝ සොරි මචං.. මොකෝ උනේ.."

"බෑග් එක තියල යන්න බං ආවේ.."

"ඇයි ඇයි... මොකෝ උනේ.."

"ඔක්කොම වැරදි කරපු උන් එකතු කරලා රැස්වීමක්.. මම ගිහින් එන්නමි බං.."


අන්න එදා සිට පාසලෙන් ඉවත්ව ගිය උන්, තව එකෙක් වෙනුවෙන් බිලි වීම නවත්වන්නට ඇතිය. නැත්තං ඔෆීස් වල, සමාජයේ, ඉන්නා උන් මෙච්චර ආත්මාර්ථකාමී වෙන්නට මෙතරම් ඉඩක් නැතිය.

Written_by_sAm_ශ්‍රී_11:25_15/11/17

Monday, November 13, 2017

කෙල්ලගේ ගෙදර පළමු රැය... - First Night at Girl's Home !!



සෑමා ඉස්කෝලෙ යන කාලෙ නම් ආදරය මේ තරම් ඇඩ්වාන්ස් නැතිය. දැන් කාලේ ආදරය පට්ට ෆෝවර්ඩ්ය. ෆස්ට් සයිට් එකෙන් ලව්ය. දැක්ක දවසෙ ඉදන්ම ලව්ය. ඉස්සර ඒකට කිව්වේ හිත ගිය තැන මාලිඟාව කියාය. දැන් උන්ට සියල්ල ෆස්ට් සයිට් එකෙන් නිසා දකින හැම එකටම ලව්ය. හැම තැනම මාලිඟාය. ඒකත් ආතල්ය. දැක්ක ගමන් නම්බරය ඉල්ල ගත්තේ නම් ගොඩය. නැතිනම් නම අසා ගැනීම සෑහෙන්නේය. නම්බරය ඉල්ලා ගත් දා සිට වයිබර් හා වට්ස් ඇප් හෝ ඉමෝ මගින් පට්ට ඇක්සස්ය. නැති නම් නම බලා බුකියේ සර්ච් කිරීම සෑහෙන්නේය. ඉතිං දැන් ලව පට්ට ස්පීඩ්ය. ඇඩ්වාන්ස්ය. ඒ එක්කම සෙක්ස් නම්  නතිංය.

ඒ කාලේ සෙක්ස් කියන්නේ මහ දෙයක්ය. කොල්ලා කෙල්ල එක්ක සෙට් වෙලා මුලින්ම අතින් ඇල්ලූ දා පළමු සෙක්ස් කළ දා කියා ගණන් හැදුවාට කාරි නැතිය. ඒ තරමට ලං වීම හෙනම අමාරුය. අතින් අල්ලා දෙවෙනුව කිස් එකක් දුන් දා එවරස්ට් තරණය කළාට වඩා හතිය. ක්ලාස් එකක් කට් කිරීම, බීච් යාම, ෆිල්ම් එකක් බලන්නට යාම දක්වාද, එතනින් එහාටද යෑම මහා දෙයක්ය. දැන් නම් ලව් නතිංය. සෙක්ස් ඊටත් වඩා නතිංය. ලං වෙලා බැරි නම් ඔන්ලයින් හෝ වීඩියෝ හෝ කළ හැකිය. තාක්ෂණය සමඟ සියල්ල ඉක්මන්ය. වටිනාකම අතින් පහත්ය. ඉස්සරහට මොනවා වෙයිද කිව නොහැකිය.

එහෙම අමාරු කාලයක අපේ එකෙක් කෙල්ලෙක් සෙට් කර ගත්තේය. කොල්ලා කෙල්ලගේ ගෙදර යන්න ගත්ත කාලයේද සිටියේ හෙන ඩෑල් එකක් වගේය. අඩෝ මම දැන් කෙල්ලගේ ගෙදරත් යනවා සීන් එක මාර කික්ය. කෑලි නැති උන්ට, ගෙදරට හොරෙන් ලව් කරන උන්ට අපෙ මිත්‍රයා ඩෑල් එකක් වී සිටියේ ඒ සමයේය. ගෙදර ගියාට හැබැයි සම්බාධක බොහෝ බව ප්‍රසිද්ධ රහසක්ය. කවුරුත් ගෙදර නැති වෙලාවට ගෙදරට එන්ටර් විය නොහැකිය. කෙල්ල තනියම නම් කේස්ය. අම්මා හිටියත් ටිකක් අවුල්ය. ගෙදර පිරිමි පරානයක් නැතිනම් කොල්ලාට ලිමිටේෂන්ස්ය. ඒත් අපේ එකා එව්වා සමාජගත් නොකළේය. අපෙ උන්ද එව්වා කොහෙන් හෝ අල්ලා ගන්නේ කොල්ලාව විනාස කරන්නටය. මොකද ඌ කෙල්ලගේ ගෙදර යන මට්ටමට අපට වඩා ඉහල තැනක සිටි නිසාය.

එහෙව් කෙල්ලගේ ගෙදරට යන කොල්ලන්ට ලැබෙන චාන්ස් කිහිපයක් තිබෙන්නේය. කෙල්ලගේ ගෙදර කිසියම් බර වැඩක් තියෙන්නේ නම් කොල්ලාටද එයට ආරාධනා ලැබෙන්නේය. වැඩේ කොච්චර අබ්ලික් වුණත් කොල්ලා බැහැලා සීන් එකට බහින්නේ කෙල්ලව මොහොතකට හෝ තමන් ලඟ තනිකර ගැනීමට අවස්ථාවක් බලාපොරොත්තුවෙන්ය. බොහෝ විට බිදී යන එවැනි බලාපොරොත්තු ශෝකානුකූලය. කෙල්ලගේ ගෙදර මලගෙයක් නම් කොල්ලා නයිට ගසන්නේ දවස් හතමය. ඒ සඳ ඇති රැයක කෙල්ලගේ රුව සඳ එළියේ බලාගන්නට විය හැකිය. නැතිනම් සඳ ගිණි ගනී චිත්‍රපටයේ ට්‍රේලරය හෝ බලාගැනීමටය. දානයක්, පිරිතක් වගේ නම් කොල්ලා අත අරින්නේද නැතිය. අද කාලේ නම් කෙල්ල ගෙට වූ දා සිට කෙල්ලගේ පාටිය ගන්නා දින දක්වා කෙල්ලගේ ගෙදර වැඩපල කර දෙන් ආදරවන්තයෝද සිටින්නට පුලුවන්ය. ඒ තරමට දැන් ආදරය ස්පීඩ්ය.
  
ඔහොම කොල්ලන්ට චාන්ස් නැති ඒ කාලේ අපේ මිතුරෙක්ට නියම පල්ලමක් සෙට් වුණේය. කොල්ලා කෙල්ලගේ ගෙදර ගිය වෙලාවක්ය. ගෙවල් දෙකෙන්ම ලව් එක ගැන දැනගෙන සිටියෝය. පර්මිෂන් ද ලැබී තිබුණේය. එහෙත් කොල්ලා කෙල්ලගේ ගෙදර නයිටක් ගසා තිබුණේම නැතිය. හවස තේ එකක් බොන මොහොතේ තිබුණු චිරි චිරි වැස්ස ධාරාණිපාත වැස්සක් බවට පත්වන්නට ගියේ සුළු මොහොතක්ය. කළුවර බොහෝය. අකුණුද අහස පොලොව නුහුලන තරම්ය. කොල්ලා එහෙ ගියේ බයික් එකකය. රේන් කෝට් එකකට දරන්න බැරි කුරිරු වැස්සය.

"අප්පා පායන පාටක් නැහැ වගේ.." කොල්ලා බොරු සුසුම් හෙලන්නේය.

"මේ වැස්සෙ කෝම යන්නද?" කෙල්ල නෙගටිව් ටෝක්ස් මය.

"තව ටිකකින් පායයි. පුතා ටිකක් බලලා යන්න.." නැන්දම්මා පල නොකියා පලා බෙදමින්ය.

මාමණ්ඩී සද්ද වහලාය. විටක කොල්ලාගේ දුක තේරුම් ගෙන විය යුතුය. ටීවීත් බලන්නට බැරි තරම් ගොරවන හඬය. මාමණ්ඩී සෝෆාවේ පත්තරයක් බලමින් සිටියේය. නැන්දම්මා කුස්සියේය. විටක සාලයට ඔළුව දමමින්ය. ලිප ලඟ සිටිමින් සාලයේ සංවාද වලට උත්තර දෙමින්ය. වැස්ස වැඩි වන ලකුණුය. කෙල්ල රූම් එකේ සිට කොල්ලාට ටෙක්ස්ට් කරමින්ය.

"ඔයාට යන්න බැරි වෙන්නමයි ඕනෙ.."

"මේක පායන පාටක් නැහැ. පුතා පුලුවන් නම් අද මෙහෙ නවතින්න." මාමණ්ඩිය කිව්වේ පත්තරය පසෙකට තබමින්ය.

"ඉන්නව නම් පුතා ගෙදරට කෝල් එකක් දිලා කියන්න" ඒ නැන්දම්මාය.

"එහෙනම් මම කෝපි එකක් හදන් එන්නම්." ඒ කෙල්ලය.

"පුතාට ඉස්සරහ කාමරේ ලෑස්ති කරලා දෙනවා හොඳයි.." ඒ මාමණ්ඩිය ය.

සියළු ඇප්රූවල්ස්, ඇරේන්ජ්මන්ට්ස් අස්සේ කස්ටිය සාලයෙන් ඩිස්මිස් විය. ගෙදර හෙන කළබලයක්ය. මොහොතකින් කෙල්ල ආවේ කෝපි කෝප්පයක් සමඟය. කොල්ලා මිසින්ය. හිටි තැන නැතිය. හෙල්මට් එකත්, ජැකට් එකත්, බයික් එකත් සමඟ මිසින් ය. අම්මාත්, තාත්තාත් පැමිණ ගේ පුරා හෙව්වේ කෙල්ලගේ කොල්ලා කෝ කියාය.

"කොල්ලට ලැජ්ජ හිතුණද දන්නෑ.. අපි එහෙම නම් ඒ කාලේ පැනලා නවතින්නේ.." මාමණ්ඩීය.

"අනේ හැදිච්ච කොල්ලෙක්.." ඒ නැන්දම්මාය.

"අයියෝ ෆෝන් එකත් ආන්සර කරන්නෙ නෑ.." ඒ කෙල්ලය.

සියළු දෙනාගේ කමෙන්ට්ස් මැද ගෙදර දොර වැසුනේය. කස්ටිය වැස්ස නිසා නිදා ගන්නට සූදානමය.

ටොක් ටොක් ටොක්..

දොරට ගසන සද්දයක්ය. මාමණ්ඩිය ගොස් දොර ඇරියේය. නැන්දම්මාද ඉස්සරහට ආවේ මේ වෙලාවේ කවුද කියාගෙනය. කෙල්ල කාමරයෙන් ඔලුව දොට්ට දමාගෙන සිටියාය.

අම්මට උඩු කොල්ලාය. ජැකට් එක, කලිසම සියල්ල තෙමීගෙන නැවත ගෙදර ඇවිත්ය.



"කොහෙද පුතා ගියෙ.." ප්‍රශ්න කෝටියකින් එකක්ය.

"නෑ අප්පා.. මම ගෙදරට දුවල ආවා රෑට අදින්න ඇඳුමක් අරගෙන.."


Written_by_sAm_ශ්‍රී_7:48pm_13/11/2017

Friday, November 10, 2017

සියාතු සීයාගේ අහේතුවට තෙල් ගැසීම.. Siyathu's Unwanted Top Up !!!


පාර පාළුවට ගිහිල්ලාය. වාහන අඩුය. පැස්ටෝල් වාහන දුලබය. ඩීසල් වාහන සුලබය. පාර අයිනට ගිය සෑමා දත් මැද්දේ වාහන ගණන් කරමින්ය. අම්මට උඩු නැව තාම මඟය. කොලෙස්ට්‍රෝල් ආදී තෙල් ප්‍රශ්න නැති ලොතැරැයි විකුණන අයියා ඈත සිට එන්නේ රූං කියාගෙනය. මෑන්ස්ට ප්‍රශ්න නැතිය. ආතල්ය. පාරේ වාහන අඩුය. ෂෙඩ් එකක් ලඟ පෝලිමකට කිට්ටු වී හිටගෙන සිටියත් ඇතිය. අද බයිසිකලේ පැදිය යුතු නැත. පෝලිමට ලොතැරැයි ටික විකුණ ගත හැකිය. කවදාවත් කොලිටි නැති ලවුස් පීකරෙන් නන්දා මාලනිය ගයන්නීය.

"මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ- අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමග - තනිවම..."

ටිං ටිං ගා මියුසික් සද්දය ආවේ ඒ වකුටු ලවුස් පීකරයෙන්මය. ඒ වර්ස් එක අවසන නැවතත් සුපුදුරු ගීතය ඇසෙන්නේමය.

"රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ..
නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ..."

සුපුරුදු ගීතය අද මහා කික් එකකින් ඇසෙන්නේය. පාර කිසි කලබලයක් නැතිය. ඇඳිරි නීතිය දැම්ම වගේය. ඒ අස්සේ කවදාවත් පාරට දාන්නේ නැති මට්ටමේ වාහනත් පාරට දාලාය. ඉදලා හිටලා හෝ වාහනයක් යන්නේ ගැරේජ් එකක මුල් ඇදලා තිබ්බ එව්වා වගේය. ඈත තියාම පාර පුරා පැමිණි වාහනයක් සෑමා අසල නැවැත්තුවේය. මොරිස් මයිනර් එකක්ය. ඇන්ටික්ය. 

http://www.express.co.uk/news/uk/729595/Morris-Minor-owner-classic-car-John-Neve-reliable


අම්මට උඩු සියාතු සීයා අලුත් වාහනයක් අරන් ය. අලුත් කිව්වාට මොරිස් මයිනර් එකක් ය. සෑමා සීයාව ඉන්ටර්විව් කළේය.

"නෑ පුතා අලුත් එකක් නෙවෙ, මේ අපි වෙසක් බලන්න යන කාර් එකනෙ..."

"ආ.. අර අවුරුද්දකට පාරක් එළියට දාන එකද?"

"හෙහ් හේ.. ඔව් පුතා තෙල් ප්‍රස්න නේ.. ෆුල්ම ටෑන්ක් කළා.."

"හැබැයි බඩු පරණ උනාට තාම ලෙසටම වැඩ නේද සීයේ.."

"නැතුව නැතුව.. උබට කියන්න කොල්ලෝ ආච්චිත් ඔයට ටිකම තමා කියන්නෙ.."

"ඔව් නේ.. හැබැයි චැසිය මැද්දෙන් පොඩ්ඩක් එන්ජිම පාත් වෙලා වගෙ නේද? මම හිතන්නෙ එන්ජින් මවුන්ට් එකක් ගිහිං වෙන්ටෑ.."

"ඒත් මොකැ බං බඩු වැඩනේ.." සීයා කිව්වේ සැකෙන් මා දෙස බලමින්, දඩිබිඩියේ කැහැපොට ගැසූ සරම පහළට දමමින්ය.

"ඇත්තටම සීයේ එන්ජින් අවුල් ගිහිල්ලම නැද්ද, මොනව වුනත් පරණයි නේ.."

"අනෙ මන්ද බං ගිය ආණ්ඩුව කාලෙ එන්ජිම සීසර් වුණා.."

"හෑ සීසර්.."

"ඔව් බං අර බාල තෙල ගහලා සීසර්ද මොකක්ද වෙලා ඇන්ජිම සුද්ද කෙරෙව්වා.."

"ආ සීස් වෙලා.."

"අන්න ඒක වෙලා බං.. ඊට පස්සෙ මමත් ඇරියෙ නැහැ. පදින්නෙ නැතුව ගෙදරම තිබ්බා. නැතුව කෝමද බං මේවා පරිස්සම් කරන්නෙ.."

"සීයා ආච්චිවත් පරිස්සම් කළෙ පදින්නෙම නැතුව තියන් ඉදලද?"

"අනෙ මේ මගෙන් අහංගන් නැතුව ඉදිං. බාල එව්වැං ගැහුවම තමා කෙල වෙන්නෙ. මම ම ගහං ඉන්න කොට අවුලක් වෙන්නෑ.."

"හරි හරි ඉතිං දැන් සීයා කොහෙද යන්නෙ ඕකෙ..??"

"මම කියලා.. කොයි යන්නද පුතා.. ලබන පාර වෙසක් බලන්න යන්න සෙට් වෙමු.. බඩු හෑව්.."

"එහෙනම් සරුයි ඈ..??"

"මොන සරුවක් ද පුතා කෑමට බීමට වියදම් පවා කපලා තියෙන්නෙ, ෆුල්ම ටෑන්ක් ගහලා අතේ සල්ලිත් නෑ.."

"ඉතිං බං සීයේ වැරදි නැද්ද වැඩේ..??"

"ඇයි.."

"මේ තෙල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන අස්සෙ තෙල් ටික ගෙනිහිං ගෙදර තියන් ඉන්න එක??"

"උබට පිස්සුද? දැන් බලහං අපෙ රටේ දහයෙ කාසි හිඟයක් ආවා. තාමත් තියෙනවා. මොන එකාද කාසිය කැටේට ඔබන එක නැවැත්තුවේ?"

"ඒ උනාට සීයෙ.."

"ඒ උනාට නෙවේ. රට ගැන හිතන උන් ඉන්නව නම් යකො දහයෙ කාසි තයෙන්න එපෑ."

"කාසිය වගෙද සීයේ මේ වෙලාවෙ තෙල්??"

"යකෝ මේක රටක්. ගෙයක් දොරක් ඈ. උන්ට රටට ඕනෙ කරන තෙල් අවුරුද්දකටවත් ඇති වෙන්න ඉස්ටොක් කර ගන්න බැරි නම් අහවල් රෙද්දට ද අපි ඇබරෙන්නෙ. අපි ගෙදරට ඕනෙ ප්‍රමානෙන් වත් ඉස්ටොක් කර ගන්නැතුව."

"බලං ගියාම ඒකත් හරි සීයෙ.."

"බල බල ඉදාං.. රට ගැන හිතලා කෙලෝ ගං. නැත්තං උබ ගැන හිතලා වත් හැදියං. මේ සිරිලංකාව හදන්න බොටයි මටයි බෑ. අර ඇතුලෙ ඉන්න උන්ටත් බැරි නම්.. මං යනවා.. දත් මැදලා ඇති නම් කට හෝදලා මූණත් හෝද ගනිං..."

සීයාට මල දෙපිටින් ගිහින්ය. හරියට සෑමා නැව නැවැත්තුවා වගේය. 

"නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ..."

සියාතු සීයා කැපුනේය. මයිනරය පාර පුරා රුවල් බිඳුනු නැවක් සේ නොපෙනේ ගියේය.

Written_by_sAm_ශ්‍රී_6:55pm_10/11/17

Wednesday, November 8, 2017

කබරයාගේ මානව හිමිකම් සුරකිමු.. - Lets protect Monitor's human rights !!


ටිකිරි ම ටිකිරි ලියා කළෙත් අරන් ලිදට ගියේ ගොඩක් කාලෙකට ඉහතදීය. අපි පොඩි කාලෙටත් කලින් නිසා අනිවාර්යයෙන් වසර තිහකටත් වැඩිය කලින් දවසක විය යුතුය. ලිඳ වටකර කබරගොයා සිටියදී කකුල කෑවේ දියබරියාය. එද කිසියම් විජාතික බලවේගයක් තිබුණා නම් ඒ නඩුවද සෙට් වෙන්නේ කබරගොයාටය. අද වෙන විට කබරගොයා හෙවත් කබරයා ඒ තරම් පජාත වී ඇත්තේය. ඌ කොටින්ම කිව්වොත් පවුය. අවුරුදු තිහකටත් එහා දී ඌ එදා බේරුණද, එදා සිට අද දක්වාම කබරයාට වෙන්නේ කාටවත් සිදු නොවිය යුතු පව් සීන්ය. හැම කෙලියකටම අහු වෙන්නේ ඌය. ඉතිං ඌගේ මානව හිමිකම් ආරක්ෂා කළ යුතුය. ජිනීවා ගොස් හෝ කබරයාගේ තත්වය ආරක්ෂා කරගත යුතු බව සෑමාගේ අදහසය.



මොන්ටිසෝරියේදී දියබරියා පිට නඩුව වැටී කබරයා සාධාරණ ලෙස ගැලවුනේය. එහෙත් එක වසරේ සිටම කබරයාට සිදු වූයේ නොසන්ඩාල වැඩය. අසාධාරණ වැඩය. පන්තියේ ඉන්න එපාම කරපු එකා මොනිටර් වූයේ එක වසරේ සිටය. ඌ ටීචර්ට කේලාම් කියන එකාය. ටීචර් පන්තියට එන්නට අමතක වූ විට ටීචර්ව කැන්ඳන් ඇවිත් ලකුණු දා ගන්නා එකාය. ටීචර් නැති වෙලාවට කතා කරන උන්ගේ නම් කොලයක ලියා ටීචර්ට රිපෝට් කරන එකාය. කොටින්ම කිවහොත් පන්තියේ ඉතිරි බහුතරය, එකාධිපතියෙකු ලෙස තනිවම ටීචර්ට කුත්තු කරපු එකාය. ටීචර්ගේ සාරි පොටේ එල්ලී අනික් උන් පාවා දුන් එකාය. එහෙව් එකෙක් මොනිටර් වෙද්දී ඉංගිරිසි කබරයාට සිදු වන්නේ කීර්ති නාමයට හානියක්ය. අනිත් සත්තු අතර කොන් වීමක්ය. ඉතිං කබරයාගේ මානව හිමිකම් සුරැකීමට නම් ඌ වෙනුවෙන් අපි ජිනීවා යා යුතු නොවේදැයි ප්‍රශ්න කළ යුතුය. 

මිනිස්සුන්ට ලෙඩක් හැඳුනොත් ඒකත් යන්නෙ අහිංසක කබරයා පිටින්ය. එකක් පොතු කබරය. අනෙක සුදු කබරය. හොඳ කරන්නට අමාරු බව කියන්නේය. සිංහල බෙහෙත් වලට හොද කළ හැකියි කියන්නේය. චර්ම රෝගයක්ය. හැදෙන්නේ මිනිස්සුන්ටය. නම චාටර් වෙන්නේ කබරයාගේය. කැලේ ඉන්නා ඌ කිසිම සම්බන්ධයක් නැතුව අහක යන ලෙඩකට නම ගාවා ගන්නේය. වැඩේ උපරිම කැතය. අපේ සෙට් එකේ කොල්ලෙක් සිටියේය. ඌට ගුටි පන්දු වලින් කොපමණ ගුටි කෑවත් ගානක් නැතිය. උගේ හම හෙන ඝණකම් බව කොල්ලෝ කීවෝය. සමහරු කිව්වේ ඌට තියෙන්නේ කබර හමක් කියාය. ඒ හමත් කොල්ලෙක් ගේය. පැත්ත ඉන්නා කබරයා චාටර් වන්නේය. ඉතිං කබරයා ගේ මානව හිමිකම් රැකිය යුත්තේ නොවේදැයි නැවතත් ප්‍රශ්නයක්ය.

අඩියක් පුඩියක් ගසන්නට සැට් වෙන්නේ මිනිස්සුය. උන් ගන්නේ ආතල් එකක්ය. බොන අතර බයිට්ය. කඩලය, පෝක් ස්ටූය, ඩෙවල්ය. පරණ කතාය. අතීත කාමයේය. අනාගත සිහිනය. සැරසිලි කතන්දරය. සිංදුය. බොංගෝය. ඩොල්කිය. ආතල්ය. සියල්ල නිමා වන්නේ සතුටකින්ය. ඒත් පොඩ්ඩක් ගැස්සුනොත් පහර කන්නේ අහක ඉන්නා කබරයාය. අඩෝ හරියට කන්න බැරි වුණාය. සේරම අන්තිම ෂොට් නිසාය. ලඟ නමපු නිසාය. දහසක් හේතුය. සියල්ලට මුල කබරයාය. කබරයා සෙට් වීමය. ඉහත හේතු කියමින් වසන්නේ තමන්ට වමනය යෑමේ ප්‍රතිඵලයය. කබ්බාය. කබරයාය. කන්නේ බොන්නේ ආතල් ගන්නේ මිනිස්සුය. පොඩ්ඩක් ගැස්සුනොත් සියල්ල යන්නේ කබරයා පිටින්ය. කෙසේ හෝ පැත්තක ඉන්නා බේබද්දෙක්, නිතරම කබරයා දාන නිසාම, අහිංසක කබරයාගේ නමින් පිඳුම් ලබන්නේය. කබරයා පව්ය. ඌ ජිනීවා යා යුතුමය.

සියල්ල එසේ සිදු වෙද්දී මිනිසුන් අල්ලා ගන්නා සියළු කබරයින් මුදා හරින්නේ කැළයට නොවේය. බඩ කලත්තමින් පිබිදීගෙන එන කබරයාව ගෙදර ගොස් අතාරින්නේ බාත් රූම් එකටය. නැතිනම් කොමඩ් එකටය. ඌ පව්ය. අවසන මරණය මය. සතෙකු ජීවත් වන්නේ කැළයේ නම් ඌට නිදහස හිමි විය යුත්තේ කැළයටමය. මරණය ස්භාවිකවම කැළයේදී සෙට් වෙනවා නම් ඌත් සතුටුය. නැති නම් ජීවිත කාලය පුරාම මානව හිමිකම් කඩවන කබරයාට නිදහස් ගමනක් නැතිය. ජිනීවා යා නොහැකි කබරයා වෙනුවෙන් කළ හැකි එකම දෙය නම් ඌව නිදහස් කළ යුත්තේ කැළයටමය. බාත් රූම් ගලියට නොවේය.

Written_by_sAm_ශ්‍රර්‍_Perera_11:37_07/11/2017

Monday, November 6, 2017

ප්‍රශ්ණය තෙල් නොව දාම්ය... - Matter is Dam not fuel !!


හන්දියේ සිට පෝලිමය. ශෙඩ් එකටය. බෝතල් ගත් එවුන්ය. ත්‍රීවීල් බයික් ඈතින් පාර්ක් කරලාය. වාහන පෝලිම අවුල් නිසාය. ඈතින් පාර්ක් කර පෝලිමේය. ඒ අතර ත්‍රීවීල් වලම ආ ඩෑල්ය. දවසම ඉන්න බලාගෙනය. සියළු කටයුතු අත් හැරලාය. එදා වේල සොයා ගන්නටය. පෝලිමේය. පෙට්ට්‍රල් ගහන්නටය. සමහරක් පත්තර දිග හැරගෙනය. සමහරක් නිදිය. කරන්නට දෙයක් නැතිය. පොම්පය හිස්ය. තෙල් නැතිය. එන තුරුය. බවුසරය එනතුරුය. ඊලඟ පැයේ හෝ, වරුවේ හෝ දවසේ හෝ එනතුරුය. බලාපොරොත්තුය. ලැබෙනතුරයා. තෙල්ය. එදා වේලය.



ඒ අස්සේ එකෙක් දාම් බෝඩ් එකක් දිග ඇරගෙනය. තවත් එකෙක් සමඟය. වැඩේ නැගලා යන්නේය. බලා ඉන්නා උන්ට කික්ය. කම්මැලිකම මඟ හරිනා ඔසුවක්ය. කරන්නට දෙයක් නැති උන් වට වෙලාය. අදිනා උන්ට හුරේ කියන්නටය. නැති නම් වෙලාව යවා ගන්නටය. අදිනා උන්ට ගානක් නැතිය. එහෙත් බලන් ඉන්න උන්ට කික්ය. ලොකු ගේමක්ය. අදිනා උන් බර කල්පනාවක්ය. පැයකට වැඩිය. ඉත්තන් දහයක්ය. දෙපැත්තට බෙදිලාය. එකෙක්ට හයක්ය. අනෙකාට හතරයක්. උන් දෙන්නා වට පනහකට වැඩි පිරිසක්ය. සියල්ල තෙල් එනතුරුය. ඒත් ඊටත් වඩා ගේම ලොකුය.

එකෙක් සිරිපාලය. හන්දියේ කඩේ නිතරම දාම් අදින ඩෑල් එකය. චැම්පියන්ය. බුලත් විටක් හපනා, ඇඟිලි අතරේ සිරකර සුරුස් ගා කෙල ගසනා ඩෑල් එකය. ඔස්තාර්ය. දාම් වලට වැඩිය හැඩයට විට හපනා නිසාය. කෙළ රතුය. පොරක්ය. විටක බීඩියක්ය. උණු රොටියක්ය. ප්ලේන්ටියක් සමඟය. බ්‍රිස්ටල් එකක්ය. පොරක්ය. දාම් ද ඔස්තාර්ය..

අනෙකා ජෙහාන්ය. රැඩිකල්ය. වටේම කෙල්ලෝය. සියල්ල බැලන්ස්ය. අත හැර නොයන ඈයෝය. විට කටේවත් නැතිය. හපන්නේ චුයින්ගම්ය. පොරක්ය. කවි අතැඟිලි අගය. කොටන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන්ය. වෙනදාට චෙස්ය. අද දාම්ය. දාම් නම් ගානක් නැතිය. අදින්නේ චෙස්ය. ගේම පිටරටය. දාම් සිරිලංකන්ය. ඒත් ගේමට එන්ටර්ය. සිරිපාල සැලැන්ඩර්ය.

සිරිපාලට ඉත්තෝ හතරයක්ය. ජෙහාන්ට ඉත්තෝ හයක්ය. දෙදෙනාටම දාමෝ දෙක බැගින්ය. පිරිවර පනහකට වැඩිය. ක්ලැප්ය. විසිල්ය. බල්ටිය. සියල්ල තෙල් ගසන්නට ආවෝය. තෙල් එනතුරුය. කතාය. ඩෑල් එක සොයන සටනක්ය. එකෙක් සිරාය. අනෙකා ජෙහාය.

ඊලඟ මූව් එකට පෙර බර කල්පනාය. සිරිපාල විටක් කොටන්නට වීය. අතරතුර ජෙහාන් සුදු කළු කොටු අතර බර ගමන්ය. සිරිපාල විට කටේ දමා ගත්තේය. ජෙහා වයිබර් චැට් එකකය. බර සාර කතාය. කෙල්ලෙක්ය. ඩේට් කිරිල්ලක්ය. බැලන්ස් කළ යුතුය. සැප කනේය. සිරිපාල නැවත සුදු කළු කොටු අතර බර අඩිය. බර ගමන්ය.

පනහකට වැඩි පිරිසක්ය. දෙදෙනා දෙස බලාගෙනය. ඉවරයක් නැතිය. සියල්ල සිටින්නේ තෙල් වලට වැඩි හිතේ බරකින්ය. තෙල් කවදා හෝ පැමිණෙනු නියතය. දැන අවශ්‍යය තෙල් නොවේය. දිනන්නේ කවුද කියාය. පනහකට වැඩි පිරිසක්ය. වාහන පෝලිමේ තබාගෙනය. රියදුරු අසුන හිස්ය. සියල්ල බෝඩ් එක වටේය. සිරිපාල සහ ජෙහාන් සමඟය. කික්ය. තරඟයක්ය. බර හිත් අතැතිවය.

සිරිපාල සංයමයෙන්ය. ජෙහාන් නෙත් යොමාගෙනය. දෙදෙනා බලාගෙනය. තරඟය අතරය. කිසිවෙකු ඉක්මන් නැතිය. පැයකට වැඩිය. ඊලඟ පියවර බැලිය යුතුය. හෙන ගේමය. සියල්ල සන්සුන්ය. බලා සිටින සියල්ලම සිත්නනේ දෙදෙනගෙන් කිසිවෙකු හෝ දරුණු ලෙස ඊලඟ පියවර තබාවි යැයිය. කිසිවෙකු සද්ද නැතිය. දෙවෙනි පැයත් එලෙසමය. සියල්ල නිසොල්මන්ය. බලා සිටින උන් දෙදෙනාගේ බුද්ධි මට්ටම විචාරන්නෝය. නිසොල්මන්ය. දෙදෙනාම නිස්කලන්කය. කැලඹිලාය. බලා ඉන්න උන් කැළබිලාය. කිසිවෙකු ඉත්තෙක් අදින්නේ නැතිය. අම්මට උඩුය. දෙන්නාම ඩෑල්ය. මූව් එකකට මෙච්චර කල්පනා කරන්නෝය. 

අවසන හඬක් නැඟුනේය.

"සිරිපාල අයියේ මමද ඊළඟට අදින්න ඉන්නේ නැත්තම් ඔයාද?"

දෙදෙනාම පැටලී ඇත්තේ එකම ප්‍රශ්නයකය. නැතිනම් දාර්ශණික කල්පනා කිරීම් නොවේය.

තෙල් ආවේය.

සියල්ලෝම තෙල් ගසාගෙන ගෙදර ගියෝය. 

Written_by_sAm_ශ්‍රී_Perera_16/11/2017

Saturday, November 4, 2017

තෙල් අර්බුධය - Fuel Crisis.. !!


තෙල් කොහෙවත් නැතිය. ඊයේ සවස සිටය. තියෙනා තැන් වලත් පෝලිම්ය. පෝලිම ඉවර වෙද්දී තෙලුත් ඉවරය. දැවෙනා ප්‍රශ්නයක්ය. පිළිතුරු සොයා ගත යුතුය. ෂෙඩ් ඇරෙන්නට තෙල් තියෙන්නේ සිල්ලර කඩවලය. ලීටරේ ගානට බෝතලයක් සාධාරණ මිලට ගත හැකිය. බෝතලය හා ලීටරය අතර වෙනස නොදන්නා එකාට පට්ටම සාධාරණය. සිල්ලරට පෙට්ට්‍රල් ගත හැකි තැනක් ඇත්තේ පැත්තම එකකි. විල්සන් මාමාගේ කඩේය. ඒ පැත්තට කාලෙකින් ගියේ නැතිය. විල්සන් මාමාගේ නැන්දා කටහැකරය. කවුරුත් කියනා එකක් සාවධානව අසා සිටීමේ පුරුද්දක් නැතිය. විල්සන් මාමා ඒ නිසාම නැන්දාට කිසිත් තේරුම් කර දෙන්නට නොයන්නීය. විල්සන් මාමා නාකි වී බැන්ද නිසා දුව පොඩිය. ඒ ඉස්සරය. දැන් ඇටෙන් පොත්තෙන් මිදි ඇතිය. කාලෙකින් දැක්කේද නැතිය. විල්සන් මාමාගේ නැන්දම්මාද සිටින්නේ එහෙමය. ගෑණිද කියන එකක් නාහන එකියක් නිසා ඒ ආච්චී ගැනද කතා කරලා වැඩක් නැතිය. ඒත් ටෝක්ස් නම් ආතල්ය. බෝතලයක් දෙකක් ගසා ගැනීමට සෑමා ඇදුනේ විල්සන් මාමා ගේ දූගෙන් තෙල් බෝතලයක් ගැනීමටය.




විල්සන් මාමාගේ ගෙට හැරෙන පාරේ සිට පෝලිමය. ගෙදරම සිල්ලර කඩය නිසා සෑමා ගෙදරටම ගියේය. අපිට එදා ඉදන් කවුන්ටර් නැතිය. කෙලින්ම බිස්නස් ගෙදර සාලයේ සිටය. නැන්දා කඩේය. පෝලිම දිගය. මාමා ලන්ච් එකට ඇවිල්ලාය. සාලයේ ටීවී බලන ගමන් බත් කන්නේය. සාලයේම පෙට්ට්‍රල් බූලි දෙකක්ය. ආච්චී එකක් උඩ ඉදගෙන විටක් හපනවාය. 

"විල්සන් මාමේ.."

"ආ.. ඉදගන්න පුතා.. කාලෙකින්.."

කන්වර්සේෂන් එක ඕපන්ය. ආච්චී කට කන ඇහැ ඇරගෙනය. අපි දිහා නොබලාය. ටීවී එක දිහා බලාගෙනය. ප්‍රශ්න අපේ ය. මගෙන් මාමාටය. මාමාගෙන් මයට. විටක පිළිතුරු ආච්චී ගෙන්ය. 

"අද සරුයි වගේ විල්සන් මාමා.."

"හහ්.. හා.. කමුද පුතා බත් ටිකක්.."

"නෑ මාමෙ කාලා ඉන්නෙ.. මොකෝ බිසී වෙලාවෙ නැන්දට කඩේ බාර දීලා.."

"පායනා කාලෙදී.. රෑ දවල් මහන්සි වී.. කන්න දේ රැස් කරයි.. කූඹියෝ..."

ප්‍රශ්නය වෙනස්ය. මාමා දුන් උත්තරය බොහෝම වෙනස්ය. නැවත ප්‍රශ්න කළ යුතුය. නැවතත් ප්‍රශ්නය යොමු කළ යුතුය. පිළිතුරු මෙසේය.

"මේකනෙ පුතා, මේ වගේ රශ් එක තියෙන වෙලාවට අපි වගේ උන් කඩේ ඉදලා බෑ.. අපෙ ගෑණි වගේ කට හැකර ඩෑල් එකක් සීන් එකෙ ඉන්නෝනි. පෝලිමෙ එන උන් මරා ගන්නවා බං නැත්තං..."

ඒ පිලිතුරට ආච්චී ඔරවා බැලීය. තමන්ගේ දුවය. සැටිපිකේට් දෙන්නේ බෑණාය. ඉතිං අවුල්ය. කරන්නට දෙයක් නැතිය. ඇය උගුරේ තිබූ බුලත් හපය කාරා නැවතට කටට ගෙන වැරෙන් හපන්නට වූවාය.

"පුතා ඩිංගක් ඉන්න මම හොදි ටිකක් බෙදං එන්නම්.."

විල්සන් මාමා මාරුය. ආච්චී කට කොනින් හිනාවක් දැම්මාය. චැට් එකකට වේව් කිරීමක්ය. අත වැනීමක්ය. නිහඬව සිටීම අවුල්ය. ආවේ කාලෙකින්ය. පුංචි කාලේ කඩෙන් ජුජුබ්ස් උස්සා මාට්ටු වූ දවසේද වැඩේ ශේප් කළ කාන්තාවය.

"පුතා මොකද කාලෙකින් මේ පැත්තෙ.."

"දන්නැද්ද ආච්චි එහෙමට එළියට බහින්න වෙලාවක් නැහැ දැන්.."

"අපෙ මිණිබිරිත් කිව්වා පුතා ව එහෙන් මෙහෙන් දැක්කා කියලා.."

"හැ.. වෙන්න බෑනෙ ආච්චි.. මට එයාව හම්බුනේම නැ.. දැක්කෙ නෑ කාලෙකින්.."

"නෑ නෑ.. ඔයාගෙ එෆ්.බී එකෙ ඉන්නවලු කිව්වෙ.."

"ආ එහෙමද??"

මා දන්නා එහෙව් එකියක් මගෙ බුකියේ නැතිය. එහෙත් ආච්චිගෙන් එව්වා ප්‍රශ්න කළ යුතු නොවේය. විටක ඒකි ෆේක් එකකින් මගෙ ලිස්ට් එකෙ අරක් ගෙන සිටිනවා ඇතිය. හිටියත් අනික ඒ ඇච්චි කෙල්ලගේ නම දැන් මට දැන් අමතකය.

"බලන්නකො ආච්චී මේ තෙල් ප්‍රශ්නයක් නේ.."

"අපොයි ඔව් බොල. කෝ මුං කියන එකක් අහනවැ. ඔය අපෙ උන්දැ.. විල්සන්ගෙ තාත්තා ඌ නැති වුනෙත් ඔය තෙල් සීන් එකෙන්ම තමා. බලහං ඉතිං මේ විල්සා ටත් තියෙනවා තෙල් ප්‍රශ්නෙ. ඌ කියලත් පරිස්සම් වෙන එකක් අෑ.."

"ඒ මොකක්ද ආච්චි ඒ.. එහෙම එකක් නෙවෙ මම කියන්නෙ.."

"උබ කෝම එකක් හිතුවත්, මම කියන එක පිළිගං. ඒක තමා ඇත්ත. දැවෙන පස්න. ඕකගෙ ට්‍රයිග්ලිසරයිඩ් වැඩියි. ඒකයි ලොකුම හෙනේ. නැත්තං අවුලක් නැහැ. ඉතිං තෙල් අඩුවෙයිද..??"

ආච්චී වෙන ට්‍රැක් එකකය. පැහැදිලි කිරීම් අනවශ්‍යය. කරන්න ගියොත් කතාව වන වෙනවාය. සියල්ලට හිස සැලිය යුතුය. විල්සන් මාමාද මිසින්ය. උෟ හොඳි බෙදාගෙන කුස්සියේම වාඩි වී කනවා විය යුතුය. 

සාලයට යා බද කාමරයෙන් ඔලුව දැම්මේ කෙල්ලෙක්ය. ආච්චී නන්ස්ටොප්ය. හිස දැමූ එකී එළියටම ආවාය. අම්මට උඩු අමන්දා ෆර්ඩිනන්ස්ය. මගෙ බුකියේ මිතුරියය. කන්වර්ෂේසන් වැස්සය. බලනකොට විල්සන් මාමාගේ කෙලීය.

"හායි.. අයියා.."

"ආ නංගී.. කොහොමද??"

"ඉන්නවා අප්පා.. අපෙ ආච්චිගේ කටර් එකට අහු වෙලා වගේ.."

"නෑ අපි මේ තෙල් ප්‍රශ්නෙ ගැන කතා කළා නංගී.."

"අයියෝ අයියේ.. ඇත්තට ඕකට බෙහෙත් එහෙම නැද්ද. මටත් ඔය ප්‍රශ්නෙමයි.."

ඈ මා ඉදිරියේ ඉඳගත්තාය. ආච්චී කට ඇරගෙන කෙලීගේ විගඩම් ගැන කනස්සල්ලෙන් විය යුතුය. ඇගේ කටර් එක වැහෙනා පාටක්ය. අමන්දා ගේ කටර් එක පටන් ගන්නා පාටක්ය.

"ඇයි නංගිටත් අංකල්ට වගේ කලොස්ට්‍රෝල් ද?"

"නෑ අනෙ පිස්සුද.. ඒක නෙවෙ. මගෙ ස්කින් එක හෙන ඔයිලි අප්පා. කරන්නම දෙයක් නැහැ. ට්‍රීට්මන්ට් කළා හරි ගියෙ නැහැ. ස්කින් එක ඩ්‍රයි වෙලා පුපුරන්න ගත්තා. හැම පුපුරන තැනකින්ම සැර පිට වුණා. ඊට පස්සෙ තෙල් එන එක වැඩි වුණාද මන්ද අයියා.. මුකුත් දන්න කියන බෙහෙතක් වත් නැද්ද මට පාවිච්චි කරන්න..."

"එහෙම නම් දන්න එකක් නැහැ නංගි. මම බලන්නම්. දන්න කෙනෙක්ගෙන් අහලා කියන්නම් කෝ.."

විල්සන් මාමා තවමත් මිසින්ය. මාව මුදවා ගන්නා පාටක් නැතිය. විල්සන් නැන්දා ඇවිත් ආච්චී හිඳගෙන සිටි පෙට්ට්‍රල් බූලියත් රැගෙන ගියාය. ඊට පිටුපසින් විල්සන් මාමා අනෙක් බූලියත් රැගෙන ගියාය. 

"පුතා පොඩ්ඩක් ඉන්න මම ඉස්සරහට ගිහින් එන්නම්. ඇන්ටිට කන්න එන්න ෂිෆ්ට් එක මාරු කරන්න ඕනෙ.."

"ඉතිං බලන්න අයියා.. මගේ යාලුවෙක් ට්‍රීට්මන්ට් කරලා ස්කින් එක හදා ගත්තා. එයාගෙ දැන් ඔයිලි ගතිය අඩුයි. ඒත් ඒකි හරි කුහකයි. මට ට්‍රීට්මන්ට් කරපු තැන කියන්නෙ නැහැනේ.. බලන්නකෝ.."

"අපො නංගි.. ඕකුන් ඔහොම තමා කෙල්ලො නේ.."

"එහෙම නෑ අයියා.. හැම කෙල්ලම එහෙම නෑ.. අපි බලන්නකෝ.."

"ආ පුතා.. මොකෝ කරන්නෙ..කාලෙකින්.."

"ඔව් ආන්ටී.. මේ තෙල් ප්‍රශ්නෙ නේ.. ඒකයි ආවෙ මේ පැත්තෙ.."

"අපොයි ඔව් බලන්න තෙල් ප්‍රශ්නෙ.. උදේ ඉදන් කියනවා මේ මිනිහට.. කෝ ගෙනාවද??"

"ඇයි ඇන්ටි තෙල් නැද්ද??"

"නැතුව.. ගේ හරියක පොල් තෙල් බිංදුවක් නැහැ. ඊයෙ රෑ මේකුන් බයිට් හදං අන්තිම බින්දුවත් ඉවර කරලා. පුතා බයික් එකෙ නේද ආවෙ. පුලුවන්නම් ගිහින් පොල් තෙල් ජුන්ඩක් ගේනවද??"

අලි මදිවට කොටිය. බයික් එකෙත් අන්තිම තෙල් ජුන්ඩය. කරන්නට දෙයක් නැතිය. නංගිත් ඉන්න නිසා සපෝට් එකක් දිය යුතුය. ඇන්ටී බෝතලයක් දුන්නේ පොල් තෙල් ගේන්නටය.

"හරි ඇන්ටී මම සුටුස් ගාලා අරන් එන්නම්."

හන්දියට යන්නට ගිය බයික් එකේ අන්තිම තෙල් ජුන්ඩ මිසිං වූයේ පොල් තෙල් අරන් ආපසු හැරෙන විටය. කරන්නට දෙයක් නැතිය. තල්ලු කරගෙන ගෙදර යා යුතුය. ඇන්ටිව සතුටු කළ යුතුය. බයික්කෙකට තෙල් ගසාගෙන ගෙදර හෝ යා යුත්තේ එලෙසය.

"ආනේ පුතා පරක්කු වුණා නේ.. මම මේ පපඩම බදින්නෙත් නැතුව බලං උන්නා.."

"අනෙ ඇන්ටි බලන්නකෝ.. මඟදි බයිකෙක හිට්ටා නේ.. තල්ලු කරගෙනම ආවේ.. තෙල් ටිකක් ගහ ගන්න කියලා.."

"අනෙ පිං සිද්ද වෙනවා පුතා. මේ මිනිහට කියලා වැඩක් කරගන්න බැහැනෙ..."

"'හරි ඇන්ටි තෙල් ටිකක් ගහගන්න පුලුවන් වෙයි නේ..??"

"ඉස්සරහ අංකල් ඇති පුතා ගන්න පුලුවන්.."

"අංකල් පෙට්ට්‍රල් බෝතල් දෙකක් විතර දෙන්නකො.."

"අයියෝ බං කොල්ලෝ උබ මෙච්චර වෙලා අපෙ එකි එක්ක කයිය ගහලා දැන්ද තෙල් ඕනෙ උනෙ. දැන් මොකැ කරන්නෙ. තෙල් ඉවරයි නේ.."

විල්සන් ඇන්ටිට හාල් ගරන්න තෙල් ඉවරය. ඇන්ටිට පපඩම් බදින්න තෙල් හොයන්න ගිහින් පෙට්ට්‍රල් ජුන්ඩට කෙළ විය. කරන්නට දෙයක් ඇත්තේම නැතිය. බයික්කෙක විල්සන් අංකල් ලෑ ගෙදර දමා පයින් යා යුතුය. අංකල් පෙට්ට්‍රල් ගෙනා විටක ඇවිත් අරගෙන යන්නට හිත හදා ගත යුතුය.

සියල්ලට සමුදී ගෙදර යා යුතුය... !

Written_by_sAm_ශ්‍රී_3:44pm_04/11/2017

Thursday, November 2, 2017

ආච්චී සිල් ගැනීම ප්‍රතික්ෂේප කරයි.. - Grandma Refused to Observe Sil !!!


හෙට පෝය දවසක්ය. වෙන පෝයවල් මෙන්ම ආච්චී හෙටද සිල් ගත යුතුය. හැම අවුරුද්දකම ඈ නොකඩවා සිල් ගත යුතුය. ඒ හැට පැන්න දා සිට ය. ඊට කලින් නම් ආච්චී ඉස්කෝලෙ යන කාලෙදි වත් සිල් ගත්තා දැයි ඇසිය යුත්තේ සීයා ගෙන්ය. සීයා නම් කියන්නේ ආච්චී ඒ කාලේ සිල් ගත්ත සඳ වාගේ කියාය. හුස්මකට ඉඩ නෑනේ කියාද කිව්වේය. ඒ අතපසු වීමක් නිසා විය යුතුය. ඒ කාලේ සීයාට හුස්මක් වත් ගන්නට බැරි වෙන්නට ආච්චී දඟකාර සඳක් වූවා දැයි සැක සහිතය. ඇය එදා සඳවතියක් වුවත්, නූවත් ආච්චී හෙට සිල් ගන්නට යා යුතුමය. එසේ නොගිය හොත් වසරේ මුල් මාස දහයම සිල් ගත් ඇයට එකලොස් වන මාසයේ සිල් නොගැනීමේ පාපයට මුහුණ දෙන්නට වන්නීය. එය නම් හරි පවුය. ඒ සියල්ලට හේතුව සීයා බව කිව යුතුය.

ආච්චී සිල් ගන්නට යනවාට ආච්චීට වඩා සතුටු වන්නේ සීයාය. එය සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික වූ සතුටු සිතක්ය. සීයා පැන්ෂන් ගිය දා සිට ගෙදරය. ආච්චීද ගෙදරය. ඉතිං එහෙව් සීයා නිරාමිස සුවයක් ලබන්නේ මසකට එක දවසක්ය. ඒ නම් පුන් පොහෝදාය. මාසයකට පෝය සතරක්ය. ඒවා කැලැන්ඩරයක මාර්ක් කොට පොකැට් කැලැන්ඩරයක් ආච්චීට තෑගි කළේද සීයාය. ඒ ඇය මසකට හතර වරක් සිල් සමාදන් වනු දැකීමටය. ඔහුගේ නිරාමිස සුවය විදීමටය. එහෙත් ආච්චී හතර පෝය මඟ හැර පුන් පෝදා ට පමණක් සිල් සමාදන් වීමට සිත් ගත්තාය. ආච්චී පෝයට සීයාට නිරාමිස සුවය ලබා දෙන නිසා සීයා කලින් දවසේම කාලක් හෝ භාගයක් හංගා තබා ගන්නේ පෝයට බාර් වහලා නිසාය.



කෙසේ හෝ හෙට ආච්චී සීලය වර්ජනය කිරීමට සිතාගෙන ඇත්තීය. කලින් කීවාක් මෙන් හේතුව සීයාය. ආච්චීට සිල් ගැනීමට අවශ්‍ය සාධක සැලසිය යුත්තේ සීයාය. එය සීයා සිත තුල ඇති වන අවංක චේතනාවෙන් යුතුව කරන්නා වූ දෙයක්ය. පෝයට කලින් දා සීයා පන්සලට යන්නේය. පෝය දාට ධර්මශාලාව හවුස් ෆුල්ය. ආච්චීට අව්වේ සිටින්නට බැරිය. ධර්මශාලාවේ ඉඩ නොමැතිව එළියේ සිටියොත් අවුල්ය. වැස්සක් සෙට් වුණොත් ආච්චී උතුරු සළුව හිස පටලා සිල් ශෝට් ලීව් දමා ගෙදර පැමිණිය හැකිය. එවිට සීයාට නිර්වාණය අසලදී ඇබරෙන්නට වෙනවාය. ඊට වඩා හොඳ ක්‍රමය සීයා දන්නේය. එනම් කලින් දවසේම ධර්මශාලාවට එන්ටර් වී අගනා බිම් කොටසක් වෙන් කර තැබීමය. ඒ සියල්ල ආච්චී වෙනුවෙන්ය. පෝය දාට කලින් දා බාර් එකට ගොස් කාලක් බාගයක් රැගෙන ධර්මශාලාවට ගොස් ආච්චී වෙනුවෙන් පැදුරක් ඉටි කොළයක් එළා ඉඩක් වෙන් කර තැබීම සීයාගේ පරම චේතනාවය. එමෙන්ම එය ඔහු නොපිරිහෙලා ඉටු කරන්නේය.

මෙවර සීයාගේ කල් ක්‍රියාව අවුල් වී ඇත්තේය. වෙනදට බාර් ගතව පෝ දාට පේ වීමට අවශ්‍ය කලමනා රැගෙන ධර්මශාලාවේ බිම් කොටසක් වෙන් කරගෙන එන සීයා අද පරක්කුය. මගදීම කාලක් ක්‍රියා කර ඇත්තේය. මෑන්ස්ට බිම් කොටස් වෙන් කිරීමටද අවස්ථාවක් ලැබී නැත්තේය. ධර්මශාලාව කොනක සිට රැගෙන ගිය ඉතිරි කාලද ක්‍රියාත්මක කොට සීයා ගෙදර පැමිණ ඇත්තේ රෝල් කරපු පැදුරද කිහිල්ලේ ගසා ගෙනය. ආච්චී දුම්මල වරම ද අතින් ගෙන සීයාට පින් අනුමෝදම් කරන්නීය. වැඩේ අබ්ලික්ය. සීයා උදේම ඇයව ධර්මශාලාවට ඩ්‍රොප් කරන බව සහතික වූයේය.

ඒ හැරත් ගිය පෝය දා සිට ආච්චී සිටියේ ඇරියස් එකෙන්ය. සිල් පවාරණය කර ගෙදර ආවේද "නිද්දකින් මේ ඇත්තිගෙ පුතාලා" කියාගෙනය. බලන කොට කවුදෝ එකෙක් ආච්චිගේ මිරිවැඩි සඟලට කෙලලාය. සීයා නම් කිව්වේ ඇය වෙනදා මෙන් එදාත් උදේ පන්සල් ගියේ ස්ලිපර්ස් නැතුව බවක්ය. ඒත් ආච්චි කවදාවත් සීයාගේ වචනයක් විශ්වාස කරන ඇත්තියක් නොවේය. ආච්චී නිවසින් පිටත්ව ගිය අයුරු CCTV එකෙන් පවා පෙන්වා දුන්නේ සීයාය. ඇත්තටම එදා ආච්චී ස්ලිපර්-ලස් ව පන්සල් ගොස් ඇත්තේය. සීයා කියා ඇත්තේ ඇත්තක්ය. පසුව මාව පිලිකන්න පැත්තට රැගෙන ගිය සීයා පෙන්නූයේ නානා ප්‍රකාර සෙරෙප්පු ජෝඩුය. 

"ඈ සීයේ මෙච්චර??"

"ෂ්.. ෂ්.."

කියා කටට ඇඟිල්ලක් තබා සීයා කිව්වේ මේ උබලැ ආච්චි සිල් ගන්න පන්සලට ගිය දා සිට රැගෙන ආ සෙරෙප්පු කුට්ටම් කන්දරාව බවය. මසකට ජෝඩුව බැගින වසරට ජෝඩු දෙලොහක්ය. දැන් සීයාට සෙරෙප්පු යනු දෙයක් නොවේය. කෙසේ වෙතත් ගිය පෝයේ ආච්චිගේ සෙරෙප්පු ජාවාරම හෙලිකිරීම පිළිබඳවද ආච්චි සිටින්නේ සීයා එක්ක ඇරියස් එකේය.

මොනවා උනත් ආච්චී සිල් ගන්නට යන්නේ සීයා සමඟය. උදේ පාන්දර පහට පමණ ආච්චීව කලින් දවසේ වෙන් කර ගත් බිම් කොටසට ඇරලවා සීයා ගෙදර එන්නේය. පාන්දර පහට ගිය සීයා ගෙදරට එන්නේ උදේ නවය දහය වෙලාය. උදේම නැඟිට මහන්සි වී ගෙදර එන සීයාගේ ඇස් රතු වෙලාය. මූණ රතු වෙලාය. ඇවිදින්නේ හරහටය. මහන්සියටය. එලෙස පන්සලට යද්දී ආච්චී මල් බකට් එකක් රැගෙන යන්නේ බුදුන් පිදීමටය. ගෙදරින් ගෙන යන්නේ හිස් බකට් එකක්ය. එහි කට අඩියක් පළලය. අඩියක් ගැඹුරුය. එහා ගෙදර වතුසුද්ද ගහේ සිට පන්සලට යන තෙක් ඇති සෑම නිවසකට මල් වලට කෙලින්නේ ආච්චීය. ආච්චී පන්සල දෙසට යන විට,

"මග දෙපස ඇති මල් පොකුරු පොකුරු...
ඈ එන මඟ ඈ දෙසටම නැවීයන්..."

කියා කිව්වේ සීයාය. එතැන් සිට පන්සලේ මිදුලේ ඇති මල් ගස තෙක්ම වතුසුද්ද කරමින් ම යන ආච්චී බුදු මැදුරට ගොස් මුලින්ම මලින් පුදන්නීය.

"බොරුවක් නොව මේ කියන්නෙ ඇත්තම ඇත්තෙන්..
මේ මල් මම නෙලා ගත්තෙ මගෙ මල් වත්තෙන්.."

කියා ඈ සිල් ගැනීම ආරම්භ කරන්නීය. එලෙස සීයා සමඟ යන මඟ දෙපස ඇති සියළු ගස් සුද්ද කරමින් යන නිසාද ආච්චීට සීයා ගිය වර කෝචෝක් එකක් දමා තිබුණේය. ඒ නිසාම ආච්චී මෙවර සිල් වර්ජනයකට අර අඳිනා බව සීයා දැන සිටියේය. ඒ අස්සේ වැඩේ තවත් සවුත්තු වූයේ බීමත් කම නිසා ධර්මශාලාවේ ඉඩක් වෙන් කර ගැනීමට නොලැබීම නිසාය.

ඒ සියල්ලට වැඩිය ආච්චී සිටින්නේ සීයා ගැන සැකෙන්ය. ආච්චී වතු සුද්ද කඩන අස්සේ වත්තක තිබූ රෝස මලක් සීයා කඩාගෙන ඇත්තේය. ඒ දැක ආච්චී එය නොදැක්කා සිට ඇත්තේය. ආච්චීව ඩ්‍රොප් කර ගෙදර එන විට මඟදී මුණ ගැසුණු ඩේසි ආච්චීගේ මල් වට්ටියට සීයා ඒ මල පූජා කර ඇත්තේය. පාන්දර පාළු පාරේ කටු නොඇනෙන ලෙස ඩේසි ආච්චීද රෝස මල ඇගේ හද පූජාසනය මත සතපවාගෙන ඇත්තීය. ඒ සියල්ල ආච්චීට මාට්ටු වී ඇත්තේ පන්සලේදීය. ඩේසි ආච්චී පන්සලේ මල් පූජා කරද්දී සීයා සඟවා ගත් මල ඇගේ මල් වට්ටියේ තිබෙනු දැක ඇත්තීය. එවිටම ප්‍රශ්න ඇසීම නුවනට නුහුරු නිසා ආච්චී ඩේසි ආච්චීව ප්‍රශ්න කර ඇත්තේ සිල් ගත්තාට පසුය. එවිට බොරු කීම හොඳ නැතිය. අපායේ යනවාය. කියා ඩේසියාව බය කරගෙන නිවැරදි ප ිළිතුරු ලබාගෙන ඇත්තීය. 

ඒ සියළු කරුණු සලකා බලා ආච්චී සිටින්නේ සිල් වර්ජනයකය. සීයා සහ ඩේසිගේ පලහිලව්ව ගැනද ආච්චී සිටින්නේ සැකෙන්ය. ඒ අස්සේ සීයාට ඩෝප්ය. ආච්චීට ධර්මශාලාවේ පැදුරක් එලා තබා නැතිය. ආච්චී අවුලෙන්ය. සීයා නිදිය. 

සියල්ලට මැදිහත් අපි සෝකෙන්ය.

සෑමා නම් පතන්නේ ඩේසි ආච්චී හෝ හෙට පන්සල් ගොස් පූජා කරන්නම් මලක් ඔයා නමින් කියා මලක් පුදා සීයාගේ සිත තැවුල විසඳා, ආච්චි හා සීයාගේ අමනාප කම් දුරුවේවා යැයි පතයි කියාය.

Wednesday, April 26, 2017

හිර කර දමන්නට ගෙනාමු..!!





හොඳ යැයි සිතා දහසක් මුව බලාලා
අතගා බලා හැඩයක් ඇති සිතාලා
මිරිකා බන්ඩි අඩු වැඩියත් මැනාලා
ගෙනාවා ගෙදර හිල පොඩි යැයි කියාලා


නැවුම් සිදුර කෙලෙසන මහ සිතුවිල්ලේ
සහසක් හැඟුම් සනසන්නට සිතැත්තේ
ගෙදරින් කෙරෙන බලවත් ඇවිටිල්ලේ
කඩමී පුරවලා බන්ඩිය පොර බැදිල්ලේ


උදේ සවසට ඇතුලට දාන කල්පනාවේ
පුංචි හිලෙන් රිංගන හැම වෙලාවේ
ඇතුලෙම දමා ගොඩ යන චේතනාවේ
සිටියත් වැටුනෙ ඇතුලට රෑ වෙලානේ


දස මස පුරා පොඩි හිල ලොකු කරන්නේ
විටකදි හිරයි ගුලිකර හෝ දමන්නේ
මතු කනවැලක් අවැසියි නේ සිතෙන්නේ
එතකොට තමයි වැඩි වැඩියෙන් ඔබන්නේ


අයියා දානකොට පුංචි හිලෙන් ඒ
බන්ඩිය පිරෙන්නේ හරිම ස්ලෝ නේ
සැක පිට සිතා අයියා මඟ රකින්නේ
මල්ලී හොරෙන් පුක මිරිකා අදින්නේ
*
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
**
*
*
*
*
*
බැංකුවෙ දාන්නට බෑ පෝලිමය
පොඩ්ඩ පොඩ්ඩ ඉතිරිය නුවනට හුරුය
අමාරුවෙන් මා පුරවන මේ කැටය
හිල් කර පිටුපසින් කෙලිනා එක හරි කැතය



Written_by_sAm_ශ්‍රී_9:13pm_25/04/17

Thursday, April 13, 2017

සැඟවුණු අමුත්තා සොයා ගියෙමු.. - Searched for the Hidden Guest !!




“සුභ අලුත් අවුරුද්දක් වේවා රට වාසීනී..“

“සුබ මුහුර්ථයෙන් පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව දැන අපි බලාපොරොත්තු වෙන්නේ ගම හරහා දිවීමේ තරඟය පැවැත් වීමට. ඒ සඳහා තරඟ වදින තරඟ කරුවන් සියළු දෙනාම ප්‍රධාන මාර්ගය අසල සිටින තරඟ සංවිධායකවරු මුණ ගැසෙන්න. ඒ අතරම ලිස්සන ගහ නැගීමට ජව සම්පන්න ගම් වාසී තරුණයන්ට ආරාධනා කරනවා. එම ස්ථානයට පැමිණ තම තරඟ ආරම්භය සනිටුහන් කරන ලෙසට. මට පෙනෙනවා ගිය වරත් එම තරඟය ජයග්‍රහණය කළ තරුණ පිරිස අදත් විලි ලැජ්ජා නැතිව තෑගි අපේක්ෂාවෙන් ලිස්සන ගහ අද්දර දෙඅත් දෙපා පිරි මැද මැද බලා සිටින අයුරු.. ගිය වර මෙන් ලිස්සන ගහ කඩා වැටී කොඩිය ගලවාගන්නට මෙවර ඔවුන්ට ඉඩ නොලැබේවා කියා..“

“ඒ අතරම අපි බලාපොරොත්තු වෙනවා සැඟවුණු අමුත්තා තේරීමේ තරඟය ආරම්භ කිරීමට. තරඟයට සහභාගිවීමට කිසිම වයස බාධාවක් නැහැ. ඔබ වේදිකාව අභියස සිටින සංවිධායක මණ්ඩලය මුණ ගැසී තමන්ගේ නම, වයස, ලිපිනය ලබා දී එම විවෘත තරඟයට සහභාගී විය යුතු බව මතක් කර සිටිනවා.“

*********

“සියළු කටයුතු එසේ සිදුවෙද්දී දැන් මේ සූදානම කාන්තා ඒකල, ගීත ගායනා කිරීමේ තරඟය...“

“ඒයි නිවේදකයා... ඒම කෝමද කරන්නේ??“

“ඇයි මොකද මහත්තයා සීන් එක??“

“අපෙ ගමේ ඒම කරන්න දෙන්න බැහැනේ.. මේක අපෙ ගම.. මේක කැළණිය..“

“ඇයි මෙහෙ කාන්තා තරඟ තහනම්ද??“

“කාන්තා තරඟ නෙවෙ අයිසේ.. අපෙ ගමේ තරඟ අපෙ කාන්තාවන්ට මිසක්... පිටින් ගෙන්නලා මෙහෙ තරඟ තියන්න බැහැ හරිය..“

“නැහැ නැහැ.. සංවිධායක මණ්ඩලය ඒව බලනවා.. අපි නම, ගම, ලිපිනය කොහොමත් ගන්නවා..“

“එහෙනම් අහවල් එකටද මෙතන වැඩේට ඒකල උන්ට අඬගහන්නේ.. නිකං මැරුම් නොකා ඉන්නවා අයිසේ..“

“අහ්.. සමාවන්න.. මීලඟට කාන්තා ඒක පුද්ගල ගීත ගායනා තරඟය...“

*********

“හරි..  වැඩේ නැගලාම යනවා.. මම දැන් මේ සූදානම් වෙන්නේ සැඟවුණු අමුත්තා සොයන, සුවහසක් ක්‍රීඩක පිරිසට පළමු ඔත්තුව ලබා දෙන්නටයි. සැඟවුණු අමුත්තා හරියට කුරුල්ලෙක් වගේ කාලයක් තිස්සේ හොඳට පේන්නට හිටියා. චතුර ලෙස කියවනවා, හැබැයි දැන් පේන්නම නැහැ. ඉස්සර හරි ප්‍රසිද්ධයි. මේ කාලෙ වැඩිය පේන්න නැහැ. දැන් තරඟකරුවන් ඉතා යුහුසුලුව වැඩේ කරගෙන යන්න. අපි තවත් ඔත්තුවක් ලබා දෙනවා සුළු මොහොතකින්... “



“මචංලා අපි තෑග්ග බෙදා ගමු. මේකෙ ලොකු සීං එකක් නැහැ ලොකු නෙට් එකක් අරං වරෙං. කුරුල්ලෙක් නේ. අල්ලගන්නට ට්‍රයි එකක් දෙමු කොහොම හරි. තෑග්ග බෙදා ගමු. එක්කෝ තෑග්ග විකුණලා අඩියක් ගහමු සෙට් වෙලා.“

“මෙන්න මචං නෙට් එක තියෙනවා.. දැන් මොකෝ කරන්න කියන්නේ..“

“ඕක අරං යමු රිංගමු කැළේට. ඔය කියන්නේ කොහා ගැන. ඉස්සර අපි පොඩි කාලෙ ඕකා සීන් එකේ හිටියා. පස්සෙ ඌව ඉස්සුවා කඩවල් වල සේල් කාරයෝ. උන් කරපු වැඩෙන් කොහා මුදලට යට වුණා. ඊටත් පස්සෙ මීඩියා වලින් ඉස්සුවා. උන් වැඩි පඩියට මීඩියා වලට රිංගන්න ගත්තා. පස්සෙ හරියට පඩියක් වත් සෙට් නොවුන නිසා උන් දැන් වැඩිය බහින්නෙ නැහැ ලංකාවට. දැන් ඉතිං බැද්දෙ ඉන්න මොකෙක් හරි තටු තියෙන පක්ෂියෙක් බස්සලා ඌට බාසාව උගන්නලා ගමු මචං...“

“හරි වරෙන් යන්න.. මටත් හැකියාව තියෙනවා වටු කුරුල්ලො අල්ලලා..“

*********

“ඔව් මෙන්න අපේ එක තරඟකරුවෙක් සැඟවුණු අමුත්තා කියා ඩෑල් එකක් එක්කගෙන ඇවිත් තියෙනවා. සුදු සරම, ෂර්ට් එක ගසලා, නැෂනල් කිට් එකෙන්ම බැහැල තියෙන්නේ. අවුරුදු අසිරිය දෙඟුණ තෙඟුණ කරමින්.. හරි මල්ලි කියන්න බලන්න පිටට තට්ටු කළාම මෙයා පිළගත්තද එයා අවුරුදු කුමාරයා කියලා..“

“ඔව් අය්යා.. ගේමක් නැහැ. මෙයා චතුර ලෙස කතා කරනවා, කුරුල්ලෙක් වගේ තමා, ගිරවා වගේ කියෝනවා අගක් මුලක් නැහැ. අනික දැන් මේ කාලෙ පේන්නත් නැහැ. ඒ කාළෙ 1982දි ප්‍රථම අවුරුදු උත්සවය තියෙද්දි, මෙයා මේ තරඟයට සහභාගි වුණාලු. ඒකෙදිත් කාටවත් හොයා ගන්න බැරි වුණාලු කවුද සැඟවුණු අමුත්තා කියලා. බලනකොට සංවිධායක මණ්ඩලය නම් කරල තියෙන්නෙ මෙයාවමයි සැඟවුණු අමුත්තාට. ඉතිං මෙයා කිව්වලු මම දැනං හිටියා ඒත් ඉදිරිපත් වුනෙ නැහැ කියලා. අන්තිමට සැඟවුණු අමුත්තට හිටිය මෙයාටම තෑගි ලැබුණලු...“

“බලමු අපි එයා එක්ක කතා කරලා.. කියන්න ඔබ තුමාගෙ නම.. ගම.. විස්තර..“

“මම අපෙ අප්පගෙ පුතා.. ඉපදුනේ 1982 අවුරුද්දෙ...“

“ඔබතුමා 1982 වෙලා කෝමද සැඟවුණු අමුත්තා වුණේ??“

“එතකොට මම හිටියෙ අම්මගෙ බඩේ.. බ.. බ.. බ.. බ..“

“හරි හරි දැන් තේරෙනවා. ස්තූතියි ඔය මල්ලි තරඟයට ඉදිරිපත් වුණාට... ඒත් මෙයා නෙවෙයි සැඟවුණු අමුත්තා.. තවත් උත්සාහ කරල බලමු...“

*********

“ආ මේ කවුද මේ දැලක් උස්සගෙන ??“

“මෙන්න අයියා බඩු..“

“මේ මොකක්ද මේ දැලක් පටලවගෙන. පව් හලෝ කුරුල්ලෙක් නේද??“

“ඔව් අය්යා මූ තමා ඩෑල් එක. මූ කුරුල්ලෙක්. චතුර ලෙස කෑ ගහනවා. අනික දැන් කාලෙ පේන්නත් නැහැනෙ ඉස්සර හිටියට..“

“පිස්සුද මල්ලි.. ඔත්තුව නම් ගැලපෙනවා තමයි. ඒත් කුරුල්ලෙක් දාන්න පුලුවන් ද තරඟයකට සැඟවුණු අමුත්තා කියලා.. පිස්සු කෙලින්නෙපා මූව අතාරිනවා..“

“ඒම කරන්නෙපා අයියා ගේමක් දීලා ඇල්ලුවේ. මූ කපුටෙක්. පොඩි මොඩිෆිකේෂන් පාරක් දිලා බාසාව උගන්නලා ගත්තෙ. අනික ඔරිජිනල් කොහා ඉන්නෙ සේල් වලයි, ටීවි එකෙයි විතරයි නේ..“

“හරි මල්ලි ඒත් මේක කරන්න බැහැ. පුලුවන් නම් කාව හරි මනුස්සයෙක් කුදලං එනවා. මම සැනසිලි තෑග්ගක් වත් සැට් කරන්න..“


*********

“ඔව් තරඟයේ උණුසුම වැඩි වෙද්දි තරඟකරුවන් පිස්සු කෙලිනවා. ඉතිං අපි ඉක්මනින්ම දෙවෙනි ඔත්තුව ලබා දෙන්න යන්නේ...“

“අපේ අමුත්තා සුපිරි ඩෑල් එකක් කියල කිව්වොත් නිවැරදියි. රට, ජාතිය, ආගම වෙනුවෙන් බැහැලම සීන් එකේ හිටියා.. සුනාමි වෙලාවෙ උනත් එහෙමයි... ඒකාලෙ මාධ්‍ය වල බැහැලාම හිටියා. මේ ටිකේ පේන්න නැහැ..“

“අයියා ඩෑල් එක දන්නවා. පොරව එක්කගෙන එන්න යන්න ඕනෙ නැහැ. මේ ටිකේ කියන තැනකට බහිනවා. සූප්පුවෙන් කිරි බොන සීන් එකට දාලා, කිරි බෝතලයක් ගස්සවලා කික් කරල ගමු. මිනිහා මෙතැන රඟලා යයි.“

“අඩෙ කවුද බං ඩෑල් එක??“

“එහෙම කියන්න බෑ.. සප් එකක් දියං.. තෑග්ග ගමු..“

“එහෙම බෑ ඌව එක්කං එමු..“

“එක්ක එන්නෝනි නැහැ. උගෙ ඇපල් පෝං එකට පෝං කෝල් එකක් අරං. ඊට බස්සේ 1990 ගහං ඇම්බියුලන්ස් එකකට. පොර ෆුට් බෝඩ් එකේ එල්ලිලාම මෙතැනට බහියි.“

“හරි කරලා බලාං කෝ.. කුරුල්ලෝ ඇල්ලුව වගේ වෙයිද දන්නෑ..“

*********

“ගරු මහත්වරුණි. නෝනාවරුණි ඉඩලබා දෙන්න.. ඉඩ ලබා දෙන්න කරුණාකර ඉඩ ලබා දෙන්න... අන්න අපෙ ගමහරහා දිවීමේ තරඟයේ පළමු වෙනියා ඇම්බියුලන්ස් එකේ ෆුට් බෝඩ් එකේ නැගී මෙතැනට පැමිණෙනවා.. පිළිගන්න 

ඔහුව.. “

“ඒම කෝමද අයියා.. එයාව පිළිගන්නෙ අපි.. ඒ අපේ ජයග්‍රහණය.. ඔව් මවිබිමේ විජයග්‍රහණය.. එයා අපේ සැඟවුණු අමුත්තා..“

“හප්පට සිලි මල්ලි මෙයා මේ අපේ කිරි බබා නේ.. බෙල්ලේ පංචායුධේ තියෙන්නේ.. එයා කෝමද සැඟවුණු අමුත්තා වෙන්නේ..“

“ඇයි අයියා.. ඔයාම නේ කිව්වෙ එයා වැඩිය මේ දවස් වල පේන්න නැහැ කියලා.. ඉතිං අපි එයාට කෝල් කරල වැඩේට ඉන්වයිට් කළා..“

“නැහැ මල්ලි.. පිස්සු කෙලින්න එපා.. එක්කං ආව නම් සලකලා ගෙදර යවපල්ලා..“

“අනෙ අයියා පොඩි උදව්වක් කරන්න.. අර කිරි බීමේ තරගෙට තියපු සූප්පු ගහපු කිරි බෝතලයක් මුගෙ කටේ ගහලා ආයේ ඇම්බියුලන්ස් එකෙම යවන්න ප්ලීස්.. අපි අද කෝම හරි ඔයාට සැඟවුණු අමුත්තා හොයල දෙන්නම්..“

*********

තරඟකරුවන් හරිම කුරිරුයි. දරුණුයි. මේ තරඟය දිගටම තිබ්බොත් මට ගමේ, රටේ වසන්න බැරි වෙනවා. ඒ නිසාම සැඟවුණු අමුත්තාගේ තරඟය මෙතැනින් අවසන් කරනවා.

ලබන අවුරුද්දේ සැට් වෙමු...!!

එතෙක් සැඟවුණු එව්වා එලියට පනින, සොමි බර මෙව්වා එකක් වේවා... !!


Written_by_sAm_ශ්‍රී_10;31am_13/04/17

Wednesday, April 5, 2017

කොළ - රතු සහ පොලිසිය... - Police With Red & Green !!



පොලිසිය ගැන නම් කතන්දර බෙහෝය. බොහෝ එව්වා නරක එව්වාය. ඉතිරිය විහිළු එව්වා වන අතර, සුළුතරය හොඳ එව්වාය. සමහර නිලධාරීන් නිසා පොලිසියට අත්ව ඇත්තේ සෝචනීය තත්වයක්ය. එකෙක් දෙන්නෙක් ගේ නොමනා වැඩ නිසා පොදු පොලිස් සේවයම මඩ වඟුරක් වී ඇත්තේය. මෑතකදී සිදුවූ සිද්ධිය නම් මෝටර් බයිසිකලයක ගිය අයෙක්ට බිම දමාගෙන පහර දීමය. එතැනදී ජනතාවට හොඳ අය අමතකව සියල්ලටම පොදුවේ බනින තත්වයක උදාවන්නේය. කරන්නට දෙයක් නැතිය. අවුරුද්දට කොහා ආවත් වැරදිය. නාවත් වැරදිය. වැරැද්ද ඇත්තේ කොහාගේ නොවේය. ජනතාවගේය. ජනතා බලාපොරොත්තු ඉටු කිරීම පොලිස්පතිට බැරි නම් කොහා නම් මක් කරන්නද කියා සෑමා මතක් කරන්නේය. 



මෑතකදී අංකල් කෙනෙක් කිව්වේ පොලිස් කතාවක්ය. අහිංසක කන බොන ඩෑල් එකක් රාත්‍රි දොලහ පසු වී නිවසට යමින් සිටියේ සිය දරුවන් බලන්නටය. විශේෂයෙන් තම බිරිද බලන්නටය. හෙතෙම නිවසට යමින් සිටියේ හිස් අතින් නොවේය. සිරුරේ දිවෙන රුධිරය සමඟ ඇල්කොහෙල් යම් ප්‍රමාණයක් කළවම් කරගෙනය. ප්‍රමාණය කෙසේද යත් මෑන්ස්ට පාර අයිනේ දිගට ගසා තිබෙන සුදු ඉර දිගේ බයිසිකලය පැදගෙන යන්නට බැරි තරම්ය. කෙසේ හෝ ඉතා අවාසනාවන්ත අයුරින් ඩෑල් එක පොලිසියට හසු වි ඇත්තේය. තම දරුවන්, බිරිඳ බැලීමට වැඩ නිම වී රෑ දොලහ පසුවී ගෙදර යන එකෙක්ටවත් පාඩු වේ යන්නට බැරිය. පොලිසිය අත දානවාය. කොල්ලා හිතට දහිරිය රැගෙන එක් රාලහාමි කෙනෙක්ට කතා කර සිය චේතනාව කියා පෑවේය. තමා දරුවන් බලන්නට ගෙදර යන්නේය. විශේෂයෙන්ම තම බිරිද තමා එන තුරු පාර බලා සිටින බවත් කිව්වේය. පොලිසියේ ඩෑල් එකගේ සිත ගත සලිත වී ගියේ දුකටය. ඒ මෝටර් සයිකල් හිමිකරු සාක්කුවට අත දමා එළියට ගත් රැපියල් පන්දාහේ කොළ දෙකට කිව්වාට වැරැද්දක් නැතිය. සිත බිඳීගිය පොලිස් මාමා කියා සිටියේ මේ පන්දාහ තමුසෙ තියා ගන්නවා. ඉවත් ඉස්සරහට යද්දී පොලිසිය හිටියොත් බේරෙන්න එපෑ කියාය. එවැනි පොලිස් මහත්තුරු රටට වාසනාවක්ය. නිදැල්ලේ නිවසට යන, දරුවන් බලන, බිරිදගේ මුහුණ දකින ආශාව ඇත්තන්ට ඉතා වාසනාවන්ය. 

දෙවැනි සීන් එක අපේ ස්කූටර් හිමියෙක් ගැනය. ඩෑල් එකට ඇත්තේ හෙන ඇන්ටික් ස්කූටර් එකක්ය. කොච්චර රේස් කළත් එකම තැනය. එහෙත් පොර හිතාගෙන ඉන්නේ පොලොවේ ඇති පස් තම කනේ ගෑවෙනවා කියාය. පාරේ ඇති වංගු කෙලින් කරන්නේ පොර එහෙමය. අනික තම මීටරය වැඩ කරන්නේ ඉතා හෙමින් යැයි සිතන්නේය. එය නිවැරදි නැති බවත් හෙතෙම කියන්නේය. ඔහු කියන්නේ ස්කූටරය පැරණි වුණත් ඉතාම වේගවත් කියාය. ඒ නිසාම තමන් පැයට කිලෝමීටර සීය පන්නා ගමන් කරන නිසාත ෆුල් ෆේස් එකක් වඩාත් සුදුසු බව හෙතෙම කියන්නේය. උගෙ ආතල් කැඩීම වැරදි නිසා අපේ උන් අනෙ ඒක තමයි බං කියා පැත්තකට වන්නේය. එහෙත් දිනක් ඒ ආතල් කුඩු කළේ ඔහුත් සමඟ පිටු පස ආසනේ ඉඳගෙන ගිය තවත් මිතුරෙක්ය. පාරේ සුදු ඉරක් කපාගෙන ඉදිරියට ඇඳෙන මිත්‍රයාව කිලෝමීටර් භාගයක් පමණ ඈත සිට පොලිස් කාරයෙක් අත වනා ඇත්තේය. පිටුපස සිටින මිතුරා කිව්වේ අන්න මචං පොලිසියෙන් නවත්වන්න හදන්නේ කියාය. ඒ නිසාම බයිසිකලය පදින ස්කූටර් හිමි මිතුරා ඉතා වැරෙන් තම රථය රේස් කරමින් ඉදිරියට ඇදෙන්නේ පොලිස් මාමා ලඟ නවත්වන්නටය. ඔහු නොනවත්වාම අත වනමින් බලා සිටින්නේ මිතුරන් දෙදෙනා ලඟට එනතුරුය. අරූ හොඳින් රේස් කරන්නේය. පොලිස් මාමා නොනැවතී අත වනන්නේය. කොතරම් රේස් කළත් ඉදිරියට ඇදෙන්නේ ඉතා සෙමින් නිසා පොලිස් මාමා අත වනන වේගය අඩාල වන්නේය. අත ඔසවාගෙන සිටම අත රිදෙනවා විය යුතුය. එහෙත් අරූ වැරෙන් රේස් කරන්නේ ඉක්මනට එතැනට යන්නටය. එතැනට ලං වෙද්දීම පොලිස් මාමාට ඌරු ජුවල්ය. අපේ මිත්‍රයා එතැනදී ස්කූටරය ස්ලෝ කර ඇත්තේය. ඒ සමඟම පොලිස් මාමා කියා ඇත්තේ “අනෙ  පව් නොදී යනවා ඕයි යන්න“ කියාය. එදායින් පසු උගෙ ස්කූටරයට හයියෙන් යන්න බැරි බව හෙතෙම පිළිගත්තේය.

මාතෘකාවට අදාල කතාව තාම නැත්තේය. පෝස්ට් එක කියවන උන් සෑමාට විරුද්ධව දැන් පොලිසි යනවා ෂුවර්ය. පොලිසිය ගැන ප්‍රකට කතාවක් ඇත්තේය. රටවල් කිහිපයක පොලිසියෙන් යොදා කළ සමීක්ෂණයක්ය. කතාව හැමෝම දන්නේය. කෙටියෙන් කිවොත් මෙසේය. ලංකාව ඇතුලු රටවල් තුනක් සමීක්ෂණයට ගොස් ඇත්තේය. ඒ හොඳම පොලිසිය සොයන්නටය. හාවෙක් කැළයකට අත්හැර ඇත්තේය. සමීක්ෂණයට ගිය පොලිස් කණ්ඩායම් හාවා සොයා ගත යුතුය. ඇමරිකන් උන් සතියක් ගොස් වැඩේ අතැර ඇත්තේය. ඉන්පසු ගිය රුසියන් උන් සති දෙකෙන් වැඩේ අතැර ඇත්තේය. එංගලන්ත උන් ද නැවත පැමිණ නැත්තේය. අවසානයට ගිය අපේ පොලිසියේ අය හිවලෙක් අල්ලාගෙන ආවෝය. ඌ නහයෙන් කටින් ලේ පෙරාගෙන එනගමන් කියා ඇත්තේ “හරි හරි සර්.. මම හාවා කියල පිළිගන්නම්“ කියාය. අපේ පොලිසිය එහෙමය. වැඩේ කෙවිටෙන් බැරි නම් බැටන් පොල්ලෙන් හරි කරනවාය.

ඒ සිද්ධිය සෑමාට මතක් වුයේ ගමේ සීන් එකක් නිසාය. දිනක් පාන්දර එකට පමණ සැට් එකක් හන්දිය පැත්තට දුවනවා සෑමාට ඇසී ඇහැරුණේය. ඒ දින වල හමුදාවේ සිටි තරුණයෙකුගේ මලගෙයක් තිබුණේය. ඒ අස්සේ ගමට ආ සැට් එකක් එතැන තිබූ ත්‍රී වීල් එකක් පැදගෙන ගොස්ය. ගමේ උන් හොරා අල්ලන්න දුවන්නෝය. උඩුමහලේ සිට සීන් එක බලා සිටි සෑමා පහළ ට බැස්සේ ගමේ උන් ඉන්නා නිසාය. එතැනට ගොස් විපරම් කළ විට සිද්ධිය ඇත්තය. මල ගෙදර අසල තිබූ කොළ පාට ත්‍රී වීල් එකක් පැදගෙන ගොස් ඇත්තේ හොරු සැට් එකක්ය. හොරු පස්සේ දුවන්නට නොහැකි නිසා සෑමා ගෙදර පැමිණ නිදා ගත්තේය. නැවතත් කතාව අලුත් වන්නේ හොරු පස්සේ දිව ගිය මිතුරෙකු මුණ ගැසුණු නිසාය. අපේ උන් හන්දියේ සිටියදී ඉදිරියට පැමිණි පොලිස් ජීප් එකකට විස්තරය කියා ඇත්තේය. පොලිස් ජීප් එක සෙනිකව ආපසු හරවාගෙන ගොස් ඇත්තේ “බය වෙන්න එපා අපි දැක්කා වීල් එකක් යනවා, අපි අල්ලං එන්නම් කියාය.“ සිරිලාංකික පොලිස් වචනය උද්ගෝෂණයේදී වදින ජල ප්‍රහාරය තරම් පට්ට ෂුවර් නිසා අපෙ උන් නැවත මලගෙදර ගොස් ඇත්තේය. එහි සිටියදී පැයක් පමණ ගත වෙද්දී පොලිසිය පැමිණ ඇත්තේ වීල් එකක් සමඟය. එය පැදගෙන ඇවිත් ඇත්තේ පොලිසිය ‘හොරු‘ යැයි නම් කළ පිරිසක්ය.

“කෝ අර මල්ලිලා.. මෙන්න බඩු අපි අල්ලගෙන ආවා..“

“කෝකද රාලහාමි??“

“මේ තියෙන්නේ.. “

“මේක රතු පාට විල් එකක් නෙ රාලහාමි.. අපි යද්දිම කිව්වේ අරන් ගියේ කොළ පාට එකක් කියලා..“

“ආ මේක නෙවෙද?? තමුසෙලා යනවා එහෙනම්..“

කියමින් පොලිසිය රතු පාට වීල් එක ඇතුලේ සිටි කොල්ලෝ දෙතුන් දෙනාව පිටත් කර ඇත්තේය. ඉන්පසු අපෙ උන්ට පසුදා පොලිසියට ගොස් පැමිණිල්ලක්ද ලියන්නට සිදු වී ඇත්තේය. 

sAm_ශ්‍රී_9:50pm_03/04/17

Monday, April 3, 2017

ආදායම් බදු නිලධාරීන් වහලයෙන් හෝ පැමිණිය හැක... - Income tax on the roof !!


කාන්තාවෝ වයස හංගන්නෝය. පිරිමි තමන්ගේ පඩිය හංගන්නෝය. සාමාන්‍ය විදිහ ඒකය. වයසට යන ඇන්ටිලා කොණ්ඩය කොටට කපන්නෝය. ඒ ඩයි කිරීම ලේසි වන්නටය. සුදු කොණ්ඩය වරින් වර කළු කරනවා වඩා එකවර ටින්ට් කිරීම පහසුය. ඒ නිසා ඔවුන් කෙලින්ම කොණ්ඩය කොටට කපා ටින්ට් කරන්නෝය. ඒ ක්‍රමය පහසුය. මේකප් එකක් දමා එළියට බහින්නේ රැලි මැකෙන්නටය. විටක බෙල්ල වැහෙන්නට පවා හයි-නෙක් අදින්නෝය. ඒත් රැලි වැහෙන්නටය. කාන්තාවෝ ඒ සියල්ල කරන්නේ තමන්ගේ වයස වහන්නටය. පිරිමින්ට වයස වැසීමේ අවශ්‍යතාවයක් නැතිය. තිබුණත් කාන්තාවන්ට තරම් නැත්තේය. ඔවුන්ට ඇත්තේ තමන්ගේ පඩිය වැසීමේ උවමනාවක්ය. බොහෝ විට කීයක් ලැබුනත් වැඩියෙන් පෙන්වීමටය. හැබැයි ලොවෙත් ගාණ මෙච්චර යැයි නොකියන්නෝය. විදිහ එහෙමය. ඒ තමන් වියදම් කරන ප්‍රමාණය සැඟවීමට විය හැකිය. නැතිනම් ඉතිරි කරන ප්‍රමාණය සැඟවීමට විය හැකිය. කෙසේ හෝ අයියාට ඇති පඩි ගණන කීවත් තමන්ට ලැබෙන පඩිය කීයද කියා නොකියන්නෝය.



ඉස්සර සෑමා වැඩ කළ කම්පැනියක ඩෑල් එකක් කිව්වේ කවදාවත් ගෙදරට කලින් යන්නට එපා කියාය. ඌ විවාහ වී සිටි අයෙක්ය. කලින් ගෙදර ගියොත් පවුල සැකෙන් බලා අසන්නේ ඇයි අද කලින් කියාය. පරක්කු වී ගියත් පවුල අසන්නේ මොකෝ අද පරක්කු කියාය. ඒ නිසා ඔහු අනුගමනය කළේ බොරු බිසී සීන් එකක් පෙන්වා පමා වී යෑමක්ය. දිනක් වෙලාවට කලින් ගෙදර ගොස්, දොරට තට්ටු නොකර එළියේ ඇති පුටුවක වාඩි වී නින්දක් දමා වෙනදා වෙලාවට දොර ඇර ගත් බවක් හෙතෙම කිව්වේය. ඒ කලින් නිවසට ගොස් කුණු කතන්දර ඇසිය නොහැකි නිසා විය යුතුය. තවත් වරක් වේයන්ගොඩින් බැසිය යුතු කෝච්චියේ ඊටත් වඩා දුරක් ගොස් නැවත ගෙදර ආ බවක් කිව්වේය. ඔහු කිව්වේ ගෙදර ඉන්නවාට වඩා කම්පැනිය ඇතුලේ සිටීමෙන් කරන්නට ඇති රාජකාරී අඩුවන බවක්ය. ඒ තරමට ඔහු වැඩට ඇවිත් නිදහසේ සිටියේය. එකම කම්පැනියක වයසට යන ඩෑල් එහෙමය. ඔවුන්ට ඉහළ නිලධාරීන් කිසිම කරදරයක් නොකරන අතර උන් පාඩුවේ කාලය ගත කර ගෙදර යන්නෝය. සැබවින්ම සැදෑ සමය ගත කරන්නේ කම්පැනියේය.

පඩියේ ප්‍රමාණය සිය බිරිඳට සඟවන්නට යෑම ටිකක් දරුණු වැඩක්ය. ඔවුන් හිතන්නේ යකෝ මූ වෙන එකියකට වියදම් කරනවා කියාය. නැති නම් මූ අඩියක් පුඩියක් ගසා සියල්ල කාබාසිනියා කරනවා කියාය. ඒ ඇරත් pay slip එකක් හෝ බැංකු පොතක් අහු වුණොත් සියල්ල අවුල් ජංජාලයක් වන්නේය. ඒ නිසා ගෙදර උන්දෑට ආදායම් වියදම් පිළිබඳ යම්තාක් දැනුවත් කිරීම වටින්නේය. එය ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ බජට් එක මෙන් දශමයට තිබිය යුතු නැත්තේය. දළ අදහසක් ලබා දී තිබෙන්නේ නම් ප්‍රමාණවත්ය.

තත්වය එසේ තිබියදී අපේ මිතුරෙකු අනුගමනය කළේ ඉතා දරුණුම ක්‍රම වේදයක්ය. ඒ තමන්ගේ ආදායම පිළිබඳව බිරිඳට සැගවීමය. ඇය ප්‍රශ්න නොනගන තාක් එය අවුලක් නැතිය. එහෙත් කොනක් අල්ලා ගත් දාට වසන්නට වෙන්නේ සදාතනිකව කම්පැනිය ඇතුළේය. ඩෑල් එක ගෙදරට අඩු පාඩුවක් නොකරන්නේය. පඩිය ගැන නිවසට සැගවූයේ කාන්තාවන්ගෙන් වෙන අනිසි, වියදම් අඩුකරන්නට විය යුතුය. ඒ නිසා හෙතෙම පඩිය කොපමණද කියා වසන් කරන්නට තම pay sheets පවා අස්ථාන ගත කොට තැබුවේය.

දිනක් වහලයේ කැඩුණු මුදුන් උළු කැටයක් මාරු කිරීම පැවරෙන්නේ අප මිත්‍රයාටය. මිත්‍රයා තරමක් උස මහත නිසාත්, බර වැඩි නිසාත්, වහලට නැගීමේදී සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට හෙතෙම වහලයට නග්ගන්නේ තම බිරිඳවය. ඇය කෙට්ටුය. හීන්දෑරිය. බර අවමය. කෙසේ හෝ වහලයට හේත්තු කළ ඉනිමග දිගේ ඇය ඉහලට නගිද්දී අප මිත්‍රයා ඉනිමග අල්ලාගෙන සිටියේය. ඇය වහලට නැග්ගාය. පහළ තිබූ මුදුන් උළු කැටයක්ද ඇයට දී කැඩුණු උළු කැටයද පහළට ගත් ඔහු ඉනිමඟ අල්ලාගෙන සිටියේය. උළු මාරු කිරීමේ කාර්යය අවසන් වන්නට වෙලාව ඇතිය. කැඩුණු කැටය බිමය. අළුත් කැටය නිවැරදි තැනින් ඇය තැබුවාය. අප මිත්‍රයා ඉනිමඟ පාමුලය. පැය කාලක් ගත් වුණේය. ඇය සද්ද නැතිය. පැය භාගයක් ගත වූයේය. ඇය සද්ද නැතිය. කුමක් හෝ ලොකු සීන් එකක් වහලය මත සිද්ධ වෙනවා යැයි සිතූ මිතුරා හඬ අවදි කර ඇත්තේය.

“ඒයි... ඔයා කොහෙද??“

ඇය සද්ද නැතිය. දෙතුන් වතාවක් හඬ අවදි කොට ඔහු ඇයව සොයා ගත්තාය. ඉන්පසු ඇය වහලය මතින් නැගී සිටියේ කුඩා කඩදහි කොළ සැට් එකක්ද අතැතිවය. අපේ මිත්‍රයාට හීන් දාඩිය දමන්නට ඇත්තේ එතැන් සිටය. ඇය වහලයේ ෂීට් කැබැල්ලක් අස්සෙන් සීලිම මත තිබූ කොළ කැබලි කිහිපයක් පරික්ෂා කර ඇත්තීය. එය හොදින් කියවා බලා, පිළිවෙලකට සකසාගෙන ඇය පහළට බැස ඇත්තේ තම ස්වාමියා අත් අඩංගුවට ගැනීමටය. එතෙක් කල් කාමරයේ සීලිං ෂීට් කැබැල්ලක් ඔසවා, සීලිම අස්සේ සැඟවූ අප මිත්‍රයාගේ pay sheet සියල්ල හසු වූයේ එලසය. ඔහු නැවත තම බිරිඳව වහලයට නග්ගන්නට පෙර දෙවරක් හිතනවා ෂුවර්ය. නැති නම් Income tax එකට හසු නොවුනත්, තම බිරිඳට හසු නොවී හිදීම බොරු බව තේරුම් ගන්නවා ෂුවර්ය.


Written_by_sAm_ශ්‍රී_9,30PM_03/04/17

Saturday, April 1, 2017

සම්මාන නොලැබූ උන්මාදයෙන් ලියමි.. !!


සම්මාන ලද සැමට ජය වේවා කිව යුතුය. 



බ්ලොග් එකක් පටන් ගෙන එක පෝස්ට් එකක් දමා සම්මානයක් ලබා ගත හැකිය. ඒ එකම පෝස්ට් එක පට්ට නම්, සුප්පා නම්, නොමිනේට් වූයේ නම්, එතැනිනුත් ගොඩ ගියේ නම්, සම්මානයක් ගත හැකිය. බ්ලොග් එකක් පටන් ගෙන වසර දහයක් ගොස් සම්මානයක් නොලැබී සිටිය හැකිය. පටන් ගත් දා සිට දැමූ ලිපි දස දහසකින්, පට්ට එකක් නැති වීමෙන්, සුප්පා එකක් නැති වීමෙන්, නොමිනේට් නොවීමෙන්, සම්මානයක් නොලැබී සිටිය හැකිය. එකක් එලියට දමා පිදුම් ලැබීමට දක්ෂ විය යුතුය. දස දහසක් දොට්ට දමා පිදුම් නොලැබීමටද දක්ෂ විය යුතුය. කැරම් ඉස්සර ආතල්ම ක්‍රීඩාවක්ය. දැන්ද ආතල් ක්‍රීඩාවක් වුවත් ගසන්නට සැට් නොවෙන නිසා ඒ ආතල් එක ගත හැක්කේ ගසනා කාලයේ පමණක්ය. ඇස් පියාගෙන ඩිස්ක් එකට වරක් ගසා එක ඉත්තෙක් වලට දැමීම දක්ෂ කමක්ය. ඉත්තෝ දහනවයම බෝඩ් එක මත සිටියදී ඇස් ඇරගෙන ඩිස්ක් එකට ගසා, එක ඉත්තෙක්ටවත් නොවදින්නට ගැසීම තවත් දක්ෂකමක්ය. වෙනස ඇත්තේ පිදුම් ලැබීම හා නොලැබීම අතරය. එහෙත් ලැබීම එක බව තේරුම් ගත යුතුය.

සම්මාන ලද අයට අත්පුඩි ගසනා අතර අඩේ අපිට නෑනේ යැයි අත්පුඩි අතර හුලං පුරවන අයද නැත්තේ නැතිය. මේ පෝස්ට් එක කියවා අවසන, දෙඅත් අතර හුලං පිරවූ අය අතර සෑමාද සිටියා යැයි ලේබල් නොගැසෙන්නේ නම් පුදුම විය යුතුය. නෙලුම් පිපෙන්නේ මඩේය. මඩ නොගෑවී නොලුම් දිය මත පිබිදෙන්නේ අරුමයක් ලෙසය. අවාසනාවන්තව පොහොට්ටු බිමට නැවී මඩේ එරී යන එක ගැන කතා කරන්නට කිසිවෙකු නැත්තේ කරුමයක් ලෙසය. ඒ අරුමය සහ කරුමය අතර වෙනස පහදන්නට සෑමාට බැරිය. සම්මාන උලෙල නිසා නිදි ගත් බ්ලොග් ඇහැරුණු බව පෙනෙන්නට තිබිණ. උලෙලේ සිදු වූ අක්‍රමිකතා පිළිබඳව කතන්දර රැල්ලක් ගිය බව දැක ගන්නට ලැබුණේ බුකියෙන්ය. වූයේ මොනවාද, නොවූයේ මොනවාද යැයි සෑමා සොයන්නට නොගියේය. එහෙත් පෙනෙන්නට ඇති සම්මාන නොලැබූ උන්මාදය ගැන ලිවිය යුතුය. අම්මට හුඩු තෑගි දෙනවා ලියපල්ලා කිව්වොත් ලියනා උන්ව උසි ගන්වන තැන නැති කළ යුතුය. ඒ නිසා දන්නා බ්ලොග් අතීතය සිහිපත් කළ යුතුය.

සිංහල කොටා ගන්නට බැරිව ඉන්නා කාලයේ සිංහල බ්ලොග් ගොඩ දැමීමට, සිංහලෙන් අදහස් ප්‍රකාශ කිරීමට, ඉදිරිපත් වූ පිරිස් ගැන නම් වශයෙන් ලිවිය යුතු නැතිය. එදා උන් නොහිටින්නට බ්ලොගක් දැමීම, පෙර දින රාත්‍රි යේ අධි මාත්‍රාවට කෝපි බිව්වාට පසු බොගක් දැමීම තරම් අපහසු වන්නේය. ඒ කරදර, අමිහිරි අතීත දැන් වැඩක් නැත්තේය. ඒ ඒ අයට ඒවාට සම්මාන ලැබිය යුතුය. ඒවා භෞතිකමය එව්වා නොවේය. ජනතා සම්මානය. බුකියට ගිය තැන අද තනිකරම ඇත්තේ සිංහල යුනිකෝඩ්ය. මොනවද යකෝ මේ උබලා දාන කිසි දෙයක් පේන්නේ නැහැ කියූ උන් එදා බහුලය. බ්ලොගක් සිංහල යුනිකෝඩ් වලින් ලියා බුකියේ ශෙයාර් කරන අතීතයේ බ්ලොග් ලියූ අපේ උන් වෙන උන්ගෙන් බැනුම් ඇසූ වාර අනන්තය. උනන්දුව ඇති සමහරු යුනිකෝඩ් භාවිතයට සහ සිංහල අකුරු පෙනෙන විදියට තම පරිගණක සකසා ගත් අතර අනිත් උන් බ්ලොග් ලියන උන්ට සාප කළෝය. මුන් දාන කොටු අපිට වැඩක් නැහැ කියා අහක බල ගත්තෝය. එහෙව් උන් සිංහල අකුරින් බුකියේ කොටන්නේ අද ආඩම්බරයෙන්ය. එදා බ්ලොග් වලට සිංහල අකුරු අමුණන්නට වෙර දැරූ අයට ජනතා සම්මාන හිමිවිය යුතුය.

උන්ට පිහිට වන්නට අප අටවා ගත් බ්ලොග් සියල්ල ක්‍රියාත්මක වූයේ දැනුම, විනෝදය, සතුට බෙදන මධ්‍යස්ථාන ලෙසය. බ්ලොග් ගෙට්ටුගෙදර්, සයිබර් ෆෙස්ටිවල්, සඳහා මුල් ගල් තැබූ උන් ජනතා සම්මාන ලද යුතුය. උන් කළ සියල්ල සම්මාන ලබන අටියෙන් නොවේය. එම සියළු ක්‍රියාකාරකම් අගය කළ යුතු තැනට පත් විය යුතු නම්, සම්මාන ලබා දීමේ ක්‍රියාකාරකම්ද අගය කළ යුතු තැන තිබිය යුතුය. ඒ තැන ලබා දීමට සෑමා නොපැකිලෙන්නේය. අක්‍රිය උන් සක්‍රිය කිරීමට සම්මාන උලෙලකට හැකිය. ලිපියක තත්වය උසස් කරලීමට සම්මාන උලෙලකට හැකිය. ලියන්නන්ට තම තරම මැන ගැනීමට සම්මාන උලෙලකට හැකිය. එමෙන්ම තරඟයක් ඇති කර සීතල යුද්ධයක් ඇති කිරීමට, නොලැබීමේ කුහකත්වයෙන්, ලැබීමේ උන්මාදයෙන්, නොහොබිනා දේශපාලනයෙන්, නෙලුම් පොකුණක් බොර කර, මඩ තැවරීමට සම්මාන උලෙලකට හැකිය. නෙලුම පිපෙන්නේ යටින් ඇත්තේ මඩ බව දැන දැනය. මොහොතක මුව පහළ නමා මඩ තවරා ගැනීමේ හැකියාවද සහිතව නෙලුම පිපී වැනිය යුතුය.

මෙය ලියන්නට ඇත්තේ කුහක කමින්ය. සෑමා සම්මාන නොලද උන්මාදයෙන්ය. කිසිවෙකුට කිව හැකිය. සම්මාන උලෙල ආරම්භ වූ දා සිටම නිර්දේශ වූ, සම්මාන ලැබූ, බ්ලොග් සහ බ්ලොග් ලිපි ගැන සෑමා අවධානයෙන් සිටියේය. මෙවර ඒ පිළිබඳ සොයා බැලීමට සෑමා උත්සාහ නොගත්තේය. වෙඩිම මනාල යුවලගේ වූවාට, ඡායාරූප ශිල්පියාට, මේකප් ආටිස්ට් ට, පෝරුවට නග්ගන අයට, වෙඩිමට පැමිණෙන අයට පවා උත්සවයට බලපෑමක් එල්ල කළ හැකිය. එය සෘජු හෝ වක්‍ර විය හැකිය. කරන්නට පෙර සහ කළාට පසු කාටත් කතන්දර ඇසිය හැකිය. සක්‍රීය බ්ලොග් කරනයේ නොමැති නිසා වැඩි විස්තර සොයන්නට සෑමා කල් නොගත්තේය. එහෙත් පෙර සෑම වාරයකම බ්ලොග් අඩවි, බ්ලොග් ලිපි කැටගරි අනුව නිර්දේශ වූ සියළු ලිපි පිරික්සා බලා ඒවායේ සම්මාන ලැබිය යුතු මට්ටමක් සෑමා දුටුවේය. ඒ නිසාම “ඇයි බං උබට සම්මාන නැද්ද?“ ඇසූ අයෙක්ට සෑමා පිළිතුරු දුන්නේ සම්මාන ලැබිය යුතු මට්ටමක නොමැති නිසා තමන් එයට අයදුම් නොකළ බවක්ය. එතැනින් නොනැවතී ප්‍රශ්න කිරීමට ගැඹුරටම යන නිසා සංකීර්ණ පිළිතුරු බැදීමක් නිසා ඔහු නතර වූයේය.

2011 වසර සිට 2015 වසර දක්වා වසර හතරක් සක්‍රීයව බ්ලොග ලියා, 2017 වසර දක්වාම වසර හයක් බ්ලොග ලියා, ලිපි 450ක් ලියූ බව සෑමා ඔහුට කීවේය. ඉන් සම්මාන ලබන්නට තරම් ලිපියක් තේරීම් කරන කැටගරි 16ටම සෙට් නොවන බවත් සෑමා කීවේය. ඉන් ලද හිට්ස් ලක්ෂ 9 වටිනාකමක් දිය නොහැකි වස්තුවක් බව සෑමා කියූ විට ඔහු කිව්වේ “ඔහොම කිව්වට දුන්නොත් නම් ගනියි“ කියාය. දුන්නොත් ගන්න, තරඟයට ඇප්ලයි කළ යුතුය. ඉදිරිපත් නොවී දෙන්නේ නැතිය. ඒ නිසා දුන්නොත් ගන්න නොහැකිය. ප්‍රශ්නය ඇසු ඔබ මෙය කියවා අවසන සෑමාට හොරෙන් හෝ ලිපි කිහිපයක් තෝරා ලබන වර තරඟයට යවන්න. බැරි වෙලාවත් “දුන්නොත්“ ඔබ එය ලබා “ගන්න“. සෑමා එව්වාට නොඑන නිසා අපේ අනිත් උන් ලව්වා ඔබට සෑමා අත්පුඩියක් විසිල් එකක් ගස්සවනවා ෂුවර්ය.

ලද, නොලද, ලියන, සැමට ජය.. !!

sAm_ශ්‍රී_11:55pm_31/03/17

Wednesday, January 18, 2017

සිංහල බෙහෙත් ඉංග්‍රීසියෙන් බිව්වා වගේ.. - Struggling with Prescription !!


ආයුර්වේද බෙහෙත් ක්‍රමයට අපේ උන් කියන්නේ සිංහල බේත් කියාය. බටහර වෛද්‍ය ක්‍රමය ඉංග්‍රීසි බෙහෙත්ය. ඊට අමතරව හෝමියෝපති ප්‍රතිකාරද දැන් මාකට් එකේ ඇත්තේය. සෑමා ඒ බව දැනගත්තේ වැලිසර තිබෙන හෝමියෝපති හොස්පිට්ල් එක නිසාය. සෑමාගේ නැන්දා කෙනෙකු ආතරයිටිස් රෝගයට හෝමියෝපති බේත් අරගෙන තිබ්බාය. ඇයට අනුව නම් දැන් සනීපය. ඊට පසුවත් ඇයත් සමඟ බෙහෙත් ගන්නට ගිය කිහිප දෙනෙකු දැන් ගුණයැයි කියන්නෝය. හෝමියෝපති බෙහෙත් ගුණ අගුණ කෙසේ වෙතත් ඒ බෙහෙත් බොන එක නම් ආතල් පාටය. ඒවා පුංචි සීනි බෝල වැනි බෙහෙත්ය. කටේ දමා ගැනීමට පහසුය. තිත්තද නැතිලුය. ඒ නිසා බටහර බෙහෙත් වලට වඩා ආතල් විය හැකිය. ආයුර්වේද බෙහෙත් නම් කෝමත් පැණි වගේ නිසා අවුලක් නැතිය. චූර්ණ, ගුලි වගේ ඒවා නම් ටිකක් තිත්ත විය හැකිය. පත්තු, ඔත්තු, කුත්තු වගේ බෙහෙත් නම් විටක ගඳය, විටක සුවඳය. ඒවා හැදිල්ල සහ බැඳගෙන සිටීමේ අපහසුව පමණක් ඇත්තේය.



සෑමා නම් කාටවත් බෙහෙත් ගන්නට තැනක් රෙකමන්ඩ් කරන්නට යන්නේ නැතිය. අදහසක් පමණක් ඔලුවට දමනවා මිසක රෙකමන්ඩ් කිරීම ප්‍රායෝගික නැත්තේය. බොහෝ බෙහෙත් වලට වඩා ඇත්තේ රෝගියාගේ මනසට වැටෙන ආකල්පයන්ය. අතන හොඳයි, අර බෙහෙත් හොඳයි යන සංකල්පය ඔලුවට වැටීම මත රෝගය සුව වීමට ඇති ප්‍රතිශතයද වෙනස් වෙන බව සෑමාට හිතෙන්නේය. “ප්ලැසිබෝ“ හෙවත් “Placebo Effect“ එක අනුව සුව වීම හේතු සාධකයක් බව සෑමාට හිතෙන්නේය. කිටියාගේ සීයා අවසාන කාලයේ හෘද රෝගය සඳහා GTN (Glyceryl Trinitrate) භාවිත කළේය. එහි අතුරු ආබාධයක් ලෙස හිසේ රුදාව ඇතිවන බව කවුරුත් දන්නේය. ඔහු විට අදාල මාත්‍රාවට වඩා බෙහෙත් ඉල්ලුවේ පපුව රිදෙනා බව කියමින්ය. ඒ අවස්ථාවේදි ඔහුට ලබා දෙන්නේ ප්ලැසිබෝ ආකාරයේ කිසිම ක්‍රියාකාරීත්වයක් නැති බෙහෙත්ය. එය ගෙන ඔහු පවසන්නේ වේදනාව අඩු වූ බවක්ය. ඒ සියල්ලටම හේතුව ඔහුගේ සිතුවිල්ලය. එලෙසම සමහර දාට සෑමා දුටු විට ඔහු ඉල්ලා සිටින්නේ පොඩි අඩියක් ගසන්නට තිබුණා නම් හොඳයැයි කියාය. අසනීපකාරයා නිසාත් බෙහෙත් බොන නිසාත්, මධ්‍යසාර තහනම්ව තිබූ නිසා සීයාට අවුල්ය. විශේෂ අවස්ථාවක පොඩි ෂොට් එකක් හොරෙන් හෝ, කොහෙන් හෝ ලැබුණත් ඩේලි ගැසිලි බොරුය. විටක නිවසේ ඇති ඇපල් ජූස් එකක් වතුර අඩුවෙන් දමා සාදා දෙන්නේ මධ්‍යසාර කියාය. එක හුස්මට එය ගසා දමන සීයා ප්ලැසිබෝ ආතල් එකක් ගනු සැමා දැක ඇත්තේය.

සිංහල සහ ඉංග්‍රිසි බෙහෙත් ගැන සෑමාගේ දළ ආකල්පය නම් මෙසේය. උණක්, හෙම්බිරිස්සාවකට ඉංග්‍රිසි බෙහෙත් ශේප්ය. පීනස වගේ සීන් එකකට සිංහල බෙහෙත් කිරීම සාධාරණය. ඊට අමතරව සෑමා සිංහල බෙහෙත් හොඳ යැයි කියන්නේ අතක් පයක් කැඩුනු සීන් ජොයින්ට් කිරීම් සඳහාය. ඊටත් කළින් හදිසි අනතුරු වාට්ටුවේ හෝ සිට ඇන්ටනා වගේ යකඩ කූරු බස්සා ට්‍රයි එකක් දිය යුතුය. ගල් ප්ලාස්ටර් දමා හෝ ට්‍රයි කර බලා එහෙමත් සැට් වෙන්නේ නැත්තං සිංහල බෙහෙත්, පත්තු පිහිටය. සෑමා සතුව ඇත්තේ එහෙව් සිම්පල් ප්ලෑන් එකක් ය.

හොස්පිට්ල් පවා කිසිවෙකුට රෙකමන්ඩ් කරන්නට නොයායුතුය. සොයිසා හොඳ එකාට කාසල් හොද නැතිය. කාසල් හෝ සොයිසා හොඳ උන්ට ජපුර හොඳම නැතිය. රිජ්වේ නම් බහුතරයකට හොඳය. උණ නම් IDH තමා හොඳම කියූ විටක අයෙක් සෑමාට කිව්වේ පිස්සුද මහ ඉස්පිරිතාලේ තමා හොඳම කියාය. එසේ කියද්දි මීගමුව රෝහල ඩෙංගු වලින් ලංකාවේ හොඳම සේවාව ලබා දී තිබු බව පුවත්පත්වලද තිබුණේය. එතැනින්ම පෙනෙන්නේ හොඳ නරක තීරණය වන්නේ එක් එක් අයගේ සිතුවිලි මත බවය. එලෙසම කුමන හොස්පිට්ල් එකකදී හෝ කෙලවෙන්නේ කුමක් හෝ කරුමයක් නිසා බවය. 

මෑතකදී සෑමාගේ මිතුරෙකුට සෙම්ප්‍රතිශ්‍යාව දරුණු වී තිබුණේය. උදෑසන කෝල් එකක් දුන් පොර පැවසුවේ අඩේ ඉන්න බැහැ සෑමා උණ ගන්න වගේ කියාය. එහෙනම් බෙහෙත් ගනින් යැයි සුපුරුදු උත්තරය දුන් සෑමා කතා බහ කර දුරකථනය විසන්ධි කළේය. පසුව දහවල නැවතත් කෝල් එකක් ආවේ උගෙන්මය. එහා පැත්තේ සිට පොර අමාරුවෙන් කතා කළේය. උණ ඩබල් වී ඇත් බවක් සෑමාට දැනුණේය. එකවර එහා පැත්තෙන් දුරකථනය විසන්ධි වූ අතර නැවත නැවත ට්‍රයි කළද මිතුරාව සම්බන්ධ කර ගැනීමට සෑමාට නොහැකි වූයේය. අවසන උත්සාහය අතැර දැමූ සෑමාට පසුදා උදෑසන නැවත මිතුරාගෙන් ඇමතුමක් ලැබුණේය.

“මොකෝ *&) උනේ.. ෆෝන් එකක් ඕෆ් වුණා නේද??“

“ඔව් බං මට එකපාරට හෙම්බිරිස්සාවක් හැදුනා.. මම ෆෝන් එක ඕෆ් කරන් ගෙදර ආවා..“

යකාගේ සීන් එකක්ය. හෙමබිරිස්සාවක් ඌට එක පාර ඇවිත් ඇත්තේය. ෆෝන් එකත් ඕෆ් කරන්න තරම් කේස් එකක්ය. ඒ අමාරුව අපේ මිතුරාට දින කිහිපයක් තිබුණේය. අවසන් වතාවට සෑමා කිව්වේ උබට ඉංග්‍රිසි බෙහෙත් අරන් හරි ගියේම නැතිනම් සිංහල බෙහෙතක් ගනින් කියාය. මිත්‍රයා එම අදහසට එකඟ වන්නට ඇතිය. ඉංග්‍රිිසි බෙහෙත් අරන් දින දෙකක්ද ගතවී සුව නොවූ තැන මිතුරා එයට එකඟ වන්නට අැතිය. ඒ අනුව ඔහු සිංහල බෙහෙත් අරගන්නට ගොස් තිබුණේය.

“අඩෝ සෑමා කැ&^ සීන් එක බං..“

“ඇයි මොකෝ උනේ.. උබට හොඳ නැද්ද තාම??“

“මම ගියා බං සිංහල වෙදෙක් ලඟට.. අපෙ ගෙවල් ලඟම..“

“මොකො උනේ?? ඌ නස්නයක් වත් කලාද??“

“මොන නස්නද බං?? ඌ මට බේත් තුන්ඩුවක් ලියල දුන්නා..“

“ඉතිං ගිහින් ගනින් බේත් බඩු කඩේකින්..“

“රෙද්දෙ බේත් බඩු කඩේ.. ඌ ලියල දුන්නෙ පැරසිටමෝල්, ඇමොක්සිලින්, ෆෙක්සොෆෙන්ඩීන් දුන්නා බං..“

“හැමිනෙනවා.. උබ කලිනුත් ඉංග්‍රිසි බේත් ගත්ත නේ.. උබ දැන් මේකත් අරන් බිව්වද??“

“ඌත් යකාගෙ වෙදෙක් බං.. ආයෙත් ඔය බේත් ටික බොන්න පුලුවන්ද බං??“

“ඉතිං උබ මොකද කළේ...??“

“මම සිංහල බේත් කඩේකට ගිහින් තල් සූකිරියි, සිරප් එකකුයි ඉල්ල ගත්තා බං..“


Written_by_sAm_ශ්‍රී_9:45_pm17/01/17

පලි - කෙසේ හෝ අප මිතුරා දින කිහිපයකින් විශේෂඥ්ඥ වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගෙන සුව වූ බව කිව යුතුය.

Monday, January 16, 2017

ඒක තියෙන්න ඕනි ඕනෙම වෙලාවට... - Should be there in Need !!


සෑමා ශිෂ්‍යත්වයට පෙර පාසැල් ගියේ ගමේ ඉස්කෝලයටය. එතැන අපේ කාලයේදී නම් අවශ්‍ය ප්‍රමාණයට පහසුකම් තිබුණා යැයි කිව හැකිය. එහෙත් එය සාපේක්ෂව ගණන් බැලීමක්ය. ගමේ දරුවන්ට තිබුණු පහසුකම් අනුව සියල්ලෝම පාසැල් ආ බව සැබෑය. එක වසරේ සිට කිසිදාක කකුලේ කිසියම් තුවාලයක් නොවන්නට බොහෝ දරුවන්, යහළුවන් සපත්තු පැලැදුවෝය. එය ඒ කාලයේ හැටියට නම් අවශ්‍යතා සම්පූර්ණ වීමක් බව කිව යුතුය. පාසැල් බෑග් පවා බොහෝ අයට තිබුණේය. හැම වසරකම අලුත් පාසල් බෑගයක් භාවිත කිරීමේ අවශ්‍යතාවයක් කිසිවෙකුට නොතිබුණු නිසා කිලිටි වෙනතුරු හෝ කැඩී බිඳී යනතුරුම බෑග් එක භාවිත කිරීම ඉතා සතුටුදායක කරුණක් වූවේය. බෑග් නොමැතිව කිසිවෙකුත් පාසල් ආවා සෑමාට මතක නැතිය. ක්‍රීඩා කිරීමට අවශ්‍ය විටක බැට් එකක් බෝලයක් සපයා ගැනීම එතරම් ලොකු ගැටළුවක් වූයේ නැතිය. සියලු අවශ්‍යතා සම්පූර්ණ වූ පාසලේ ගැමි කමක සුන්දරත්වයක් තිබූ බව නම් කිව යුතුය.

පහ වසරේ ශිෂ්‍යත්වය පාස වෙනතුරු සෑමා සිටියේ එම පාසලේමය. දිනක් අපේ පන්තිභාර කළ්‍යාණි ගුරුතුමිය කහ, කොළ, රතු වර්ණයන්ගෙන් LED බල්බ රැගෙන එන්නට කීවාය. ඒ Traffic ලයිට් සෙට් එකක් හදන්නටය. ඒ කාලයේ සිටම සර්කිට් එක්ක හැප්පුණු සෑමාට ලයිට් වැඩ කිව්වාම ඉහටත් උඩින්ය. ඉතින් පහුවදා උදේම ලයිට් තුන රැගෙන යා යුතුය. රැගෙන ගොස් මා දන්නා වැඩ කෑලි දැමිය යුතුය. ඒ කාලයේ LED බල්බයක් රුපියල් දෙකක් තුනක් අතර බව සෑමාට මතකය. ගෙදරට හොරෙන් ගත් බල්බ සෙට් එකක්ම සෑමා සතුය. කූරු කැඩුණු ඒවාද විසික් නොකර ලඟ තබා ගන්නේ කවදා හෝ වැඩක් වේවි යැයි සිතාය. එහෙත් ඒවායින් වැඩක් ගත්තේම නැති තරම්ය. ලඟ තිබුණු පාට තුනේ බල්බ තුනක්, වයර් කැබලි, රිජිෆෝම් කැබැල්ලක්, සහ බැටරි කැබලි දෙකක් මේසය මත තියා ගත් සෑමා පසුදා පාසල් ගමනට සූදානම් ව සිටියේය.

පසුදා පාසල ආරම්භ වුයේය. කළ්‍යාණි ටීචර් පන්තියට පැමිණ උදෑසනට ට්‍රැෆික් ලියිට් සෙට් එක සැදීමේ ව්‍යාපෘතිය සඳහා අප කණ්ඩායම් තුන හතරකට වෙන් කළා මතකය. කණ්ඩායම් හතරම සතුව සියළු උපකරණ තිබුණා මතකය. එහෙත් සෑමා සූදානම් කර ගත් උපකරණ එදා පාසැල් බෑගයේ නොතිබි බව කිව යුතුය. කලින් දා සූදානම් කර ගත්තාට රැගෙන විත් නොතිබුණේය. ටීචර් කිව්වේ නොගෙනාවාට කමක් නැහැ ඉන්න කට්ටිය කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන්න කියලාය. එහෙත් අප කණ්ඩායම සතුව උපකරණ තිබුණත් සියල්ලන්ටම එකතු වී කරන්නට තරම් එක සෙට් එකක් ප්‍රමාණවත් නොවූයේය. එකෙක් බැටරි අල්ලද්දී, තවකෙක් වයර් ඇල්ලුවත්, තුන්දෙනෙකුට සෑහෙන්න වැඩක් එහි තිබුණේය. තමන්ට දායක වෙන්නට බැරිවූ නිසා සෑමා පැත්තකට වූයේය. පැත්තකට වී බලා සිටියේ අවශ්‍ය වේලාවට නොමැති වූ වේදනාවෙන්ය. 

අනිත් උන් සියල්ලෝම වැඩය. සෑමාට ඇති වුයේ තමන් ගැනම කලකිරීමක්ය. උබ මහා මෝඩයෙක්. කල්පනාවක් නැති එකෙක්. බඩු ටික ගෙනාවා නම් වැඩේ කරන්නට තිබුණේය. යන හැගීමක් සෑමාගේ හිත කැකෑරුවේය. උන්ට ඒක කරන්න තේරෙන්නෙත් නැහැ. උබ මේක කළා නම් උබ අද ඩයල් එකක්ය. සෑමා හිත යටින් හැඩුවේය. එදා සෑමාට පැහැදිලි වූයේ කොච්චර තිබුණත්, අවශ්‍ය වේලාවට දෙයක් නැති නම් කිසිම වටිනාකමක් නැති බවක්ය. ඒක මහ කාලකන්නි හැගීමක්. හිත පුපුරුගහන, යටි හිත රිද්දන හැගීමක්.

නැවතත් සෑමා ඒ හැගීමෙන්ම පීඩා වින්දේ හය වසරේදී වාද්‍ය භාණ්ඩ රැගෙන එන්න යැයි ගුරුතුමිය කියා තමන්ට බට නලාවක් රැගෙන යාමට නොහැකි වූ දාය. පන්තියේම උන් බට නලා පිඹිද්දී සෑමා අත බටනලාවක් නොමැති වු අවස්ථාව මුළු ලෝකයක් මැද තමන් තනිවූ හැගීමක් ගෙන දුන්නේය. ඒකත් ඇත්තටම මහ කාලකන්නි හැඟීමක්. මහා තනිවීමක් දැනෙන් අවස්ථාවක්.

ඒත් අපි එච්චර නොලැබීමේ වේදනාවෙන් පීඩා විඳ නැති බව කිව යුතුය. පන්තියේ බහුතරයක් සපත්තු දාද්දි සපත්තු නොදා සෙරෙප්පු දාගෙන ඉස්කෝලෙ යන එකෙක් මම වුණා නම්, වේදනාව කෝම වෙන්න පුලුවන්ද? ඇත්තටම මට, අපිට ඒක එච්චර දරාගන්න බැරි දෙයක් වේවි. ඉස්කෝලෙ හැම එකාම පෝලිමේ ගෙදර යද්දි අනිත් උන්ගෙ කකුල් අව්වට පිච්චෙන් නැතිව ආරක්ෂා වෙද්දි, දූවිල්ලෙන් බේරෙද්දි, පිට්ටනියෙ දුවද්දි ලස්සනට පෙනෙද්දි සපත්තු දෙකක් නැති එකම එකා මම වුණොත් අපිට ගාණක් නොතියෙයිද ?


ඇත්තටම සපත්තු කුට්ටම් ඉගෙනීම මනින සාධකයක් නොවන බව සැබෑය. එහෙත් වෙනස්කම ඇති කරන සාධකයක් බව කිව යුතුය. දරුවෙක්ගේ සිතේ ඇතිවෙන ඒ හැගීම නැති කරන්න අපිට එකතු වීමට අවස්ථාවක් ලැබිය යුතුය. ඒ අවස්ථාව ඇති කරන්න උත්සාහ ගන්නා බොහෝ තැන් වල සයිබර් අවකාශය විශාල පිටුවහලක් වූ බව කිව යුතුය. නගරයේ සිටින නැති බැරි අයට සරණක් ලැබෙන අවස්ථා බොහෝය. දුෂ්කර දුර ඈත ගම් වල දරුවන්ට එහෙම අවස්ථාවක් ලැබෙන අවස්ථා විරලය. අන්න ඒ තැනකදී අපි එකතු විය යුතුය. 



ඉහත රූපයේ සිටියේ දිඹුලාගල, කන්දේගම කණිෂ්ඨ විද්‍යාලීය දැරියන් දෙදෙනෙක්ය. “අරුනළු“ සමාජ සත්කාර නමින් සූදානම් වන්නේ කන්දේගම පාසලට උපකාර කරන්නටය. බ්ලොග් ලියන සිරා (ඔහුගේ ලිපිය මෙතැනින්) පසුගිය දා පාසැල බලන්නට ගියේ ඔවුන්ගේ මූලික අවශ්‍යතා සොයා බලන්නටය.


විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලයේ කීප දෙනෙකු, සමග අරුණළු නියෝජිතයන් එම පාසලට ගොස් ලබා ගත් විස්තර කිහිපයක් ඡායාරූප සහතවම පහතින් ඇත්තේය.


ඉතාමත්ම අබලන් තත්වයේ ඇති ගුරු නිවාස. මේවායේ ඇති අවම පහසුකම් සමග ගුරුවරුන් කල දවස ගෙවන්නේ මේ විද්‍යාලයේ දරුවන්ගේ සුභ සිද්ධිය උදෙසාමය.


චිත්‍ර‍, නැටුම් ඇතුලු සෞන්දර්යය විෂයන්ට අදාළ පන්ති පැවැත්වීම පිණිස ඉඳිකිරීම ආරම්භ කල පන්ති කාමර, ප්‍ර‍තිපාදන නොමැති කමෙන් වැඩ කටයුතු අතර මගය.



භාවිතයට ගත නොහැකි සංගීත භාණ්ඩ වලින් යුත් සංගීත කාමරය, ඉඩකඩ අවම වීමේ ගැටලුව මත ගබඩා කාමරයකය.

මේ සියල්ල සටහන් තබන්නේ අහස අල්ලන්නට තරම් බලාපොරොත්තු රැසක් තබාගෙන නොවේය. අවශ්‍ය තැනදී, අවශ්‍යය පිරිසකට සරණක් වීමටය. සරණක් බලාපොරොත්තුවෙන් ඔවුන් තමන්ගේ ජීවිත නවත්වා නැතිය. තමන්ගේ අධ්‍යාපනය, ක්‍රීඩාව නවත්වා නැතිය. දරුවන්ගේ දෙමාපියන් පාසල වෙනුවෙන් තමන්ට හැකි මට්ටමෙන් සියළු සේවාවන් කරන්නෝය. ඒ අතරම ගුරුවරු තම ශ්‍රමය, විටක මුදල් පවා කැප කරන්නේ දරුවන්ට යහපත් කිරීමටය. එහෙව් තත්වයකදී අපට කළ හැකි යමක් ඔවුන්ගේ ශක්තිය වෙනුවෙන් වෙන් කිරීම යහපත් බව කිව යුතුය. 

පහතින් දක්වා ඇත්තේ ගිණුම් විස්තරයන්ය. ඔබේ ආධාර එම ගිණුමට බැර කළ හැකිය. ද්‍රව්‍යමය ආධාර ඇතිනම් පහත අංකය අමතා සූදානම් කළ හැකිය. සියළු කටයුතු විනිවිදව සිදු කරන බව කිව යුතුය. එලෙසම 2017 මාර්තු මස අග බාගයේ දී පාසල වෙත ආධාර රැගෙන බස් රථයක් ගමන් කරන්නේ දරුවන්ට, ගුරුවරුන්ට සහ ගමට සිනහවක් රැගෙනය. 

Account Name : Arunalu Manushathwaye Sathkaraya
Account No      : 121261002661
Bank                 : Sampath Bank, Gampaha Super Branch

අමතන්න - 071 804 3915


Written_by_sAm_ශ්‍රී_08:45pm_15/01/17
Related Posts Plugin for WordPress, Blogger...