Monday, November 4, 2013

පිස්සු බල්ලන් හදුනා ගැනීම - How To Make Out Crazy Dogs !!


සෑමා බල්ලන් ගැන බ්ලොග් එක පුරාම ලියා ඇත්තේය. ඒ අහවල් ජාතියේ උන්ය. කකුල් දෙකෙන් සිට කකුල් හතරේ වැඩ කරන උන් ගැනය. ඒ අතර සැබෑම කකුල් හතරේ බල්ලන් ගැනද ලියැවුනේය. මේ පෝස්ට් එක ලිවීමට පෙර කරන ලද පෙර විපරමකදී බල්ලන් ගැන ලිපි තුනක් සෑමා ලියා ඇති බව මතක් වූයේය.


මේ බලු ලිපිය සමග හතරවන බලු ලිපිය අද ලියවෙන්නේය. 

ඉස්සර වැඩිපුරම බල්ලෝ සිටියේ පාරේය. පාරේ යන විට බල්ලෝ පොල්ලෙලි ලෙස වාහන වලට අසුවන කාලයක් තිබුනේය. ඒ අතරින් බල්ලන් හැප්පුන විට බයික් බල්ටි ගසා, බයික් එකේ එන අයද පෙරලෙන්නෝය. හරක් පුකෙන් බලු හොම්බෙන් ලෙස සෑමා පෙර ලිපියක කීවේ, හරක් සහ බල්ලන් පාර හරහා සිටින විට නිවැරදිව, උන්ව යට නොකොට සහ අපට අනතුරක් නොවී යා යුතු පැත්තයි. අපි පුංචි කාලයේ බලු වෑන් එක කියා වෑන් එකක් එන්නේය. ඉන් කළේ කුමක්ද කියා සෑමාට හරි හැටි මතක නැත්තේය. එහෙත් ඒ වෑන් එක එනවිට ගෙවල් වල ඇති කරන බල්ලෝ පටි තදකොට බැද තැබුවේ ඒ වෑන් එකෙන් අල්ලාගෙන යන නිසාය. අයාලයේ යන බල්ලෝ එකතු කිරීම ඒ වෑන් එක සතුවූ කාර්යය වුණේය. එහෙත් සෑමා පුංචි කාලයේද ඔය කියන වෑන් එකට බයය. ඒ මන්ද අල්ලාගෙන යාවි කියා නොව, බල්ලන් පටවාගෙන එන නිසාය. ඉස්සර බල්ලෝ බුරනකොට සෑමාගේ අක්කා මර ලතෝනි තියා අඩන්නීය. ඒ බල්ලන්ට බය නිසාය. සෑමා ඉස්සර ඇඬුවේ බයික් මහ සද්දෙට රේස් කරන විටය. ඒ කාලයේ තිබුණේ ට්‍රේල් බයික්ය. ඒවා මහ සද්දෙට රේස් කරන විට සෑමා බය වී අඩන්නේය. බයික් කෙසේ වෙතත් අක්කා බල්ලන්ට බය වූ නිසාදෝ සෑමාත් බලු වෑන් එක එද්දී අක්කා සමඟ හැංඟෙන්නේය.

ඉස්සර වැඩිපුරම පාරේ සිටි බල්ලෝ දැන් සිටින්නේ පන්සලේය. මේ කියමන ඕනෑම පන්සලක හාමුදුරුනමකගෙන් ඇසුවහොත් පිළිගන්නවා ෂුවර්ය. දැන් කස්ටිය කරන්නේ පෙට්ටියක බලු පැටව් මනාවට අසුරා පන්සල් ගත කිරීමය. නැතිනම් පන්සලට පූජා කිරීමය. ඉන්පසු වැලි මළුව පුරාම ඇති බලු ගූ පෑගෙමින් පන්සල වටා කැරකෙමින් බෝධි පූජා කරන්නෝය. එවන් දායක පිංවතුන් හාමුදුරුවන් විසින් හඳුනාගෙන ඔවුනට නිසි තනතුරු දිය යුතුය. අපේ සීයා ඉන්නා කාලයේ සෑම මසකටම වරක් පන්සලට දානය අරන් යන්නේය. දිනක් උදේම දානය රැගෙන පන්සලට ගියා අපේ සීයා ගෙදර ආවේ ලේ පෙරාගෙනය. බලනකොට ගම්මුන් විසින් පන්සලට පූජා කළ පන්සලේ සිටි බල්ලෙක් සීයාව හපා තිබුණේය. එහෙත් එය හාමුදුරුවන්ටවත් නොකියාම සීයා ගෙදර ආවේ කිසිම ගාණක් නැතිවය. 

එලෙස අයාලයේ සිටින බෙහෙත් නොවිදින බල්ලන්ට පිස්සු බලු රෝගය ඇත්දැයි දැන ගැනීම අපහසු කාර්යයක්ය. ගෙවල් වල හැදෙන බල්ලන්ට නම් පොතක් ඇත්තේය. එහි උන්ට බෙහෙත් විදපු ආකාරය මනාවට සටහන් වී ඇත්තේය. නමුත් පාරේ බල්ලන්ට එසේ නැතිය. බොහෝ විට පිස්සු බලු රෝගය බල්ලන්ගෙන් පමණක් නොව පූසන්, වඳුරන්, ලේනන්, වැනි සතුන්ගෙන්ද බෝවන බවක් කියවෙන්නේය. එක ගෙදරක සිට පූසෙක් අනෙක් ගෙදර දරුවෙකු සීරීම හේතුවෙන්, පූස් ප්‍රහාරයට ලක් වූ දරුවාගේ තාත්තා අනෙක් නිවසට පැමිණ පූසාගේ පොත ඉල්ලා සිටි ආකාරය සෑමා ඇස් දෙකටම දුටුවේය. පූසන්ට පොත් තියෙන රටක් ලෙස ලංකාව හඳුන්වා දිය නොහැක්කේය. මන්ද බල්ලන්ට පමණක් පොත් හඳන නිසාය. පූසන්ට බෙහෙත් විඳින බවක් නම් සෑමා අසැ නැත්තේය.

බොහෝ සත්ව වෛද්‍යවරු කියන්නේ බල්ලෙක් හපා කෑ විට ඌව රැගෙන එන ලෙසය. බල්ලා කෑ විට බෙහෙත් දාන්නට යනවා මිස බල්ලා අල්ලන්නට ට්‍රයි කරන උන් නැත්තේය. එහෙත් ඌ හැමදාම වාගේ පාරේ සිටින ඩයල් එකක් නම් උගේ චර්යාව මොනිටර් කරන ලෙස දොස්තර තෙමේ ඉල්ලා සිටින්නේය. එහෙත් බල්ලා දෙස බලාගෙන සිටින්නට තරම් කාලයක් මිනිස්සුන්ට දැන් නැත්තේය. ඒ නිසා කළ යුත්තේ කෙසේ හෝ බල්ලා අල්ලා ගැනීමය. එමගින් බල්ලාගේ චර්යාව නිරීක්ෂණ කොට බල්ලාට පිස්සුදැයි නිගමනයකට ආ හැක්කේය.

මෙවන් බල්ලෙකු අල්ලා ගත් කතාවක් කීවේ සෑමාගේ තාත්තාය. අපේ පැත්තේ අංකල් කෙනෙකුන්ව බල්ලෙකු හපා කා ඇත්තේය. අංකල් තුවාලය ඔතාගෙන සිටින විට සැමාගේ තාත්තා සිද්ධිය දැක, සිදුවූයේ කුමක්දැයි විමසා තිබුණේය. එවිට අංකල් බලු කතාවම කියා තිබුණේය. ඉන්පසු දොස්තරගේ ඉල්ලීම වී ඇත්තේ බල්ලාගේ චර්යා රටාව නිරීක්ෂණය කරන ලෙසය. ඒ අනුව අංකල්ට පාරට වී බල්ලා දෙස බලාගෙන සිටිය නොහැකි නිසා ගෙදර අය බල්ලා අල්ලාගෙන ඇත්තේය. එලෙස අල්ලා ගත් බල්ලා සතියක් පමණ විවේකීව නිවසේම හැදී වැඩී දැන් ආතල් එකේ සිටින්නේය. අංකල්ටද අවුලක් නැත්තේය. ඒ අනුව දොස්තර නිගමනය කර ඇත්තේ බල්ලාට පිස්සු නැති බවත්ය. පාරේ දුවමින්, කන්නට බොන්නට දෙයක් නැතිව සිටි බල්ලා කූඩුවට වී කල්පනා කරනවා ඇත්තේ “අනේ මුන්ට පිස්සු..“ කියාය. යන එනමක් නැති, අසරණ බල්ලෝ දැන් කළ යුත්තේ පාරේ යන මිනිස්සුන්ව හැපීමය. එවිට උන්ට ලක්ෂරි ජීවිතයක් ගත කළ හැකි වන්නේය.

පාරේ සිටින බල්ලන් නිවසට රැගෙන විත් ඇති කරනා ලෙස මා මුලින් දුටුවේ ඔටාරාගේ ෆෙස් බුක් පිටුවෙන්ය. Do Not Buy, Adopt A Dog ලෙස විවිධ වෙබ් අඩවිද ඉන්පසුව මුණ ගැසුනේය. මුදලට බල්ලන් ගෙන ඇති කරනවාට වඩා අසරණ වූ බල්ලෙකු ඇති කිරීම කෙතරම් වටින්නේද යන්න මා හටද වැටහුනේ ඉන් පසුවය. ඔබත් ඔබේ නිවස අසල පාරේ සිටින බල්ලාට පිස්සුදැයි බැලීමට නිවසේ කූඩු කොට තබා ගන්න.


Written by sAm_ශ්‍රී_Perera_7:15am_04/11/13

79 comments:

  1. Who let the dogs out...

    Woof, woof, woof, woof
    Woof, woof, woof, woof
    Woof, woof, woof, woof
    Woof, woof, woof, woof

    මට මතක් උණේ මෙන්න මේක...:D

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපි බැලුවේ ඕකෙ වීඩියෝව විතරයි.. ;)

      Delete
    2. පොඩ්ඩිට ලස්සනට බල්ලෙක් වගේ බුරන්ට පුලුවන් නෙ :)

      Delete
    3. යාලුවන්ගෙන් පුරුදු වෙන ඒවනේ අනේ...හී හී...

      Delete
    4. එතකොට බලු යාලුවොද ඉන්නෙ ;)

      Delete
    5. සින්දුවේ ඉන්න බල්ලොවත් මේ තරම් බුරන්නේ නෑ... :)

      Delete
  2. ඔන්න පොස්ටුවටම හරි යන්න පලවෙනි කොමෙන්ටුවෙන්ම බුරලා ..... ඒ නිසා මම නොකර සද්ද මාරු

    ReplyDelete
  3. උබව දවස් කීයක් එහෙම කූඩු කරල තිබ්බද බන්? :P :D

    ReplyDelete
    Replies
    1. එක දවසයි බං. මම පැන්නා !

      Delete
  4. මට නම් එපාම කරපු සතා බල්ලාය ඒ ගැන මෙතනින් බලන්න ඔය ලොකු නෝනලා සද්දෙට සෝබනේට බල්ලො හැදුවට අසරන අනාත ළමයින්ට සලකන්නේ නෑ. හැබැයි පින්තූරෙට මූන දාගන්න නම් උත්සහා කරනවා. (ළමානිවාසවලදි)

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත ජෝනා.

      බල්ලෙකුට හරි සලකනව නම් මදෑ නේද? මම එය පෝස්ට් එක කියව්වා කලිනුත් ;)

      Delete
  5. අනේ හැබෑට මේකට කතා කරන්න එක්කෙනෙක් ඉන්නවා එන්න කියන්න ඕන..

    වීඩියෝ එකකුත් තිබ්බා මේ ළගදි ෂෙයා කරපු..

    https://www.facebook.com/photo.php?v=656135664430488

    ReplyDelete
    Replies
    1. එන්න කිව්වා නම් ගොඩ නේ?

      ස්තුති වීඩියෝවට..

      Delete
  6. අද බලු කතාවක්... :)

    ReplyDelete
    Replies
    1. බල්ලො අමතක නොකරම බැරිය.

      Delete
  7. තවත් බලු කතාවක්..

    බල්ලොත් එක්ක බෑ බන්...

    ReplyDelete
    Replies
    1. මම දැක්ක බල්ලො පන්නනවා මාතලන් පස්සෙත්..

      Delete
  8. බලපන්කො ඔය හදා ගන්න බල්ලොන්ට තියෙන.. අපිටවත් එච්චර නෑ බං

    ReplyDelete
    Replies
    1. නාඩියා කියන විදිහට, බල්ලෙකු වීමත් පිනක් බං.

      ඒ වුනාට පාරෙ ඉන්න එවුන් පව් බං..

      Delete
  9. මටත් මේ ගැන හොඳ අත්දැකීමක් තියනවා.අපෙ ගෙදරට බලු පැටියෙක් ගෙනාවා හිටපු බල්ලා පරලොව ගියනිසා.දවසක් කිරිටිකක් දෙන්න හදනකොට මේකා මගෙ අත හැපුවා.අතෙ ඇඟිලි දෙකක දත්පාර වදින්න.ඒ කාලෙ ඉතින් දැන් වගෙ බල්ලන්ට බේත් විදින්නෙ නෑ.අනික මේකා සති ගානයි වයස.තුවාලෙට බෙහෙත් දාල අපිත් ඉතින් බල්ලව නිරීක්ශනය කලා.මෙන්න දවස් දෙකකට පස්සෙ මේකා මැරුනා.තාත්තයි මමයි බල්ලව පෙට්ටිය දාගෙන බො‍රැල්ලෙ M.R.I. එකට ගියා උදෙන්ම.තාත්තා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙ වැඩ කරපු නිසා එතන ගොඩක් අයව දන්නව.ඉතින් සැලකීම හොඳයි.දවල් දෙකට විතර කිව්වා එක ටෙස්ට් එකක් කලා ඒක නෙගටිව් තව එකක් කරන්න තියනව බලු ඔලු දෙක තුනක් එකතු වුනහම තමයි ඒක කරන්නෙ එතකන් මහ ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් වගයක් විදගන්න කියල.එතනට ගියහම කියපි මේක කරන්න ඇඩ්මිට් වෙන්න ඕනකියල. මොනව කරන්නද වාට්‍ටුවට දැම්මා.දොස්තරගෙ නම ගහල තියනව වාට්‍ටුවෙ "මා හුන්ග් යූ' කියල .හතරට විතර එනව චීන කොල්ලෙක් ඒ දොස්තර.මේ ඉතින් ඉස්කෝලෙ යන කාලෙනෙ යස් නෝ වට් ෆෝ විතරයි දන්නෙ.දැන් මේ දොස්තර එක්කෙ කතා කරන්නෙ කොහොමද කියල හිත හිතා ඉන්නකොට මෙන්න එයා හොඳට සිංහල කතාකරනව.ලංකාවෙ ඉපදුන දෙවනි පරම්පරාවෙ කෙනෙක්.කොහොමහරි ඇඟිලිවලට ඉන්ජෙක්ශන් ටිකක් ගහල ගෙදර එව්ව.සතියකින් විතර රෙජිස්ටර් පෝස්ට් එකේ ලියුමක් එව්ව බල්ලට පිස්සු නෑ කියල එතකොට තමයි යන්තම් සහනයක් දැනුනෙ මොකද මේ අර බල්ලට පිස්සු නම් බුරිය වටේට 21ක් ගහන කාලෙ.

    ReplyDelete
    Replies
    1. සාමානයෙන් පාරෙ ඉන්න බල්ලෙක් ගෙදර කැන්දාගෙන ආපු හැටියෙම බෙහෙත් විදින එක තමා හොදම වැඩේ. ඒත් පොඩි උන් නම් (බෙහෙත් විදින වයසෙ නෙවේ නම්) ටික දවසක් පරිස්සමෙන් ඉන්න වෙයි.

      මේ කතාව මං නොහිතපු පැත්තකට අරගෙන ගියා !
      ස්තුති !!

      Delete
  10. හි හි පාරේ ඉන්න "බල්ලෝ" ,පන්සල්වල් ඉන්න "බල්ලෝ" බ්ලොග් කියෝනවනම් මේකත් ඇස ගැටෙන්න තිබ්බා ,,, ඔයාගේ පරණ බලු පෝස්ට් ටිකත් කියවන්න ඕනේ , මාව බල්ලෙක් හැප්පිලා බයික් එකේ ඉස්සරහ රෝදෙට නූලෙන් බේරුනේ ,, නුලක් නෙමේ නොමැරී යන්තම්,,,

    ReplyDelete
    Replies
    1. බල්ලො පාර පනින එක නම් බයික් වල යද්දි මහා භයානක වැඩක්..

      Delete
  11. බල්ලොනම් එපෝ.................................................................................................................

    ReplyDelete
  12. බල්ලා කියන්නේ පට්ට සතෙක් අප්පා...පුදුම ගතිගුණ තියෙන්නේ.

    සමහර කකුල් දෙකේ එවුන්ට බල්ලා බල්ලා කියන එක රියල් බල්ලට කරන අපහාසයක්.

    පාරේ ඉන්න බල්ලෝ අල්ලලා කුඩු කලාට කුඩෑල්ලෝ මෙට්ටේ තියන්න පුළුවන් වෙයිද දන් නෑ.

    ReplyDelete
    Replies
    1. අර අංකල් අරන් ඇවිත් කූඩු කරල හොදට හදා ගත්තේ..

      Delete
  13. යකඩෝ හතර වටේ යන්නේ බලු කතා "හරක් පුකෙන් බලු හොම්බෙන් ලෙස" මම ගිය පාර කතරගම ගිහින් හරකෙක් හැප්පුවාට පස්සේ අපේ හැරා මට කිව්වේ මල්ලි හරක් පුකෙන් බලු හොම්බෙන් තමයි වාහන පදින්න ඕනේ කියල ඒ වුනාට අවවාදේ වැඩක් උනේ තාත්තේ මගේ මූණ චප්ප වෙලා තිබුන නිසා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ.. කතරගම ගිහින් හරක් මරලා මේකා..

      Delete
  14. මේ දවස් වල වෙන දේවලුත් එක්ක බල්ලෙක් හදාගන්න එකත් හොදයි තමයි...හැබැයි සෑමෝ වල් බල්ලෙක්...

    ReplyDelete
  15. සැමා අපට කියන්නේ වල් බල්ලෝ හදන්න කියලාද? මට කලකට පෙර ආසාවක් අවා බල්ලෙක් හදන්න. බල්ලෙක් හැදුවම වෙන අමතර කරදර පිලිබඳ හිතුවම ඒ අදහස නිකන්ම අයින් වුනා.
    මලපහ කරන්නේ නැති මුත්‍ර කරන්නේ නැති නාවන්න ඕන නැති. අපිව ලෙවකන්න එන්නේ නැති. ලොම් හැලෙන්නේ නැති බලු වර්ගයක් ඉන්නවා නම් මමත් බල්ලෝ හදනවා

    ReplyDelete
    Replies
    1. මොකටද එහෙම බල්ලෙක් හදන්නේ?

      Delete
    2. සැමා අර පන්සල ඉස්සරහ කඩේකින් ඔය රංග කියන විදිහෙ බල්ලෙක් අරන් යවන්න.:D

      Delete
    3. විශ්ව කියන්නෙ බල්ලෙක් ගැන නෙවෙද මන්ද..

      කම්මල- ඒක තමා බං කරන්න වෙන්නෙ..

      Delete
    4. කම්මල කියපු ජාතිය මැටිටෙෂන් නේ උන් හරියන්නේ නැහැ. මොනවා නැතත් බුරන්නයි හොරු අවොත් හපන්නයි ඕන.

      Delete
  16. මෙහේ බල්ලන්ට රජ සැපය.මෙහේ වල් බල්ලෝ නැති තරම්ය.ලංකාවේ සමහරු රැකියාව ලෙස බල්ලෝ බලා ගන්නේය,තවත් සමහරු ලබන ආත්මයේ ඉතාලියේ බල්ලෙක් වී ඉපදිමට ප්‍රාර්ථනා කරනවා මග තොටේදි අනන්තවත් මා අසා ඇත.කොහොම නමුත් බල්ලන්ට මගේ කැමැත්තක් හෝ අකමැත්තක් නැත.නමුත් මෙහේ බල්ලෝ බලාගන්න ජෝබක් හිගා කෑවත් කොරන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. ඔයා ඔහේ කූඩුවකද ඉන්නේ ;)

      ඇයි දෙයියනේ මම ඔහෙ නම් කූඩුවකට බැහැලා ආතල් එකේ ඉන්නවා..

      Delete
    2. මන් කිව්වයි කියලා හිතා ගන් ;)

      Delete
  17. මං මේ කල්පනා කළේ බල්ලො පාරවල් වල දාලා යන හින්ද උන්ව හදාගන්න ගන්න කියලා හිතන උදවිය පාරේ දාලා යන දරුවො ගැන එහෙම හිතන්නෙ නැත්තෙ ඇයි කියල....

    අපේ අම්මලගෙ ගෙදරත් දැං බලු රැළක් සහ පූස් රැළක්ම ඉන්නව.. ඉස්සර නං වලව්වෙ හාමුට විතරයි වෙනම ඉව්වෙ.. ඌ ඇරෙන්න අනිත් උන් ඔක්කොම වල් බලුස්ලා තමයි... දැන් ඉතිං රැලටම වෙනම උයනවලු අපේ අම්ම... හි හි...

    ReplyDelete
    Replies
    1. දරුවො එහෙම හදන්න ගියොත් හිරේ තමා ලගින්න වෙන්නෙ. දන්නවනේ බල්ලො වගේ නෙවෙ නේ දරුවෝ. අනික දරුවෝ තිරිසන්නු වගේ හදා ගන්න කියල පාරවල් ගානෙ දාල යන එකයි, බල්ලන්ට පැටව් ලැබෙන එකයි අතර සමාන කමක් දකිනවද හිරු??

      පූස් රැලක් අපෙ ගෙදරත් හිටිය. අපෙ අම්ම තමා මාළු අරන් දුන්නෙ.. :)

      Delete
    2. මං කිව්වෙ බං ඔය සල්ලි තියෙන අය බල්ලො හුරතල් කර කර හිටියට ළමයෙක් දෙන්නෙක්ට ඉගෙනගන්න වත් උදවුකරනව දැකලා තියෙනවද... අනිත් එක අපේ රටේ අද වෙනකොට කොච්චර ළමා නිවාස තියෙනවද... දවසක් දෙකක් ගිහින් දානයක් දීලා, බලං ඉදලා එනවා මිසක් ඊට එහා දෙයක් කරන්න පෙළඹෙන්නෙ කීදෙනාද... දුප්පත් අම්මලා තාත්තලා ගාවම ඉන්න ළමයි කොච්චර ඉන්නවද....

      අපේ තාත්තලගේ ඔෆිස් එකේ තිබ්බ ප්‍රොග්‍රෑම් එකක්... ඒකෙ තිබ්බෙ කැපකරු ක්‍රමයක්... කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්.. පොඩි පඩියක් තිබ්බ උනාට අපේ තාත්තත් ඕකට සම්බන්ධ උනා.. මාසෙකට 2000ක් වගේ ඒ කාලෙ... ඒ ළමයා ඒලෙවල් ඉවර වෙලා දැං ඔස්ට්‍රේලියාවෙ ඩිග්‍රි එකක් කරනව.. ඒකට තනිකරම වියදම් කළේ තාත්තලගේ කම්පැණිය... කම්පැණිය ඔස්ට්‍රේලියන්.. අපේ රටේ කම්පැණි කීයක් ඔය වගේ දෙයක් කරන්න පෙළඹෙනවද...

      Delete
  18. පූසන්ට බෙහෙත් විදිනවා. උන්ටත් අර බල්ලන්ට වගේම පොතක් හදාගන්න පුළුවන්. දවසක් මම බල්ලට බෙහෙත් විදින්න අරන් යද්දී කෙල්ලෙක් පුසෙක් අරන් ආවා. ඩොකා බේත් විදින්න කට්ට ගහනකොටම පුසා කෙල්ලගේ අතින් පැන්න. ඊට පස්සේ තත්වයශෝකනියයි. පය කාලක් විතර කට්ටියම පුසව හෙව්වා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ නැහැ අපෙ මිනිස්සු පූසන්ට බෙහෙත් විදින්න බල්ලන්ට වගේ සැලකිල්ලක් දක්වයි කියල...

      කෙල්ලගෙ අතේ වදින්න තිබ්බෙ කට්ට.. (පූසා කිව්වෙ.. කෙල්ලගෙම පූසද??)

      Delete
    2. කෙල්ල වඩාගෙන අපු පුසා දිවුවම. කෙල්ල ගාව හිටිය අනෙක් පුසාට විදින්න තිබුනා නේ.

      Delete
  19. අපිත් දැන් ළඟකදි ඉදන් සුනඛ රාජයෙක් ඇතිකරනවා. ඇත්තටම ඔවුන් තමයි මිනිසාගේ අවංකම මිතුරා. මම සුනඛ වර්ගයා ගැන ලියපු කවි පෙළක් මගේ බ්ලොගයේ තියෙනවා. වෙලාවක් තිබුනොත් ඒක රස විඳිනට මගෙන් ආරාධනා!!!

    ReplyDelete
    Replies
    1. කවිපෙල කියෙව්වා වගේ මතකයි..

      ලින්ක් එක දැම්මනම් අනිත් අයටත් ලේසි වෙයි :)

      Delete
  20. බලු කතාවක් නේද සෑම්,මමත් එකක් කාලෙකට ඉස්සෙල්ල ලිව්වනෙ,හුරතලේට හිටපු සත්තු මැරුණම ආපහු බල්ලො හැදිල්ල එපාවෙනව බං.

    ReplyDelete
    Replies
    1. සිරාවට.. අපෙත් ඔය ගැටළුව නිසා බල්ලො ගැන අපේ ගෙදර කතා කිරීම පවා තහනම්.

      අපි සතියක් නොකා හිටිය බං බලු පැටියෙක් මැරිලා. මීට වසර 10ටවත් ඉහතදි වෙන්න ඇති.

      Delete
  21. පොඩි කාලෙ ඉඳලම බල්ලො හදලා උන් අපිව දාලා ගියහම තියෙන දුක ආයි විඳින්න බැරි හින්දා අනුන්ගෙ බල්ලො හුරතල් කරලා උන්ට කන්ඩ බොන්ඩ ටිකක් දීලා නිකන් ඉන්නවා බන්..

    ReplyDelete
    Replies
    1. ගෙවල් වල දේව පාද සීන් එකක් තියෙනව නම් බල්ලො හදන්න බැහැ කියන්නෙ ඇත්තද වෙනි අයියා..

      මේක මාර අයියාට තමා යොමු කරන්න ඕනෙ..

      Delete
  22. 990 සිංහල අවුරුදු දවසෙ අපේ ගමට පැනපු පිස්සු බල්ලෙක් මහා කලබලයක් ඇතිකලා. පොඩි ළමයෙකුටයි මගෙ යාළුවො තුන්දෙනෙකුටයි හපා කෑව, සිංහල බේත් විතරක් කරපු එක යාලුවෙක් මැරුණ.
    ඒ පිස්සු බල්ලා හපාකපු හැටි දැක්කම මටනම් හිතෙන්නෙ බල්ලො කියන්නෙ සුරතලේට හදන්න හොද ජාතියක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ බෙහෙත් ගැන එච්චර දැනුමක් නැතුවද සිංහල බෙහෙත් කරල තියෙන්නෙ.

      බල්ල විතරක් නෙවෙ, කල්පනාව තියෙන මිනිස්සු පවා පිස්සු හැදුනම අවුල් නේ..

      Delete
  23. සේරම බලු කතා ටික මට කලින් කට්ටිය කියලා ... :(

    ReplyDelete
  24. බලු වෑන් එකට ඔය තරම් බය වෙන්න ඇත්තම හේතුව මොකක්ද සැමා?? :-)

    ReplyDelete
    Replies
    1. බලු වැඩනේ බං කරන්නෙ..

      Delete
  25. මගේනම් ආසම සතා කකුල් හතරෙ බල්ල

    ReplyDelete
  26. මමත් මේ දවස්වල එකෙක් හොයනවා. හිටපු එකා මාසෙකට විතර කලින් අභාවප්ප්‍රාප්ත උනා.. දැන් කකුල් 2 බල්ලො මගේ ජම්බු ගහේ ගෙඩි කඩනාවා :(

    ReplyDelete
    Replies
    1. හිකිස්.. බල්ලා ගහේ ගැට ගහන්න තියෙන්න :ඩී

      Delete
  27. බුහ්! බුහ්බුහ්! බුහ්බුහ්බුහ්!!!බුහ්! බුහ්බුහ්! බුහ්බුහ්බුහ්!!!බුහ්! බුහ්බුහ්! බුහ්බුහ්බුහ්!!!බුහ්! බුහ්බුහ්! බුහ්බුහ්බුහ්!!!බුහ්! බුහ්බුහ්! බුහ්බුහ්බුහ්!!!බුහ්! බුහ්බුහ්! බුහ්බුහ්බුහ්!!!බුහ්! බුහ්බුහ්! බුහ්බුහ්බුහ්!!!බුහ්! බුහ්බුහ්! බුහ්බුහ්බුහ්!!!බුහ්! බුහ්බුහ්! බුහ්බුහ්බුහ්!!!

    ReplyDelete
    Replies
    1. පාට්නර් කවදද පිස්සු බල්ලෙක් කෑවෙ....මාල දිවයිනේ නැත්නම් මැලේසියාවෙන් හරි පිස්සු බලු බේත එවන්නම්...මට පේන්නෙ වයසක පිස්සු බල්ලෙක් තමයි හපලා තියෙන්නෙ.

      Delete
    2. හෙන්රියා අති සාර්ථකයි... :))

      Delete
    3. හෙන්රි.. මම නම් මචං උඹේ මතයට එකඟ නැහැ. උඹ කියලා තියන එක වැරදියි කියලා මම කියන්නෙ නෑ. ඒත් ඒක එක පැත්තක් විතරයි... අපි මේක දිහා බලන්න ඕනේ වෙන කොණයකින්....

      Delete
    4. @සිරා: මෙහෙ බල්ලෝ නෑ බං.
      @සෑමා: අන්න බල්ලගේ හදවත් ගැහෙන රාවය තේරුම් ගත්තා උඹ
      @තිසර: මරු කමෙන්ට් රිප්ලයි එක බං. ඔව්, මම එතනදි තරමක් පක්ෂග්‍රාහී වුනා තමයි. උඹ ඉතින් දන්නවනේ බල්ලගේ දෘෂ්ඨි කෝණය. ඔය සමහරු කියන්නේ බල්ලගේ දෘෂ්ඨි කෝණය නිසාම ඌ වල් වෙනවා කියලා.

      Delete
    5. @ තිසර ++++++++++++++++++++++++++++++

      Delete
    6. තිසර& ඩූඩ්..........ඩූඩ් කියන්නට උත්සාහ කර ඇත්තේ මස් කටුවක් සහ එහි ඇති කැල්සියම් ප්‍රමානය ගැනය. තිසර එය වැරදි තැනකින් අල්ලා ගෙන ඇති හැඩය. එය නැවත පරිවර්තනය කලයුතු නැතැයි මට සිතේ...බුහ්..බුබුබුහ්හ්හ්හ්හ්

      Delete
  28. මම සත්තුන්ගෙන් ඉතාමත් කැමති සතා...බලු සතාය...බොක්කෙ කුණු නැති එක දවසක් කන්න දුන්නද අවුරුද්දක් වලිගය වන වනා සෙනෙහස පානා බලු මිතුරා වූ කලී පිටිපස්සේ සිට පොකැට්ටුවට විද මාරුවෙන පෙම්වතියකට හෝ අපාය සහායක මිතුරෙකුට හෝ වඩා ඉතාමත් වටිනා වස්තුවක්ය.

    සිරා ඈත අතීතයේ දිනක කුණු වෙන්නට ගසා දෙපසට වැනෙමින් ගෙදර ආවෙහිය. තවමත් බඹර චක්‍රයක් ආකාරයෙන් කැරකෙන හිස්කබල කොට්ටයක් මත සතපවා නිදන්නට නොහැකි හෙයින් නිවෙසට යාම පසෙක තමා පිටුපස ඇති වෙල්යායට වී හද එළියේ අසිරිය විදිමින් හිදගෙන සිටියෙමි. ඒ වේලාවේ සුළං හැමුවේ නිවස දෙසට වන්නට බව මට මතකය. සැනෙකින් ඉදිරියේ වූ පදුරු දෙබෑකර මා අසලට පැමිණියේ අපේ නිවසේ බලු මිත්තරයාය. මගේ මුහුණ හොදින් ලෙව කා ආචාර සමාචාර දැක්වූ මේ බලු මිත්‍රයා මගේ බමන මත අඩුවන තුරුම මා අසලින් නොසෙල්වී සිට උගේ සෙනෙහස මොනවට දැක්වූ බව සිහිපත් කරනු කැමැත්තෙමි.

    අපේ නිවස දේව පාදයක පිහිටියේ යැයි කියන නිසා බලු මිතුරන් ඇතිකල නොහැක..සුව කල නොහැකි රෝගයන්ට ගොදුරු වී අකාලයේ මිය යති. එහෙත් පූසන්ට නම් එහෙම අපලයක් නැතිය. උන් හිතේ හැටියට හොරා කකා ලොවෙත් නැති සැප භුක්ති විදින්නෝය.

    ReplyDelete
    Replies
    1. //අපේ නිවස දේව පාදයක පිහිටියේ යැයි කියන නිසා බලු මිතුරන් ඇතිකල නොහැක..සුව කල නොහැකි රෝගයන්ට ගොදුරු වී අකාලයේ මිය යති.//

      මේ ප්‍රශ්නය අපිටත් තියෙනවා බං. මේකට පිලියමක් නැද්ද,?? හදන හදන බල්ලා පාරට පැනල මැරෙනවා. නැත්තං පස්ස පන නැති වෙලා මැරෙනවා. අම්ම බලුපැටව් ගේන්න දෙන්නෙ නැහැ.

      පලි - උක්ත සියළු කරණු වලට එකඟවෙමි..

      Delete
    2. බල්ලා පාරට පැනලා මැරෙනවානම් බැඳලා හෝ කූඩුවක දමන්න .නැතිනම් පාරට යන්න දෙන්න එපා.ඔය පස්ස පන නැතිවෙලා මැරෙන්නෙ ලෙඩකින් නේද?මම අහල තියෙන්නෙ ඩිස්ටැම්පර් වගෙ නමක් ඒකට කියන්නෙ .ඒ ලෙඩේට නම් ඉන්ජෙක්ශන් තියනවලු. බලු දොස්තර කෙනෙක් සමාවෙන්න වෙට් කෙනෙක් ඉන්නවනම් විස්තර කරනවද ප්ලීස්.

      Delete
    3. බල්ලට උඹල එක්ක ඉන්න බෑ කියල හිතුනහම ඌ පාරට පැනල සියදිවි හානි කරගන්නවද කොහෙද.

      Delete
  29. බල්ලොත් එක්ක බෑ අෆ්ෆා....

    ReplyDelete
  30. එහා ගෙදර බල්ල අපේ පුසව හපල. ඌ මැරෙන්න ලන් වෙලා පන ඇද ඇද ඉන්නකොට අම්ම උට වතුර පොවන්න ගිහින් ඌ අත හපල. ටික වෙලාවකින් ඌ මරුනා. ඊට පස්සෙ අතට බෙහෙත් දාන්න ගියාම පුස අරන් බොරැල්ලෙ mRI එකට යන්න කිව. ඉතින් අපි එවෙලෙම MRI එකට ගියා එතකොට රෑ 10ට විතර ඇති. එතෙන්ට ගියම ගේට්ටුවෙන් කිව පුසව බාරගන්න බෑ පුසගෙ ඔලුව විතර‍යි බාරගන්නෙ ඒ හින්ද ඔලුව විතරක් ගේන්න කියල. මොනව කරන්නද ඊට පස්සෙ බොහොම අමාරුවෙන් පිහියක් හොයාගෙන කැපුව. එහෙම සත්තු ගෙනැල්ල ඔලුව විතරක් ගේන්න කිවම ලග පාත ඉන්න කුඩ්ඩො ඒ සතෙකුගෙඔලු කපන්න 2000ක් 3000ක් විතර ගන්නවලු.

    ReplyDelete
  31. බල්ලෝ ගැන මතක් කරන්න එපා බං.. මතකනේ මම අපේ ගෙදර හිට්ය එකා ගැන ලිවුවා..

    ReplyDelete
  32. ඔය බලු වෑන් එකෙන් බේරගන්නට ඒ කාලෙ පාරේ යන බල්ලන් පවා ගැටගසාගන්නා මිනිසෙක් මේ පැත්තේ සිටියේය. ඉස්සර තොංඩු දමා අල්ලාගෙන ගොස් එක තැනකදී මොකක්ද වායුවක් අල්ලා උං මරා දැමුවද පසුව සයනයිඩ් කට්ටෙන් ඔන්ද ස්පොට් මරණයක් ළඟාකර දුනි.

    අපේ ගෙදරත් සිටිය තරමක් සිටියේ වල් බල්ලන්ය. උං ඔය පොෂ් බල්ලන්ට වඩා හදාගන්නා එකාට කරුණාව දක්වන බව මගේ හැඟීමයි.

    ReplyDelete
  33. කවුරු හරි හදාගන්නවා නම් අපේ ගෙදරත් එකෙක් ඉන්නවා. ආත්මෙකට හොරෙක් ගෙදරට එන්නේ නෑ. මේකා ගිහින් කර උඩ නැගලා ආදරේ පෙන්නනවා. මොකද කියලා දීලා තියෙන්නේ හිංසාව හොඳ නෑ කියලා. ගන්නවා නම් කියපල්ලා. ගෙදරටම ගෙනත් දෙන්නම්

    ReplyDelete
  34. මට අල්ලපු ගෙදර නෝනාගේ බල්ලා වීමට සිතී ඇත්තේ බොහෝ කාලයක සිටය. කෑමෙන් බීමෙන් පමනක් නොව හැම අතින්ම ඌ මට වඩා දක්ශයෙක්ය. වාසනාවන්තයෙක්ය. මා උත්සාහ කලදේ ඌ මට වඩා කලින් ඉටු කරගෙනය. ඌ දැන් නිදාගන්නේ නෝනා සමග බව මට ආරංචිය,

    ReplyDelete
  35. බලු වෑන් එක දැක්ක කාලයක් මතක නෑ .
    මාර මාර මාතෘකා වලට ලියනවනෙ අප්ප ඔයා නියම පෝස්ට් එක .
    බල්ලො පැනල බයික්කලේ යද්දි ලෙලි ගිහින් ඉදල තියනව මමත් .

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...