Wednesday, April 6, 2016

සම්මාන බෙදීමේදී දෙවරක් සිතිය යුතුය... - Think twice before Nominate Awards !!


ඔව් ලියන්න යන්නේ ඒ සම්මාන උලෙල ගැනය. නමින් නම් එය නෙලුම් යායය. මෙවර එය සිද්ධ වූයේ දෙවන වරටය. කලින් වර මෙන්ම මෙවරද වසරේ බ්ලොග නමින් බෙදීගිය සම්මාන දෙක සාධාරණ යැයි සෑමා කියන්නේය. ගියවර මාතලන්ටද, මෙවර සම්මානී හෙවත් සම්මානයෙන් පිදුම් ලබන්නීටද, ලැබුණු සම්මාන දෙක ගැන සෑමා සතුටුය. එය සර්ව සාධාරණය. එහෙත් අනෙක් සියළු සම්මාන පසෙකින් තබා එක් අයෙකුට ලැබුණු සම්මානයක් ගැන සෑමා සිතන්නට වූයේය. වරක් සිතුවේය. අවුලක් නැතැයි අතහැර දැම්මේය. දෙවැනි වරද, තෙවැනි වරද, අවසන් කිහිප වරක්ම සිතට එද්දී මේ ලිපිය ලිවිය යුතුම යැයි සෑමාගේ සිත කීවේය. ඇත්තෙන්ම ගිය වරද, මෙවරද, උක්ත සම්මාන උලෙල ගැන සෑමා කිසිම ලිපියක් නොලිව්වේය. ඇතෙමුන් සිතුවේ කුහක කමට කියාය. ඇතෙමුන් කිව්වේ එහෙම නොලියපු එක වැරදිය කියාය. එහෙත් කරුණු කිහිපයක් මත සෑමා නොලිව්වේය.



ඉන් පළමු හේතුව වුයේ පෙර තරම් එක දිගට බ්ලොග් ලිපි ලිවීමට සෑමාට ඇති වූ නොහැකියාව නිසාය. ඇත්තෙන්ම 2015 වසරේ බ්ලොග් එක නොලියූ තරම්ය. ඉස්සර නම් අවමය සතියට ලිපි 4ක්ය. දැන් ලියන්නේ ඉදහිටය. ඒ නිසාම 2015 වසර වෙනුවෙන් පැවැත්වූ සම්මාන උලෙල ගැන පවා ලියන්නට සෑමාට අයිතියක් නැති බව සිතුණේය. එලෙසම පෙර තරම් සයිබර් කටයුතු වලට දායක නොවීම, ඊට වෙලාවක් නොමැති වීම සහ සයිබර් කටයුතු වලට දායක නොවී සිටීමේ චින්තනය සිත තුල කිදා බැස තිබීම නිසාම සෑමා ලිපියක් ලිවීමට අදි මදි කළේය. සියල්ලම අකාරුණික හේතුය.

සම්මාන උලෙල ගැන ලිවිය යුතු බව සිතුණේ එක් සම්මානයක් නිසා බව ඉහතදී සෑමා කියුවේය. සෑමා කැළණි ධර්ම විදුහලේ්දී සම්මානයක් ලබා ගත්තේය. ඒ හොඳ වැඩ කරලාය. ඒ පිලිබද සෑමා පෙර ලිපියකදී ලියූ බව මතකය. වසර දෙකක් දහම්පාසලේ සීල සමිතියේ එක දිගට සිල් අරගෙන, ඒ වෙනුවෙන් තරුණයෙකු ලෙස මහගු සේවයක් කර සහතික පතක් ලබා ගත්තේය. ඒ මතු දිනක දෙව් ලොව යන කෙළවර කළ හොද වැඩ සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමටය. නැතහොත් වීසා වැරදී හෝ අපා ගත වුවහොත්, සහතිය පෙන්වා නැවත දෙව් ලොවට පැන ගැනීමටය. කළ හොඳ වැඩ වලට සම්මාන ලැබීම අවුලක් නැතිය. එහෙත් තමන් ජීවිතය තුල කළ කුපාඩි වැඩ සඳහා මහා සෙනගක් මැද, ජන මාධ්‍යය මැද, සම්මාන දෙන්නේ නම්, ඒවා සයිබරයේ පළ කෙරෙන්නේ නම් එය හෙළා දැකිය යුත්තක්ය. අනුමත කළ නොහැක්කක්ය.

හෙන්රි ජයවර්ධන නම් හෙතෙම්, සමාජයේ පිළිගත් අයෙක්ය. ලියන්නේ “ජොනි වෝකර්“ ලේබලය යටතේ වුවද හෙතෙම ගුරුවරයෙක්ය. සමාජයට ආදර්ශයක් විය යුතු අයෙක්මය. එහෙව් අයෙකුට ලේබල් ගසා සම්මාන දීම සෑමා සිතන්නේ අනුමත කළ නොහැක්කක් ලෙසය. හෙන්රියා යනු  සෑමාගේ බ්ලොගේ මිතුරෙක්ය. එලෙසම සෑමා 2012 දෙසැම්බර් 17 දින හෙන්රියාගේ අපූරු ලිපියකට පිලිතුරු ලිපියක්ද ලිව්වේය. "blue jeans" හෙවත් නිල් ජංගියේ ලියැවුණු “ඔබ කවුරුද නොදුටු සබඳ“ ලිපියට සෑමා පිලිතුරු ලිපියක් ලියන්නේ හෙන්රියාට ස්තුති කරමින්ය. සෑමාගේ ගමේ සිට කාටත් නොහිතෙන නිහඩ සේවයක් කළ අයෙක් වෙනුවෙන් සෑමාට අමතක වූ අගය කිරීම කලේ හෙන්රියාය. ඒ වෙනුවෙන් තම 200 වස පෝස්ට් එක සෑමා ලිව්වේ හෙන්රියාට උපහාර වශයෙන්ය.

මැකුණු අතීතය එලෙසය. එදාටත් පෙර සිට හෙන්රියා කළේ සමාජ මෙහෙවරයන්ය. ලියුවේ සමාජයට ගත හැකි දේවල්ය. ගුරු සේවය නිසාම ඔහු සමාජය ආදර්ශවත් වූවා දැයි සෑමාට සිතෙන්නේය. එහෙව් පුද්ගලයෙක්ට “අතීත කාමය“ ලෙස වැරදි ලේබල් ගසා සම්මාන දීම සෑමා දකින්නේ අනුමත කළ හැකි දෙයක් ලෙස නොවේය. ගුරු සේවයට ආ දා සිට සමාජයට ආදර්ශයක් වූ හෙතෙම ඊට පෙර කළ කී දෑ අපි නොදන්නේය. එහෙත් ඒ අතීතය නැවත හාර අවුස්සා දමමින්. ඔහු ගේ අතීත කාමය වරදවා හැසිරීම වෙනුවෙන් පිදුනු සම්මානය, සහතිකය ඔහු විසින් වර්ජනය කළ බව සෑමා දුටුවේය. ඒ තමා වෙනුවෙන් ලියැවුනු සහතිකය ගැනීමට එදිනට එම උත්සවයට නොපැමිණීමෙන්ය. ඔහුගේ පැත්තෙන් ඔහු සාධාරණය. එවැනි සහතිකයක් වේදිකාවකට නැගී ගත හැකි නම් හෙන්රියා කෙසේ නම් ආදර්ශවත් වන්නේද? ඔහු එලෙස වර්ජනය කළ සහතිකය වෙනියා මහතා ලැමිනේට් කර, රාමු කර, තමන්ගේ ගෙදර බිත්තියේ එල්ලා ඇති බවට ලැබුණු ආරංචිය ඇත්ත නම්, එම කාමුක සෙට්ටිෆිකේට් එකට ගැලපෙන්නේ වැල්පෙනල වෙනිවැල් මහතාටමය.



සම්මාන ලද, සම්මානයට නොමිනේට් වු සැමට, සම්මාන නොලැබුණු නමුදු බ්ලෙග් වල ජීව ගුණය රැක ගැනීමට ලිපි ලියූ සැමට තුති... !!

සම්මාන උලෙල සාර්ථකව කළ සංවිධායක මණ්ඩලයට ජය !!

Written_by_sAm_sRi_7:05am_06/04/16

37 comments:

  1. එකෙන්ම.. එකෙන්ම.. මටත් බ්ලොග් ලෝකේ නොදිරවන පුද්ගලයන් අතලොස්ස අතරින් ඉහළින්ම ඉන්නා අයෙකු තමා ඔය හෙන්රි කියන්නේ.. මිනිහගේ බ්ලොග් පෝස්ට් වල ඇදයක් හොයාගන්න බැරිව මං දගලන තරං.. පුදුම කරදරයක් ඒක.. සිංහල බ්ලොග් වල පර්ෆෙක්ෂනිස්ට් කියල මිනිහා හිතා ගෙන ඉන්නවා කියල මට හිතිල සෑහෙන්න කල්. ඒ කියන්නේ බ්ලොග් පෝස්ට් එකක් දැම්මට ඔය හාදයා හැමදේම ඉතා නිවරැදි අයුරින් කරන්න උත්සාහ කරනවා. ඒක මහා වදයක් කරදරයක්... අනිත් එක ඉස්සර නං විකාර චිත්‍ර වගයකුත් ඇන්දා. දැන්නං අදින්නේ නැහැ හොම්බ බිම වැදිච්චි නිසා.. හැක්. හැක්.. උඩ පැන්නොත් බිම වැටේ කියන්නේ ඒක තමා.. ඔය හාදයගේ බ්ලොග් පෝස්ට් වල අකුරක ඇදයක් හොයාගන්න බැහැනේ බං.. මාත් කැමතියි මිනිහට සම්මාන නොදීම ඉන්නව නං. කොහේද අර ජීවං කරපු හැලපකන්නා වැල් පෙනලා ඉන්නවා නේ කෝකටත් කියලා. සම්මාන කොල දෙක ගන්න යාපා මල්ලි හමු වෙන්න ගිහින් තියෙන්නෙත් ඒ4 ජීපීඑස් එක බලාගෙන තැැපල් නයින්ටිකට. ඒකේ පිටිපස්සේ ඩයනත් එක්ක ගිහිල්ලා. අර සීටිකේ ඔත්තු සේවේ හිටි ගැල්ලමයා.

    හෙන්රි උඹගේ යාළුවෙක්ද?? කවදාවත් ඒ ගොං වැඩේ නං කරන්න එපා සෑමෝ.. හැක් හැක්.. මරු පෝස්ටුව.. ඇත්ත ඇති සැටියෙන්.. ජය

    ReplyDelete
    Replies
    1. උඹ සිරාවටමද කියන්නේ මගේ පෝස්ට් වල ඇදයක් හොයාගන්න නෑ කියලා? තියෙනව බං. ඒවා මට පේන්නේ නෑ. මගෙ දෝනියැන්දා සමහර වෙලාවට පෝස්ට් එක කියවලා මට කියලා එවනවා අහවල් පේලියේ මෙහෙම වරදක් තියෙනවා කියලා. මම හුටාස් ගාලා හදනවා. ඉන් පස්සෙත් මම වැරදි දකින දකින ගානේ ආපහු හදනවා.

      මේ පාර නම් සම්මානෙ වෙනියගෙන් ගන්න මගෙ ළමයි දෙන්න ගිහින් තියෙන්නේ ඇත්තම ජීපීඑස් පාවිච්චි කරලා.

      Delete
    2. මොනාට දෙවරක් හිතන්නද මචන් උඹලම ඕක සංවිධානය කරලා උම්බලාම ඕවා බෙදා ගනිල්ලා. අපිට මොකද. එත් මචෝඕ දිරවන්නේ නැත්තේ කියන ගමන් පොර කියා අනිත් එවුන්ව හෑල්ලුවට ලක් කරන එක. අපි කාටත් අපි කැමති දේශපාලන අයිතිය දරන්න පුළුවනි, එක වෙනුවෙන් කතා කරනා පුළුවන්.

      එත් මචෝ අනිත් පැත්තට ලියන එවුන්ව බය්යෝ කියලා ඔක්කොම වෙලා කැපිල්ල දම දම කරන්නේ හිවල් වැඩ. අපි ඔක්කොම නැට්ට නැති වඳුරෝ . ලෝකේ කොහේ හිටියත්.

      බකුන් බකුන් බකුන් බකුන් බකුන් බකුන් බකුන් බකුන් බකුන්

      Delete
    3. දේශකයා - හෙන්රි යගේ වැරදි අමුතුවෙන් හොයන්න එපා බං ඔය පෙර වැරදි වලට තමයි කාම සම්මානෙ ලැබුනේ..

      හෙන්රි - මොකට gps ද බං? ලොකු led ටීවී එකක් තියෙන, හෝම් තියටර් එකක් තියෙන, dslr කැමක් තියෙන, තඩි සෙටප් එකක් තියෙන, ගෙදර කුරුලු කූඩුවක් තියෙන, කෙට්ටු වයසක හාදයාගේ ගෙදර කෝ ඇහුව නම් හැමෝම කියයි...

      Delete
  2. සෑමා ලිව්වා නම් 18+ එක ෂුවර්ය. මෙහෙම හරි ලියන එක හොඳය.

    ReplyDelete
    Replies
    1. එහෙව් කැටගරියක් තිබ්බද සුදියා??

      දන්නවා නම් ඒකම ටාගට් කරනවා :D

      Delete
  3. උඹ අර වෙසක් අතිරේක, පොසොන් අතිරේක හෙම දැම්මෙත් වීසා වැරදී හෝ අපා ගත වුවහොත්, සහතිය පෙන්වා නැවත දෙව් ලොවට පැන ගැනීමට බව මටත් හිතුනේ වරක් දෙකක් නෙවෙයි.

    දේශකයා දාපු FB status එක දැකලා දුවගෙන ආවේ කවුද යකෝ ගුරාලට පාට් දාන්නේ කියලා බලන්න. එහෙම වෙන්ඩ දෙන්නේ කොහොමද ඩෝ?

    නමුත් කියවගෙන කියවගෙන යනකොට මට හිතුනේ අච්චර සම්මානලාභීන් අතරින් exclusively මටම දාපු මේ පෝස්ට් එක මට නෙලුම් යාය සම්මානය තරම්ම වටින බවයි.

    This made my day, dude. Thanks.

    ReplyDelete
    Replies
    1. අපායෙ ගිහින් වෙසක් පොසොන් පෝස්ට් පෙන්නන්න බ්ලොග ඕපන් කලොත් අපායෙ යම රජ්ජුරුවෝ කරයි බං මාව, 18+ පෝස්ට් දැකලා...

      Exclusively උබට දැම්මේ උබට කරපු මේ නිග්‍රහය දැකලා විස්සෝප වෙලා මචං..

      ;)

      බොට ජය.. !!

      Delete
    2. අපායෙ ගිහින් වෙසක් පොසොන් පෝස්ට් පෙන්නන්න බ්ලොග ඕපන් කලොත් අපායෙ යම රජ්ජුරුවෝ කරයි බං මාව, 18+ පෝස්ට් දැකලා...

      Exclusively උබට දැම්මේ උබට කරපු මේ නිග්‍රහය දැකලා විස්සෝප වෙලා මචං..

      ;)

      බොට ජය.. !!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  4. මදැයි කොලා...මට සම්මාන නොලැබිච්ච වේදනාවට , තරහට, ක්‍රෝධයට, දුකට, ( ආහ් අමතක උනා සම්මාන දෙන්නෙ බ්ලොග් ලියව්ව අයටනෙ..අඩා අපි බ්ලොග් නොලියන එව්වො තෝරලාත් සම්මානයක් දෙන්ඩ කියමුකො..අර කොන්ක්‍රීට් බ්ලොගයා ප්‍රසාට පිටිපස්සෙන් හරි අපි ඉඳී නොවැ.. ) හෙන් රි ය ගෙ අතීත කාමෙ සම්මානෙයි සහතිකෙයි මංකොල්ල කෑවා... ඒක මෙහෙම ප්‍රසිද්ධියේ ප්‍රචාරය කොරන එක නම් කැතයි සෑමා..
    මූ කවද්ද ඉතින් හොඳ වැඩක් කලේ...???

    ReplyDelete
    Replies
    1. මටනං හිතෙන්නෙ ඔය කාම සම්මාන වගේ එවුව වෙනී අයියට එච්චර කැප නෑ. අපි ඕක සෑමට තැපැල් කරල අරිමු.

      Delete
    2. වෙනියට මොන කාමෙද බං.. මේ වල පයයි ගොඩ පයයි ඉන්න කොලු නාම්බා..

      Delete
  5. හෙන්රි අයිය‍ෙ මග‍ෙන් හොට් හොට් සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. හොට් කිව්වෙ මොන හොට් ද බං?

      Delete
    2. Thank you very much, Writer!

      Delete
  6. කාම කොතනද වෙනී සහ සෑමා එතන.
    අපොයි හෙන්රි අයියගෙ ළමයි දෙන්නගෙන් වෙනිය කී දාහක හැලප කොටාබෑවද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. උන්ටත් මුගෙ ගැජට් පෙන්නුවඩ්ද දන්නෑ

      Delete
  7. සෑමෝ............

    එදා තමා කස්ටිය ම දැක්කේ... ඉතින් හිතේ තිබ්බ රූප වෙනස් වෙලා සමහර රූප අමුතු වෙලා දැකපු දවසේ මමයි අසංක අයියයි උඹවත් හෙව්වා... වැරදිලා කෙනෙක්ගෙන් මූණට ම ඇහුවා මචං සෑමා නේද කියලා... ඌ නෑ මචං මං ---- කියලා කිව්වා..... කොහොම හරි කමක් නැහැ ඌවත් අදුරාගත්තා... ඒත් උඹව අනුමාන කරලා ඇණගත්තා කියලා අපි තාම හිනාවෙනවා.......

    ReplyDelete
    Replies
    1. මගෙ අප්පේ මාව හොයපු උනුත් ඉන්නවා ඒ නම්..

      ටැංකු බං.. ඇණ ගන්න හරි මාව හෙව්වට.. සැට් වෙයි අපි කවද හරි දාසක...

      Delete
  8. මමත් උඹ එක්ක එකඟයි...
    ඌට දෙන්න තිබ්බේ අතීත කාමේ සම්බන්ධව නෙමෙයි වර්තමාන කාමය ගැන සම්මානයක්...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි.
      වර්ථමාන කාමය හා අනාගත කාමයටත් දෙන්න තිබුනෙ.
      එහෙමවුනාම ලව්පූස් හා කල්යාණමිත්‍ර තමන්ව ඉවත්කරගන්නෙත් නෑ.
      පත්තරමල්ලිතුමාත් බ්ලොග් ලියයි.

      Delete
    2. මටයි ඉවාන්‍ටයි එක බ්ලොග් එකේ ලිව්වහැකි :D

      Delete
    3. පත්තරෙයට නං දෙන්ඩ තියෙන්නෙ අනාගත කාමයට... (කවද හරි ලංකාවට ආහමනෙ ඉතිං...)

      Delete
    4. ලො.පු - සිරාවට බං උගෙ තුන්කල්හිම කාමෙට තමා ඕක දෙන්ඩ ඇත්තෙ..

      ප්‍රා.ජේ - උන් දෙන්නාත් නම් අයින් කර ගත්තෙ කාමෙ නිසාද බං?

      ප.ම - ඕම ගිහින් එක ගෙයි කන්ඩත් හදයි..

      ඩ්රැකි - පත්තරේගේ අනාගත කාමේ, අපි වර්ථමාන කාමය කර ගන්න බෑද බං..??
      ලංකාවට එනකල් වත්..??

      Delete
  9. 'හෙන්රිට අයිති දේ හෙන්රිට '

    හැම පෝස්ටුවකම මම දකින අමුතු රසයක්, අර්ථයක්, ව්‍යන්ගයක් තියෙන කෙනෙක් විදියට ඒ සම්මාන වලට මමත් ඉතසිතින් උනා. මේ.. කිව්වට මොකද මේ කැටගරිය නම් තව හොඳයි කිව්වැකි.. අර 18+ එකේ නොමිනේට් වෙච්ච එකක් තිබ්බ මම පරාන බයේ උන්නේ තුන්වෙනි තැනට හරි එයි කියල. ඒකෙ මාතෘකාවේ කිව්වහම ඔක්කොම පටි රෝල් වෙනවා. රෙද්දක් ඇඳගෙන සම්මානේ ගන්න ස්ටේජ් නගින්නද අම්මප?? වෙලාවට ඒක තේරුනේ නැහැ මම හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ගන්න ආවයි ඉටින්

      Delete
    2. CJ - ගන්න ආවැයි ඇහුවේ අහවල් එකද බං?

      Delete
    3. මම කිව්වේ මගේ එකක් නෙවෙයි අනේ. 18+ කැටගරියේ තිබ්බ එකක් ගැන.

      මම දැන් 'හම්බන්තොට වෙරළේ තියෙන වැලි කැට ගානට' බැනුම් අහල තියෙන්නේ ආවේ නැති හින්ද. වැඩේ කියන්නේ වෙන එකෙක්ටවත් එහෙම නොකියන එකමයි. ඉඳහල්ලකෝ මම කොරන්න වැඩක්!

      Delete
    4. උපේක්ෂා කරුණාකරලා මේ ගොල්ලන්න්ට කියනන් ඔයත් ඇවිල්ල හෙන්රිව නිර්දේශ කලා කියල. ඒ වගේම කමියත්.

      Delete
  10. මට මතක විදිහට ඔය හෙන්රියා කවදාවත් උගේ අතීත කාමය වරදවා හැසිරීම ගැන ලියලා තිබුනේ නෑ.. ඒ කියන්නෙ නෙළුං යායෙ උන් CID ජොබකින් තමා ඕක හොයාගෙන ඇත්තේ. හරි වෙන්න ඕනා නේ නැත්නම් ඉතින් සම්මානෙකුත් හම්බෙයියෑ.. අනේ අප්පේ මේ හෙන්රියා දහයට ගනින්න බෑ වගේ හිටියට නේද මං අහන්නෙ !?

    මමත් තනිකරම විරුද්ධයි මේ වැඩේට...

    ReplyDelete
    Replies
    1. CID මොකටද අපෙං අහං කෝ කියල දෙන්ඩ...

      Delete
  11. හික් හික්

    ReplyDelete
  12. අතීත කාමය කියන්නෙත් අර කාමයේම කොටසක්ද බං.?

    ReplyDelete
  13. මේ නාකි හුටං දෙන්නට ඉතිං අතීත කාම විතරයි නෙ සැමෝ.
    එකෙක් ලියනව අනික සම්මාණෙ ගන්නව

    ReplyDelete
  14. දැන් හෙන්රිගේ මෙතක් කතාව ගුරු සේවයේ ඔහු විඳි කරදර ගැන කතාවක් . ඒ වගේ දෙයක් හැමෝම කිය විය යුතියි අපට හිතුන. ලංකාවේ අදත් ඔය කරදරය ගුරු භවතුන් ට නිලධාරීන් කරනවා. අතීත කාමය කියා අතීතයෙන් අ කතාවක් ලෙස නිර්දේශ කරනවා විනා වෙන කැටගරියක් නැහැ.
    සෑම්ගේ පාන් කතාව නෙලුම් යායට දැම්මා ඒ දවස් වල . ඒක නිර්දේශ කරන්න හිතුවත් අතීත කාමය හෝ කාලින සංවාද යටතේ අත් හැරියා අදාල නැති වෙයි කියල හිතල.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...