Friday, March 18, 2016

කරන්ට් නැති කතා - Power Cut Stories !!!


මේ ටිකේම කරන්ට් නැත්තේය. ඒ අස්සේ රස්නය නිසා රජයට සිදුවන බලපෑම වැඩිය. සදුදා සිට සෑමා සිටියේ ගෙදරින් පිට නිසා කරන්ට් සීන් එක වැඩිපුර දැනුනේ නැතිය. පුත්තලම, හලාවත, පැත්තේ සිට ගෙදර පැමිණි අද සෑමාට විදුලි අර්බුදයේ තරම තේරුණේය. පහුගිය ටිකේ සිටියේ හෝටල වලය. පොඩි සෑමා නින්දේය. කිටියා කොලුවාට අත කඩාගෙන පවන් ගසන්නීය. ඒකත් ශිෆ්ට් එකටය. ඊලඟ ශිෆ්ට් එකට පෙර මෙය ලියා අහවර කල යුතුය.


ඉස්සර කාලයක් එක දිගට විදුලිය විසන්ධි වූවා මතකය. සෑමා පාසල් යන ඒ කාලයේ සිටියේ චන්ද්‍රිකා මැඩම්‍ ය. ඇය ඒ කාලයේ මොකක්දෝ ජෙනරේටරයක් ගෙන්වනවාදෝ මොකක්දෝ කියා හැම රෑකම විදුලිය කැපුවාය. මතක විදියට රෑට තඩි ලොරියක පටවාගෙන අහවල් ජෙනිය ගෙනියන බවක් කීවාය. විදුලි රැහැන් වල ගෑවෙන නිසාම විදුලිය කැපුවාය. රෑට ට්‍රැෆික් නැති නිසාම ඒක රැගෙනයාම පහසු බවත් කීවාය. සෑමාට මතක ඒ ටිකය.

අවට පරිසරයම නිහඩය. ඇසෙන්නේ එහා ගෙදර සිටින මහප්පාගේ නැශනල් රේඩියෝවේ හඩ පමණක් ය. ඉස්සර සිටන් ම එහෙමය. මහප්පා කොච්චර කරන්ට් එක තිබුණත් රේඩියෝවට බැටරි පහ දැමීම අමතක නොකරන්නේ ය. මෑතක ස්වර්ණවාහිනී යේ ගිය රාජ සභාව කොමඩිය ඉස්සර අපි ඇහුවේ ස්වදේශීය සේවයේය. ඒත් ඔය නැශනල් රේඩියෝවෙන්‍මය. මහප්පාගේ ඇද වටේ රේඩියෝවට වටවී අපි ගුණදාස මදුරප්පෙරුම හා මහින්ද පතිරගේ කවුදැයි රූප සටහන් මවා ගත්තෙමු. පසුව ඔවුන් රූප පෙට්ටියට වැඩම කළ පසු සත්‍ය රූප අපට පසක් වූයේය.

මතක හැටියට මැඩම්ගේ කාලයේ සෑමාට කාර් බැටරියක් තිබුණේය. ඒ නම් පහළ බද්දට දී තිබූ කඩ කාමරයේ බැටරි කඩයෙන් ඉවත්ලූවක් ය. ඒත් ඒ කාලයේ සෑම්ගේ ගෙදර තිබූ ඩබල් ඩෙක් කැසට් ප්ලේයර් එක පත්තු කිරීමට එය ප්‍රමාණවත් වූයේය. කරන්ට් නැති විට එය දිනකට පැය කිහිපයක් වැඩ කළේය. ආතල්‍ ය. කලුවරේ ඉටිපහන් එලියේ තැන් තැන් වල වැටී සිටින ගෙදර උන් නිහඩව ගීත අසන්නෝය. ඒ ඇසුණු ගීත අද ඇසෙනා ගීත වලට වඩා රසවත්ය. වික්ටර්ගේ ගීත සෑමාගේ තාත්තා මිමිණුවා සෑමාට තවමත් මතකය.

ඉස්සර නම් කරන්ට් යන එක එච්චර ගැටළුවක් නොවුණේ මන්දැයි සෑමාට ගැටළුවක්ය. සමහර විට දැන් තියෙන තාක්ෂණික දියුණුවත් සමඟ ඉස්සර විදුලිය නොමැති වීම ගැටළුවක් නොවන්නට ඇතිය. ඉස්සර නම් කළේ රෑ පානේ රූප පෙට්ටිය වටකරගෙන සිටීම පමණක්ය. දැන් නම් කොල්ලන්ට, කෙල්ලන්ට මෙන්ම පරණ පරපුරටද විදුලිය නැතුවම බැරිව ඇත්තේය. ලැපක්, ෆෝන් එකක්, ටීවි එකක්, ලයිට් එකක්, ෆෑන් එකක් නැතුව සිටීම ජනතාවට ඉවසා සිටීමට බැරි තත්වයට පත්ව ඇත්තේය.

නොපැතූ මොහොතක විදුලිය විසන්ධි වූ සැනින් ගිණී පෙට්ටිය සෙවූ අතීතයක් සෑමාට මතකය. දැන් නම් අතේ තිබෙන ස්මාර්ට් ෆෝන් එකේ ෆෑලෑෂ් එක ඔන් කර ගිණි පෙට්ටිය සොයා ගැත හැකිය. ඒත් ඉස්සර එහෙම නැතිය. පරණ ගෙදර තිබූ කාලයේ අම්මා ඉව්වේ දර පෝරණු ලිපකය. ඒ පෝරණු බිත්තිය  පුරාම කළු පාට වී තිබුණේ දැවුණු දර වල දැලි වලින්ය. ඒ ඇරත් පෝරණුවේ පැත්ත බිත්තියක නිතරම එල්ලී තිබුණු කුප්පි ලාම්පුව නිතරම පත්තු වී තිබුණේ මන් දැයි සෑමා තවමත් නොදන්නේය. ඒ ලාම්පුව සහිත බිත්තිය වඩාත් කළු පැහැ ගැන්වී තිබුණේ ලාම්පුවේ දුම නිසාමය. ඒ කාලයේ විදුලිය විසන්ධි වූ මොහොතක ඉටිපන්දම් දල්වන තුරු එළිය දුන්නේ, සහනයක් සැලසූවේ පෝරණුවේ එල්ලා තිබූ කුප්පි ලාම්පුවය.

විදුලිය නැතිව හෝ ඇතිව ඒ මතකයන් සිහිනයන් පමණක්ය. අතීතයන්ය. අතපත ගෑ හැකි දුරක නොවේමය. සුන්දරය. නැවත ලඟා විය නොහැක්කේමය. විදුලිය කැපුණු මුල් දවස්වල බුකියේ ෂෙයාර් වී තිබුණේ වටිනා පෝස්ට් එකක්ය. එය කරන්ට් නැති නිසා කාමරයෙන් එළියට බැස්ස සයිබරේ කොල්ලෙක් ගේ පෝස්ට් එකක්ය.  කොල්ලා කරන්ට් නැති නිසා එදින නිවැසියන් සමඟ දොඩමලු වී ඇත්තේය. නිවසේ වෙනස්කම් දැක ඇත්තේය. ගෙදරට අලුත් පුටු සැටියක් ගෙනවිත් ඇත්තේය. අක්කාට දරු පැටියෙක් ලැබිලාය. අල්ලපු ගෙදර උන් තාප්පයක් ගහලාය. ඒ මදිවට ගෙදර උදවිය හරි මිත්‍රශීලී හොඳ කට්ටියක් බවද හෙතෙම කියන්නේය. සයිබරයේ නොහදුනා ලොවක තනිවී, ලඟ පාත උන් අමතකව සිටියදී විදුලිය විසන්ධි වී සිටියදී හෙතෙම මෙලොවට බහින්නේ විදුලිය විසන්ධි වීමත් සමඟය. පහුවදා හාඩ්වෙයාර් එකට ගිය සෑමාට හාඩ්වෙයාර් එකේ ඩෑල් එකද කීවේ එවැනිම කතාවක්ය. තම පුත්‍රයා කරන්ට් නැතිව, ෆෑන් වැඩ නැති ග්‍රීශ්මයෙන් කාමරයෙන් එලියට වැඩම කර ඇත්තේද එවැනිම පසුබිමක් තුල බවය.

තාක්ෂණය මිනිසුන් දුරස් කළ අයුරු ඛේදනීයය. බස්සීගේ කවි ලියවිල්ල පෝස්ට් එකට මඟ පෑදුවේය.


Written_by_sAm_ශ්‍රී_Perera_10:59am_18/03/16

38 comments:

  1. ඇත්තටම ඔය මැඩම්ගෙ කාලෙ ෂිෆ්ට් දෙකට පැය ගානක් ලයිට් කැපුවට දැන් තරං අවුලක් තිබ්බෙ නෑ තමයි.
    හැබැයි කොච්චර තාක්ෂනේ දියුණු උනත් ලයිට් ගියාම ගෙදර දොර හොයාගන්න බැරි කට්ටිය තාම ඉන්නවයි කියල එක මේ ඊයෙ පෙරේද දෙහිවල පැත්තෙ ඔප්පු වෙලා තිබුන.

    දැං ඉතිං උඹට පවං ගහන්නෙ.

    ReplyDelete
    Replies
    1. /දැං ඉතිං උඹට පවං ගහන්නෙ./

      දැං ඉතිං උඹද පවං ගහන්නෙ.

      Delete
    2. මගෙ ශිෆ්ට් එක එද්දිම ලයිට් ආවා බං. පෝස්ට් එකත් පරක්කු උනේ ඒකයි..

      ච.බ.කු මැතිනිය කපන කාලේ ආතල් නේ ??
      මම කිව්වෙ කරන්ට්..

      Delete
  2. ඔය "පහන් සංවේගය" ඇතිවෙනව කියන්නෙත් ලයිට් කපපු වෙලාවටලුනෙ!

    ReplyDelete
  3. ඔය "පහන් සංවේගය" ඇතිවෙනව කියන්නෙත් ලයිට් කපපු වෙලාවටලුනෙ!

    ReplyDelete
    Replies
    1. ආඃ! ඔය අර බෝවෙන ලෙඩේ වෙන්නෝන. පහුගිය දවස්වල කීප දෙනෙක්ටම වැළඳිල තිබ්බා.

      Delete
    2. මම හිතන්නෙ ඕක බෝ කරපු එකානං දැන් ලෙඩේ සනීප කරගෙන.

      Delete
    3. ලෙඩේ බෝකරපු එකා දැන් ලෙඩේ සනීපකරගෙන සැපට ඉන්නවා ප්‍රසෝ.හැබැයි තව තුන් හතර දෙනෙකුට ලෙඩේ අසාධ්‍යයි.

      Delete
  4. අනේ මන්ද බං මිනිස්සු දේකට හුරු උනාම ගලවන්න අමාරුයි.. අපේ කරන්ට් එක යන්නේ උදෙයි හවසයි නෙව. ඒත් හවස හයේ ඉදල හතාමාර වෙනකං.. මම නං ෂෝයි එකට පන්සල් ගිහිල්ලා බෝගහක් යටට වෙලා නිදාගත්තා.. හැක්.. පොඩි උන් දෙන්න තමා මට නිදාගන්න නොදෙන්නේ. නැත්නං මරු පොට් එක..

    බස්සිගේ කවිය කීප තැනකම ෂෙයා් වෙනවා දැක්කා..

    ReplyDelete
    Replies
    1. බෝ ගහ යට දොයි??

      මදුරුවෝ කන්නෙ නැද්ද??

      Delete
  5. //ඊලඟ ශිෆ්ට් එකට පෙර මෙය ලියා අහවර කල යුතුය//

    බරපතල වැඩ ඇතුව හිරේ ගියාම එහෙම තමා බං. උඹට ඕව කල්පනා කරන්න තිබුනෙ කලින්.

    ඒකාලෙත් කීප පාරක්ම දිගට හරහට කරන්ට් එක කැපුව නේන්නං. අර සිරසෙ ‘ලයිට් එනකන්‘ කියල සුනෙත් ගාමින්ද ආතල දෙන්නගෙ කතාව පටන් ගත්තෙත් ඔය කාලෙ වගේ මතක. පස්සෙන් පහු කරන්ට් කැපිල්ල කොච්චර නරක් උනාද කියතොත් ඇමතිතුමාට ‘කරුවල‘ කියල නමට කලින් විශේෂණයකුත් යොදල තිබුනා මතකයි. ඒ දවස්වල ඔය කැපිල්ල දැන් තරන් ඇඟට අමාරු උනේ නෑ තමයි. අපිට නම් මේ පාර කරන්ට් එක කැපුවෙ නෑ. ලංකාවටම නැති උන දවසෙ පැය පහ-හය විතරයි. එදානම් මම හවස් වරුවම කළුවරේ මිදුලට වෙලා හිටියා-ගෙවල් ඇතුලෙ ඉන්න බෑ ෆෑන් එකක් නැතුව. ගිරිස්මෙ.

    ReplyDelete
    Replies
    1. හිරෙත් ආතල් බං. හැබැයි පත්තියං උනාම.

      කරුවල ජයසූරිය නේද??
      කැලෑ පැතිවලට කැපුවෙ නෑලු. වල් අලි පනින නිසා... :p

      Delete
  6. // කිටියා කොලුවාට අත කඩාගෙන පවන් ගසන්නීය. //

    ඇයි යකෝ ෆෑන් එකක් හරි ඒසී එකක් හරි දාගනින්කෝ.... :D

    ReplyDelete
    Replies
    1. ෆෑන් දැම්මම ඉටිපන්දම් නිවෙනව යකූ

      Delete
  7. දර ලිපකින් බිත්තියේ බැඳුනු දැලි, සමහර සිංහල බෙහෙත් වලට ඕනේ වෙනවා. හොයපන්කෝ ඉතින් පුලුවන්නං.

    ලයිට් ගියාට පස්සේ එලියෙ පුටුවක් තියාගෙන ඉඳගෙන ඉන්නකොට, ලයිට් තියන වෙලාවට වඩා හොඳින් මොලේ වැඩ කරනවා. අමතක වෙයි කියලා, ෆෝන් එකේ එළියෙන් ඒවා කොලේක ලියාගත්තා.

    ReplyDelete
    Replies
    1. හිකිස්..

      පාර අයිනට ගියාම ආතල් බං. වාහන වල ලයිට්, ඒ මදිවට රස්නෙත් නෑ

      Delete
  8. //තාක්ෂණය මිනිසුන් දුරස් කළ අයුරු ඛේදනීයය.//
    ලන්කරනවා වගේම ඈත් කොරනවා...

    ReplyDelete
    Replies
    1. දුර ඉන්න උන්ව ලං කරනවා..
      ලග ඉන්න උන්වදුරස් කරනවා..

      Delete
  9. ඒ කාලේ ඔය මොකක්දෝ තඩි ජෙනියක් වරායේ ඉඳල ගේන්න කැළණි පාලම යටින් පාරු පාලමක් හැදුවා මතකයිද..???
    රේඩියෝ කලාව මොඩ් වෙච්චි එකෙන් රේඩියෝ ලෝලීන්ගේ රසවින්දනය විනාස කරලා දැම්ම එක ගැන මටනම් තිකෙන්නේ පිරිමහගන්න බැරි කේන්තියක්.

    ReplyDelete
    Replies
    1. පාරු සීං එක මතකයි. ඒක බොරුවක් නේද??

      රේඩියෝවට අබ සරණ කලේ සල්ලි දීලා සිංදු දම්මන සල්ලිකාර ගායක මහත්වරු

      Delete
    2. බොරුවක් නෙවෙයි මම හිතන්නේ.. ඒ කාලේ පත්තරෙත් ආර්ටිකල් එකක් ගියා වගේ මතකයි.. ඔය කියන ජෙනිය කැළණි පාලම උඩින් ගෙනියන්න බැහැ බර වැඩියි කියල වෙනම තොරුපොලක් හදලා නේවි එකේ පාලම පාරු වගේ එව්වා පෝලිමට තියල ඒ පාවෙන පාලම උඩින් ගඟෙන් එගොඩ කළා කියල වගේ තමයි මතක..

      රේඩියෝව නම් දැන් අහන්න දෙයක් නැති තරම් සෑම්.. ගුවන් විදුලි නාට්‍ය කලාව එහෙමම වලපල්ලට ගියා නේද.. රෑට රේඩියෝ එකේ ගුවන් විදුලි නාට්‍යක් අහනකොට දැනෙන වින්දනය ටීවී එක අවුරුද්දක් බලලත් ගන්න බැහැ. ෂර්ලොක් හෝම්ස් සීරීස් එකකුත් ගියා හරිම ලස්සන.. මුවන් පැලැස්ස ගුවන්විදුලි නාට්‍ය එක දිගට අහන්න තියෙනවනම් මරු..

      https://www.youtube.com/watch?v=CoAwqOkgrhs

      Delete
  10. චන්ද්‍රිකා නෝනගේ කාලේ ලයිට් කපනකොට අපි ඉස්කෝලේ ගිහින් ඉවරයි. ගෙදර එන්නේ රෑ මැදියමේ නිසා කරන්ට් කපන එක එච්චර අවුලක් උනේ නෑ. මේක කියවනකොට මට මතක් උනෙත් බස්සිගේ පොස්ට් එක තමයි.

    ReplyDelete
    Replies
    1. ච.බ.කු කපන කාලේ ලැප් ටොප් අරවා මේවා නැති නිසා නාට්‍ය මිස් වෙන සාංකාව විතරයි අපිට තිබ්බේ

      Delete
  11. දන්න කියන කාලෙ ඉදං කුප්ප ලාංපුවෙං එළිය බලපු හිංද ඒ කාලෙ ඒ තරං අවුලක් තිබ්බෙ නෑ
    දැං කියලත් මහලොකු අවුලක් නෑ කියන්නකො...
    කරන්ට් එක ගියොත් අර තඩි ඉටිපන්දමක් ගහන් පොතක් බලනව.. මොකද කරන්ට් එක තියෙන වෙලාවට ගෙදර අය ටීවී බලනව නෙව ඒ වෙලාවට නං ඕනම නෑ කච බචේ..

    ReplyDelete
    Replies
    1. එහෙම බැලුවම කරන්ට් යන එකම හොදයි වගේ

      Delete
  12. කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
    කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
    අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
    අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට ...//

    රෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නට
    ඉතින් ඉඩක් නැහැ අම්මගෙ දෙපසින් ඉන්නට
    අඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නට
    පිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිට

    ඉස්සර විදියට මගෙ අයියට සළකන්නට
    නැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නට
    දොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනණ්ඩිට
    වෙනස් කමක් කරන්නෙපා කවදාවත් මට

    කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
    කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
    අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
    අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට

    ගායනය - නිරංජලා සරෝජිනී
    පද රචනය - ප්‍රේමනාත් ජයතිලක
    සංගීතය - සෝමපාල රත්නායක

    ReplyDelete
  13. වැරැද්දෙත් හොඳක් දකින එක ලොකු දෙයක් ...

    ReplyDelete
  14. හොද දැක්කත් වැරැද්ද වැරැද්ද තමා......

    ReplyDelete
    Replies
    1. වැරදී තමා කුරුටු..

      මාර ආණ්ඩුවක් මේක, රටටම විදුලිය හිතාමතාම කපලා, චන්ද වැඩිකරගන්න හදන්නේ...

      ලොල් !!

      Delete
  15. ඇයි ඔය ච.බ.කු ගේ කාලේ ඔය කැපිල්ල කොච්චර දරුණු වුනාද කිව්වොත් වේලාව පවා වෙනස් කෙරුවා මතකයි.

    ReplyDelete
    Replies
    1. වෙලාව වෙනස් කලේ කරන්ට් කපන නිසාද?
      නැත්තම් එයා වෙලාවට වැඩ කරන් නැති නිසාද?

      Delete
  16. අපි ඉස්සර පාඩම් කරන කාලෙනම් ලයිට් කපනවට හරි මනාපයි. හෙහ් හෙහ්.

    ReplyDelete
    Replies
    1. ඒ කලෙ කරන්න දෙයක් නැති නිසාම පාඩම් කරපු උනුත් ඉන්නවා බම්

      Delete
  17. ගෙදර ඉන්නකොට කරන්ට් නැති උනාම තියෙන අවුල ගිරීස්මෙ තමයි.... ඒත් කඩේ ඉන්නකොට... හම්මේ සනීපෙ.. ගිරීස්මෙ එහෙන්.. අයිසින් දියවෙනව එහෙන්... වැඩ කරන්නත් ඕනෙ.. මොකද ගත්ත ඕඩර් දෙන්න බෑ කියන්නයැ... ජෙනිය තිබ්බ නිසා ගොඩ ගියා...

    පවු හලෝ ඒ ටිකේ මඟුල් ගෙවල් ලෑස්ති කරගෙන හිටපු අය... ඒසී ‌හෝල් බුක් කරල, හතර වටෙන්ම ජනෙල් වහගෙන, මහ දවල්ටත් ලයිට් දාන සිස්ටම් එකේ වෙඩිං ප්ලෑන් කරං හිටපු කීප දෙනෙක්ම දුක් ගැනවිලි කිය කිය හිටිය... සොරි තමයි... එකෙක් දෙන්නෙක් මොලේ කල්පනා කරල, මේ පෙබරවාරි කියන්නෙ හද්ද ගිරීස්මෙ කියල දැනගෙන ඕපන් හෝල් බුක් කරල ආතල් එකේ වෙඩිං ගොඩ දාගත්ත....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...