Monday, April 1, 2013

ගමේ ආච්චීට බොදුබල සේනා අගය තේරුණු හැටි... Grand Ma's Law


අද දින සෑමාගේ නිවස ආසන්නව බොදු බල සේනා මහා සම්මේලනයක් තිබුණේය. බොදු බල සේනාවේ ගුණ නොහොද වැයීම වැඩක් නැතිය. එක එකාට එක එක අදහස්ය. ඒවා අපිට වැඩක් නැත්තේය. ගම පුරා තිබු ස්පීකර් නිසා සෑමාටත් එහි කියූ කතන්දර, බණ, ඇසුනේය. ඒ අතර බුද්ධ චරිතය පිලිබද උකහා ගැනීම්ද කැටි වූයේය. ඒ නිසා රසවත් වූයේය. ඒත් අද දින ගමේ පිට්ටනියට ඇදුනු පිරිස් බහුතරයක් බණ අසන හෝ පිළපදින පිරිසක් නොවන බව සහතිකය. ඒවාද අපට වැඩක් නැත්තේය. පිබිදීමක් ඇති වී ඇත්තේය. ඒ පිබිදීමෙන් හෝ සමාජය හොද අතකට හැරෙනවා නම් හොදය. ඇමති මණ්ඩලයට මෙන්ම පාර්ලිමේන්තුවේ සිටින උන්ගේ පතුරු යැව්ව එක නම් මරුය. ඒත් අපි හැමදාම කළෙත් ඒකය. වැඩක් නම් වුණේ නැතිය. බොදු බල සේනාවට හෝ එම වැඩේ සාර්ථකව කරන්නට හැකි වේවා යැයි සෑමාගේ පැතුමය. එසේම බොදු බල සේනාව තවත් එක් හෙළ උරුමයක් නොවේවා යන්න සෑමාගේ පැතුමය. 

බො.බ.සේනා සම්මන්ත්‍රණය ගමේ පිට්ටනියේ පැවැත්වෙද්දී අපේ ගමේ ආච්චී කෙනෙක් සුදු වතින් සැරසී සෑමාගේ නිවසට පාත් වුණාය. ඇය සෑමා පොඩි කාලේ සිටි මෙහෙ එන ඇත්තියක්ය. ආවහම සෑමාගේ තාත්තාගෙන් ආච්චීට කතා කොට බේරෙන්නට බැරිය. ආච්චී කියන ඒවාට තාත්තා හරස් කතන්දර කියද්දී ආච්චී සුදු කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්නීය. එවිට බලා සිටින්නවුන්ට පට්ට ආතල්ය.

“ගියෙ නැද්ද පිට්ටනිය පැත්තේ.. හාමුදුරුවරු මරු කතා කියන්නේ...“

“ගම පුරාම ස්පීකර් නේ.. අපි නම් ගෙදර ඉදන්ම අහගෙන ඉන්නේ..“

“එතැනටම ගිහින් බලන්න එපැයි සෙනග..“

“ඔව් ඔව් මේ පැත්තෙන් ගිය සෙනග අපි දැක්ක.. පාර අයිනෙ හිටියෙ අපි..“

“අපිත් පිට්ටනියටම ගියා..“

“එතකොට කලින් පැන්නේ?? අර තවම වැඩසටහන යනව නේ..“

“ඔව් අප්පා.. අව්ව සැරයි ඉන්න බැහැ.. ඉතිං ආවා.. මෙහෙම බල වේගයක් තියෙන එක හොදයි..“

“එතකොට ආණ්ඩුව? පොලිසිය? නීතිය? මොකද කරන්නේ?“

“ඒව තිබ්බට වැඩක් නැහැනේ දරුවො.. බො.බ.සේනාව කරන ටික නම් මරු..“

“ඉතිං මේව කිව්වම සෙනග හැදෙයිද?“

“කොච්චර බණ කිව්වත් හැදෙන්නෙ නැති රටක් නෙ මේක..“

“ඒක නම් ඇත්ත දරුවො..“

“එහෙනම් මේ සම්මන්ත්‍රණයෙන් වැඩක් නැද්ද?“

“අනේ මන්දා.. ආණ්ඩුවට හොදටම බැන්නා..“

“ඉතිං ආණ්ඩුවට මෙහෙ ඉදන් බැනල වැඩක් නැහැනේ.. කරන්න තියෙන්නේ අරලියගහ මන්දිරේට ගිහින් ජනාධිපතිතුමාව දැනුවත් කරන එක.. අනික ඉස්සර ඉදන් රජ වරුන්ටත් අවවාද දුන්නෙ හාමුදුරුවරු..“

“ඒකත් ඇත්ත නේ.. ඇයි ඉතිං මෙයාලා ගිරිය පුප්පගෙන මෙහෙ කෑගහන්නේ.. පාර්ලිමේන්තුවට හරි ගිහින් ඒකෙ මිනිස්සු දැනුවත් කළා නම් හොදයි නේ..“

“එතකොට ඇයි ආච්චි ගියෙ..“

“අනේ මන්ද පුතේ මාත් ගියා.. බලං ගියාම වැඩක් නැහැනේ මෙහෙම තැන් තැන් වල කෑ ගහලා.. “

“එතකොට ආච්චි මේ වැඩෙන් තේරුමක් නැද්ද??“

“ඒක තමයි.. මෙහෙම තැන් තැන් වල කියවලා හරි යන්නෙ නැහැ. රජයට අවවාද දෙන්න, ආශිර්වාද කරන්න හාමුදුරුවරු ඉන්නෝනි.. “

ආච්චී පටන් ගත්තේ වෙන තැනකින්ය. අවසන් කළේ වෙන තැනකින්ය. බලා සිටි අපිට පිස්සු වගේය. කරන්නට දෙයක් නැති තැන සෑමා උඩුමහලට රිංගා ගත්තේය. ආච්චී ගෙදර යන බව සෑමා දුටුවේ කාමරයේ ජනේලයකින්ය. 

“අනේ මන්ද.. බණ ඇහුවත් ඔය ටිකම තමා.. “

පලි -  සත්‍ය සිද්ධියක් ඇසුරෙන් ලියුවක් මිසක, කිසිම සංගමයකට සමාගමකට පහර දීමක් නොවේය. බො.බ. සේනාව පිළිබද සෑමාට ඇත්තේ මැදහත් සිතක්ය.

Written_by_sAm_ශ්‍රී_Perera_11:32pm_31.03.2013


මෙතැනින්... දෙපයින් නැගිටින්නට වෙර දරණ යශෝධාට ශක්තියක් වෙන්න...

80 comments:

  1. අපේ ගෙවල් ලඟත් එහෙම එකක් අද තිබ්බේය..මමනම් ගෙදර හිටියේ නැති නිසා මොකද උනේ කියලා දන්නේ නැත! නමුත් ඊයේ පෙරේදා ඉදන් පිට්ටනියේ හතර වටේ පොලිසිය දාල තිබ්බා කියලා නම් දැක්කාය!

    ReplyDelete
    Replies
    1. ඇයි උබලෑ පැත්තේ ගම පුරාම ලවුඩ්ස් පීකර් බැන්දෙ නැද්ද? මෙහෙ වගේ ?

      Delete
  2. බොදු බල සේනා ගැන මට ප්‍රශ්නයක් නැත.තිබ්බත් කරන්ට නැත..එත් ඔය සේනාවේ ඉන්න කෑගහන චීවර දාරිය දුටුවහමනම් මගේ ආගම බුද්දාගම උනත් මට පේන්නේ හරියට මුසලයෙක් රස්තියාදුකාරයෙක් වගේ විදිහට..උබ ලියල තියෙනවා මරුවටම..

    ReplyDelete
    Replies
    1. රතන හාමුදුරුවන්ව දැක්කම ශාන්ත බවක් පේනවද? මූණ රතු කරගෙන කෑගහනකොට ශාන්තද?

      ඒ වගේම බො.බ.සේනාවේ ඇත්තො ශාන්ත නිවුන ගති ඇත්තො නෙවේ.

      බුද්ධ දේශනාව අහලම නැති අයද බං ඒ ?

      Delete
  3. ඕකට "බොදු බල සෙනාව" වගේ නමක් නැතුව, වෙනත් නමක් දැම්මනම් හොඳයි වගේ.
    "නාලාගිරි බල සේනා"
    "දෙව්දත් පරපුර"
    "අලාවක හමුදාව" වගේ නමක්..

    ReplyDelete
    Replies
    1. ගෝටා මාමාට කිව්වොත් වෙනසක් කරල දෙයි මාතලන් !

      එයා කලබලේට දාපු නමක් මේක.

      Delete
    2. රාජ්‍ය අනුග්‍රහයෙන් බො.බ.සේ. ට පුල් සැප නේද සෑමො,අනේ සාදු

      Delete
  4. / බො.බ. සේනාව පිළිබද සෑමාට ඇත්තේ මැදහත් සිතක්ය//

    සෑමා, දොන් නං දොන් සිමොන් නං සිමොන්. දොන් සිමොන් දෙකක් බෑ

    ReplyDelete
    Replies
    1. බුද්ධ දේශනාව කියන්නේ මැදුම් පිලිවෙතක් ගැන නේ බං.

      පැවිද්දෝ සංවර විය යුතුයි. ජාති, ආගම්, කුල භේද වපුරන පිරිසක් නොවිය යුතුයි.

      Delete
  5. //පිබිදීමක් ඇති වී ඇත්තේය. ඒ පිබිදීමෙන් හෝ සමාජය හොද අතකට හැරෙනවා නම් හොදය. ඇමති මණ්ඩලයට මෙන්ම පාර්ලිමේන්තුවේ සිටින උන්ගේ පතුරු යැව්ව එක නම් මරුය. ඒත් අපි හැමදාම කළෙත් ඒකය. වැඩක් නම් වුණේ නැතිය. බොදු බල සේනාවට හෝ එම වැඩේ සාර්ථකව කරන්නට හැකි වේවා යැයි සෑමාගේ පැතුමය. එසේම බොදු බල සේනාව තවත් එක් හෙළ උරුමයක් නොවේවා යන්න සෑමාගේ පැතුමය.//

    හිනාවෙනව හැර වෙන කියන්න දෙයක් නෑ.

    @මාතලන්
    මම නං දාපු නම තමයි "දේවදත්ත නිකාය"

    ReplyDelete
    Replies
    1. ඡන්දයක් ලං වෙද්දි තවත් පක්ෂයකට කතිරෙ ඉල්ලයි. එතකොට තවත් හෙල උරුමයක් බිහිවෙයි !

      Delete
  6. ආච්චි පව් අප්පා...:D

    ReplyDelete
  7. “අනේ මන්ද.. බණ ඇහුවත් ඔය ටිකම තමා.. “ එකනම් ඇත්ත.

    මටත් තියෙනෙ මැදහත් සිතක් තමා දැන්ම මුකුත් කියන්න කල් වැඩිය..!

    ReplyDelete
    Replies
    1. හැම රැල්ලම ටික කලයි බං !

      Delete
  8. බොදු බල සේනාව නිවැරදි මතවාදයන් වෙනුවෙන් වැරදි ලෙස පෙනි සිටින්නන් යන්න මා මුල සිටම දරනා ස්ථාවරයයි . සමාජ කතිකාවන් සහ අවිහිංසාවාදි සටන් තුලින් විසඳුම් සෙවිය යුතුවූ , ඉස්ලාමීය මූලධර්ම වාදයට එරෙහිව තවත් එවන් මූලධර්ම වාදයක් තුලින් පිලිතුරු සෙවීම මා අනුමත කරන්නේ නැත . බොදු බලසේනාව ගෙනා මතවාදයන් තුල වඩාත් අන්තගාමි ස්වරූපයක් කරා ගිය සිංහල රාවය , රාවණ සේනා වැනි තෛලයිබාන් පන්නයේ සංවිධානාත් ,ඉස්ලාමීය මූලධර්ම වාදයට එරෙහිව "සිංහල-බෞද්ධ+ (නාමික බෞද්ධ ) " අන්තවාදයකට හුරේ දමනා ෆේස් බුක් දේශප්‍රේමිනුත් නිසා , ඉස්ලාමීය අන්තවාදයට එරෙහි මා එකඟ වන මතවාදයක් වෙනුවෙන් හෝ පෙනී සිටීමට හැකියාවක් නොමැත

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මේ පිලිබද යමක් බුකියේ ෂෙයාර් කර, මවාගත් දේශප්‍රේමයෙනි ඇලලී ගිය අයගෙන් කතන්දර අසා ගත්තෙමි...

      Delete
  9. සිවුර ඇන්දත් සරම ඇන්දත් කලිසම ඇන්දත් භේද වපුරන්නෝ වසල සූත්‍රයට අනුව විග්‍රහ කිරීම කලයුතුය..

    ReplyDelete
    Replies
    1. ජාතිය නිසා, ආගම නිසා, ධනය නිසා, ගෝත්‍රය නිසා, අන් අයට නිග්‍රහ කෙරේද, ඔවුන් පරිහානියට පත්වේ..

      මේක පරාභව සූත්‍රෙය තිබ්බ. මට පාලි වාක්‍ය නිවැරදිව මතක නැහැ :(

      Delete
  10. වී අයියා කිව්වා වගේ දැන්ම මුකුත් කියන්න කල් වැඩී වගේ, අපිට ඉතින් අහන්න දකින්න ලැබෙනවත් අඩුයිනේ විස්තර..

    ReplyDelete
  11. මුගේ ගෙදර තට්ටු දෙකක්ලු :P

    ReplyDelete
    Replies
    1. අඩවි රජාගේ ගෙදර තට්ටු 3ක්

      සුභ වේවා ! රාජ සම්පත් ලැබේවා !

      Delete
    2. ගෙයක් වෙන්නෙ කොහොමද මාතලන් ඒක මාළිගාවක්නෙ,තට්ටු තුන මදි මම කියන්නෙ.

      Delete
    3. පුරෝහිත පට්ටමක් ලැබුණම තව උඩට නග්ගනවා :ඩී

      Delete
  12. බහුතරයක් උපාසක උපාසිකාවන් ඔය ආච්චි වගේය.

    ReplyDelete
  13. කරන දේ හොඳයි හැබැයි අවභෝදයෙන් යුතුව කරනවනං වඩාත් හොඳයි

    ReplyDelete
    Replies
    1. අවබෝධය කෝරළේ මහත්තයො.අවශ්‍ය තැන මහප්‍රාණ නොදා අනවශ්‍ය තැන මහප්‍රාණ දැමීමෙන් වචනයක් කැත වෙන ආකාරය පේනව නේද

      Delete
    2. ඔව් ඔව් ඔව් හැලපඅයියේ පොඩි බිස්ටෙක් එකක්. මගේ සිංහල එච්චර හරි නැහැ. තවම මම ඉගනගන්න බුවානේ.....

      Delete
  14. ඕවට යන වැඩි දෙනෙක් ඒ ගැන හරි වැටහීමකින් නොයන බව නම් පේනවා.

    ReplyDelete
  15. ආච්චිට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  16. බො.බ සේනාව මොකක් කරත් හරිද නැත්ද කියන්න නම් මම දන්නෑ,, මොකෝ මම හරි කීවත් වැරදී කිවත් මම කියන එක කවුරුත් අහන්නෙ නෑනේ :D හැබැයි චීවරදාරියෝ විදියට නම් හැසිරෙන විදිය ගැන කණගාටුයි...

    ReplyDelete
    Replies
    1. චීවරධාරීන් කියන්නේ සිවුරු දරන්නා වුනත් එතනින් භික්ෂු සංඝයා අදහස් වෙන්නේ නෑ. භික්ෂු සංඝයා අයිති කෝටියක්‌ සංවර සීලය රකිනා උතුමන් කුලකයට. මේ කරන උන්නාන්සේලා එහෙම නෑ. එයාල චීවර දරනවා විතරයි. ඇවතුම් පවතුමින් ශාන්ත නෑ.

      Delete
    2. :D ඔයා හරි,,, (Y)

      Delete
  17. බොදු බල සේනාවේ සැබෑ අරමුණ කුමක්ද යන්න මට තවම නොතේරේ...
    ආච්චි පිලිබඳව නම් හිතෙන්නේ ඇයද රැල්ලට යන ලාංකිකයන්ගේ කුලකයට අයත් කියාය...

    ReplyDelete
  18. අද කාලේ උද්ඝෝෂණ වල බෝඩ් ලෑලි උස්සන් කෑගහන උදවියගෙනුත් බාගෙට බාගයක් දන්නේ නෑනේ මොකටද උද්ඝෝෂණය කරන්නේ කියලා.. අනිවා ඔය සේනාව දේශපාලන පක්ෂයක් වෙන එකත් වෙනවා. ඒක නම් ෂුවර්

    ReplyDelete
  19. මා දන්නා පරිදි බොදු බල සේනා අළුත්ම ව්‍යාපාරයක් ගම් වලින් ආරම්භ කරන්න සූදානම්. නමුත්, මේ සියල්ලේ මුඛ්‍ය අරමුණ රාජ්‍ය සේවය පිණිසයි.

    ReplyDelete
  20. බො.බ .සේනාව යම් තරමකට හොද වැඩත් කරනවා ..

    ReplyDelete
    Replies
    1. ඒ මොනවද කියල කිව්වොත්

      Delete
    2. දිය යටින් ගින්දර ගෙනයෑම..

      Delete
    3. ඇයි යකෝ ගව ඝාතනයට එරෙහි වීම !

      Delete
  21. බොදු බල සේනාව.. රාවනා බලය.. මොන විහිළුද මේ? ඇති 2500 නැති 2500 ගැන අපේ අත්තම්මලා කියන කතාව ඇත්ත. මේ සිවුරු දාගන කෑගහ ගහ කරන්නේ කෝටියක්‌ සංවර සීලය බිමින් තියල ඩෙගා නටන එක නම් මං ඔය චීවරධාරින්ට හාමුදුරුවෝ කියන්නේ නෑ.

    ReplyDelete
  22. බොබසේ ගැන කතා කරල වැඩක් නෑ බං, ඔය බුවා කිව්ව වගේ එයාල හොඳ වැඩ, කළ යුතු දේවල් කරන්න යන්නෙත් වැරදි විදියට. අනෙක පහුගිය කාලෙ සමහර දේවල්වලින් ඒ ගොල්ලො අපිට නොපෙන්න පෙන්නුව එයාලගෙ පිටිපස්සෙ ඉන්නෙ කවුද කියල. නැත්නම් ඉතිං සිවුර දාගත්ත පලියට එයාලට ලයිෂන් චණ්ඩින්ගෙ භූමිකාව රඟදක්වන්න අමාරුයිනේ.


    ReplyDelete
  23. බොදු බල සේනාව? අනේ මංදා ඔව්වා

    ReplyDelete
  24. ක්‍රමයේ වැරදි ඇති.. එත් නොපෙනෙන දේ ඊට වඩා වැඩියි.. යම් දෙයක් පොරවෙන් කපන්න වන තැනට ඉඩ තැබිය යුතු නැනේ.. ඔලුවෙන් ගහනවා කියන්නේ මේවට තමා.

    ReplyDelete
    Replies
    1. ඔලුවෙන් ගහන්නේ කෑගහගෙන දගලගෙන නෙවේ නලින් අයියා..

      නිහඩව, කල්පනාවෙන් රිටන් එක දීමයි ඔලුවෙන් ගහනවා කියන්නේ !

      Delete
    2. බොට මඤ්ඤංද සෑමො,ඔලුවෙන් ගහන්නෙ රෑටනෙ.නලිය ඔච්චර කියන එක තේරෙන්නෙ නැද්ද

      Delete
    3. ඔබ හරි නලින් පොරොවෙන් කපන්න තියන්න අවශ්ය නෑ.ඕනම මෝඩයකුට තේරෙනවා මෙතන ආණ්ඩුව අපූරුවට පෙනී හිටිනවා කියලා.හලාල් ප්‍රශ්ණෙ පටන් ගත්තාම මං උනත් කැමති වුනා මොකද කවුද මේ මිනිස්සුන්ට ඔය තරම්ම බලයක් දුන්නේ හලාල් සහතික දෙන්න කියලා.ඒත් ටික දවසක් යන කොට තේරුනා මේක හලාල් නෙවෙයි ඊට වඩා භයානක පාරකයි යන්න හදන්නේ කියලා.

      ආණ්ඩුවට තිබුන ලොකුම ප්‍රශ්නේ ජිහාද ස'න්විධානයේ හිස එසවීම ඒක මැඩ පවත්වන්න ආණ්ඩුව හරි අපූරුවට බො.බ.සේ. හරහා මුස්ලිම් සමාජයට අපූරු පාඩමක් කියලා දුන්නා.ඒ වගේම් ඒකෙන් සිංහල පිබිදීමකුත් ඇති වුනා.ඒකට මමත් කැමතියි.මොකද සිංහල මිනිහා වෙනුවෙන් කතා කරන්න වෙන කවුරුවත් නැති නිසා නමුත් ඒක එතනින් නවතින්නේ නෑ.ඔයාලට පේන්නේ නැද්ද මෙකෙන් සිද්ද වෙන්න යන විනාසේ? මිනිස්සු නීතිය තමන්ගේ අතට ගන්නයි හදන්නේ ... ඒක හරිම භයානකයි !

      නලින් ඔලුවෙන් ගහන්නේ බො.බ.සේ. නෙවෙයි ආණ්ඩුවයි.අමතක කරන්න එපා කොමියුනිටීස් එකතු කර පාලනය කරනවට වඩා බෙදා පාලනය කිරීම පහසු බව....

      අනෙක අද ජාතිය කියලා කෑ ගහලා පුංචි කොල්ලො කෙල්ලො එකතු කරන ඉහළ පංතියයි,ඉහල මද්යම පංතියම තමයි එදා 88 /89 කාලේ රජයට විරුද්ධ වුණු සිංහල තරුණ කොල්ලන්වයි කෙල්ලන්වයි අමු අමුවේ මරා දැම්මේ කියලත්.




      Delete
    4. @හැලපයා - නලියගෙ තට්ටෙ නිසා ඔලුවෙන්ම ගහයි :)

      @Shamithru- පැහැදිලිවම මේක පිටිපස්සෙ රජය ඉන්නවා කියල මාත් විස්වාස කරනවා.

      දැවෙන ප්‍රශ්න වහන තවත් ක්‍රමයක් තමා මේ !

      Delete
  25. අනේ මන්ද කියන්න තමා තියෙන්නෙ ඕවට. මේ ලඟදි කුනු බිත්තර ගහපු ෆොටෝ වගේකුත් බුකියෙ ගියේ. මට හිතෙන විදියට තව ටික දවසකින්ම බලෙන් නිවන් දක්කයි වගේ. "අඩෝ... නිවන් දැක්කෙ නැත්තම් බලාගෙනයි" වගේ එකක් :)

    ReplyDelete
    Replies
    1. දන්නවද? ආගම, ජාතිය මාකටින් වලට හොද මාතෘකාවක්. මලින්ද මාමා ඒකෙන් වැඩ ගන්නවා :ඩී

      Delete
  26. බො.බ.සේ. පටන් ගත්ත දවස් වල නම් පැහැදීමක් තිබුනා.
    දැන් නම් කියන්න තියෙන්නේ තූ නෙදකින් කියල තමා.
    අවුලන්න පුළුවන් තරම් ගිනි අවුලලා "අනේ අපි නම් නෑ ඕවට" කියල අත් පිහගන්නවා.
    ඒ අතින් තලේබාන් කාරයෝ හොඳා කරප දෙයක් පිළිගන්න උන් ට කොන්ද තියෙනවා.
    මුන් ට කොන්දත් නෑ අහවල් එකත් නැද්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. බො බ සේ ගැන පළවුණු හොඳම විග්‍රහය.එච්චරයි මටත් ඇහුනෙ ප්‍රමුදි.

      Delete
    2. ආයි කියන්න දෙයක් ඉතුරු කරලම නෑ

      Delete
  27. අපි ඉතින් මොනවයි කියලා කියන්නද ඕවාට

    ReplyDelete
  28. ලිපියයි comments ටිකයි කියෙව්වා. ලිපියයි වැඩි දෙනාගේ comments ටිකකුයි එක ගොඩකට දමන්න පුළුවන් ඒ ගොඩ තමයි ඕල්කට් බුද්ධාගම. ටික දෙනෙකුගේ comments වැටෙන්නේ සිංහල බුධාගමට. මම නම් ඉන්නේ සිංහල බුධාගමේ.(නමට නෙමෙයි,දාන,ශීල,භාවනා,ඔක්කොම පුළුවන් විදිහට කරනවා.ත්‍රිපිටකය කියවනවා.) අනේ මන්ද කවදා මොලේ පැදිලා ඕල්කට් බුධාගමෙන් ඉවත් වේවිද කියල. ඕල්කට් බුධාගමේ අයයි හාමුදුරුවර්න්ට බනින අන්වර් මනතුන්ගයි අතර වෙනසක් නම මම දකින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ ඉපදුණු ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ දර්ශනය වෙනත්ම එකක්ද ? එහෙමත් නැත්නම් බුදු හාමුදුරුවො ලංකාවේ ඉපදුන නිසා ඔරිජිනල් එක සිංහල බුද්ධාගමද ?

      Delete
    2. මිත්‍රයා,
      සිංහල බුද්ධාගම හැදිලා තියෙන්නේ සිංහල + බුධාගම යන්නෙන් කියලයි මට හිතෙන්නේ.(බුදුන් වහන්සේගේ උත්පත්තිය අදාළ නැහැ) ඒක ටිකක් ලොකුවට සාකච්චා කලයුතු මාතෘකාවක්. මම ඒ ගැන ලිපි කිහිපයක් ලිව්වත් ඉතුරු ටික ලියන්න බැරි උනා. ඉක්මනටම ආයෙත් පටන් ගන්න ඕනෑ. ඔබට ඉඩක් තිබේ නම් කියවල අදහස් පල කරන්න. "අන්වර්මනතුංගට පිළිතුරු " web site එකට ගියොත් සිංහල බුධාගම ගැන මගේ මතය දකින්න පුළුවන්.
      සමරසේකර

      Delete
    3. ඒ අදහස් කියෙව්වා ,මගේ අන්වර් මනතුංගට පිලිතුරු බ්ලොග් අඩවිය නම් තාව කාලිකව අක්‍රිය කරල තියෙන්නේ . සිංහල-බෞද්ධ ට්‍රේඩ් මාර්ක් එක ගහගත්ත අයගේ ක්‍රියා කලාපයන් නිසා නිවැරදි මතයකටවත් ඔවුන් එක්ක එක පෙලට සිට ගන්න මම අකමැති නිසා,

      Delete
  29. බො.බ. සේනා එකට බනින්න එක විලාසිතාවක් වගේ. මෙතන කවුරුහරි හොඳ කිවුවොත් කට්ටියම ඇවිල්ල ඒ කමෙන්ට් එක දාපු එකා මරාගෙන කන්න හැඩවී.

    මට හිතෙන්නේ අන්තවාදීන් දිය යටින් ගින්දර ගෙනියද්දි ලංකාව විනාස කරද්දී මේ සේනාව කෙලින් එම දේවල් විවේචනය කිරීම තවත් පිරිසකට පෙන්නේ රිදෙන බවනම් සැබෑ ය. ශාන්තවත් හාමුදුරුවොරු මේ රටේ ඉද්දි අන්තවාදීන් පිනුම් ගහන එක නවත්වන්න බැහැ. මමත් මැදහත් සිතින් මේ හැම දෙයක්ම බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. විලාසිතාවට බනින්න දෙයක් නෑ බන් , බොදු බලසේනාවේ මතය නිවැරදි තැන් තියනවා හැබැයි ඒවා එලියට ගෙන්නේ වැරදියට . උදා - රටේ විවාහ නිති දෙක තුනක් ඕනි නෑ , කරන්න ඕනි එක විවාහ නිතියක් ගෙන්න රජයට බල කරන එක . ඥාණසාර හාමුදුරුවො කිවේ මොකක්ද සිංහලයට ගැනු 5ක් ඕනි කියලා . එක අන්තවාදයක් තවත් අන්තවාදයකින් පරද්දන්න බෑ

      Delete
    2. ඔව් ඒක ඇත්ත විවහා කතා ඒ වගේම අන්තවාදී කතා තවත් කියල තියෙනවා.නමුත් මේ විවේචන රැල්ල නිසා කරන හොඳ එක දෙයක්වත් කියන්න කෙනෙක් කැමති නැහැ.

      Delete
    3. කරලා තියන හොද දේවල් ටිකක් කියන්නකො බලන්න

      Delete
    4. යාළුවා,
      එක හොඳ දෙයක් කියන්නම්. ඒක වැරදිද කියල කියන්න. ඒ තමයි භික්ෂුන් ලෙස පෙනී සිටි හොර ගණයන් ගැන හෙළිදරව් කිරීම. මේ ළඟදිත් මාලිගාවත්තේ හිටපු එකෙක් අල්ල ගත්ත. බෞධයන් අන්යාගමිකයන් කිරීමට අමතරව නරක බෞද්ධයන් බිහිවීමට එක හේතුවක් තමයි භික්ෂුන් වහන්සේලා ලෙස හොරුන් පෙනී සිටීම. මම මේ කියන්නේ දුසිල්වත් භික්ෂුන් වහන්සේලා ගැන නෙමෙයි. ඒක වෙනම කතාවක් ඒකට පිළියම් සංඝ කතිකාවතක් තුලින් සිදුවිය යුත්තක් .

      Delete
  30. මටනම් බොදු බල සේනාවයි, බදුන්ගේ සමයේ හිටිය මාර සේනාවයි අතර වෙනසක් පේන්නේ නෑ

    ReplyDelete
  31. එක් ආගමික අන්තවාදයකට එරෙහිව තවත් ආගමික අන්තවාදයක්; ප්‍රතිඵලය එකමයි.

    මේ ප්‍රශ්න නීති මගින් පහසුවෙන් විසදන්න පුළුවන්...(සියළුම පුරවැසියන්ට බලපැවැත්වෙන එකම නීතියක්) ඇයි සේනාව ඒ වෙනුවෙන් මොකුත් නොකියන්නෙ...?සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ට එරෙහිව අරක මේක කරලා ප්‍රශ්න විසදන්න පුළුවන් ද..?
    අනිත් එක ආණ්ඩුවේ පතුරු ඇරියයි කිව්වට සේනාව ඇත්තටම කරන්නෙ යුද්ධය දිනලා රැස්කරගත්ත ආණ්ඩුවේ කීර්තිය නැත්තටම නැති වෙන්න කලින් බැකප් කරගැනීම මිසක් වෙන දෙයක් නෙවෙයි.
    ඒ බැකප් එක මදියි වගේනම්....කපිල වස්තු මෙව්ව එක ගෙනත් රට වටේ රවුමක් කරකවපු ගමන්... ඊ ළග ඡන්දෙත් ගොඩ.

    ReplyDelete
  32. hari de hari welawata karanna one.mona de karath budda darshanaya mathaka thaba gatha uthui..

    ReplyDelete
  33. hari de hari welawata karanna one.mona de karath budda darshanaya mathaka thaba gatha uthui..

    ReplyDelete
  34. ආච්චිට හොදටම තේරිලා සේනාවේ අගය..

    ReplyDelete
  35. මම o /l කරන කාලේ අපි ගියා ට්‍රිප් එකක් සීගිරිය බලන්න. ඔන්න ඉතින් සීගිරිය නැගලා පහලට බහිනවා කට්ටියම කොල්ලෝ කෙල්ලෝ. හැබැයි නගින කොට එකට උඩට ගිය කට්ටිය බහින කොට පොඩි පොඩි කණ්ඩායම් වලට කැඩිලා තමයි බැස්සේ. මට ඒ දවස් වල ඔය love මාන්දම හැදිලා නොතිබුන නිසා පිස්සු කෙලින්නම් සෙට් වෙච්චි අපේ කොල්ලෝ සෙට් එකත් එක්ක අපි අන්තිමේට තමයි පහලට බහින්න ගත්තේ. අපිටත් පොඩ්ඩක් පස්සෙන් අපේ ගණිත සර් එනවා. අපි ඉතින් මග දිගට පිස්සු කෙල කෙල ඇවිත් පහල තියන පොකුණු ලඟට එනකොට මෙන්න බොලේ අපේ සෙට් එකේ group එකකට පොඩි කොක්කක් ඔය දවස් වල ඉතින් වලි කීවොත් දෙයක් නැනේ අපිත් පට් ගාලා ඔන්න එතනට යනකොට මට පේනවා අපේ සර් දුවගෙන දුවගෙන කලබලෙන් එනවා. මම හිතුවා මොන වලිද දැන් ඉතින් මෙතනට ඇවිත් අර්ථයෙන් දර්මයෙන් දෙසයි කියලා ගහ මරා ගැනීමේ විපාක ගැන. අනේ එහෙම හිතුවට මෙන්න බොලේ මේ පොර ලඟට ඇවිත් දුන්නේ නැද්ද අර වලියට ඇවිත් හිටපු අනිත් group එකේ සර් වගේ දෙකක් විතර හිටපු තඩි පොරකට මට ඉතින් ඔය මදිද දුන්නා අපි සෙට් එකම අපු එවුන් කොහෙද කියලා හොයන්න නැති වෙන්න. වලිය ඉවරයි කොක්කට අපු එවුන් ගුටි කාල ආගිය අතක් නැ. මම ඉතින් දුවපු එවුන්ටත් ගහන්න පන්නලා අල්ලා ගන්න බැරිව ආපහු ආව කට්ටිය ඉන්න තැනට. ඇවිත් කොක්කට මුල් වෙච්චි එකාගෙන් ඇහුවා මොකද බන් උනේ කියලා. එතකොටම චටාස් ගාල සද්දයක් ආව අයෙත් චටාස් ගාල සද්දයක් ආව මගේ කම්මුලට නිකන් අයිස් කැටයක් තිබ්බ වගේ දැනුනා. මෙන්න බොලේ දැන් අපේ එවුන් දුවනවා හෝ ගාල තනියම පොරක් පන්න පන්න දෙනවා අපේ එවුන්ට කවුරු කියලද හිතේ. "වෙන කවුද ඒ අපේ සර්", ඔවු ඔවු අරුන්ට ගහන්න පටන් ගත්ත කෙනා තමයි. මාගේ කතාව අවසානයි ඔබ සැමට ස්තුතියි.

    ReplyDelete
  36. //බලා සිටි අපිට පිස්සු වගේය// අනිවා ඊයේ දාපු හන්දා මම හිතුවේ පලවෙනිදා කතාවක් කියලා ඒකයි අද ආවේ

    ReplyDelete
  37. සාධූ සාධූ සාධූ!!!!! තවම මැරුවේ නැද්ද එකෙක්ව වත්?

    ReplyDelete
  38. දැන්නම් ඔය සේනාව ගැන මගේ කිසිම පැහැදීමක් නැත :/

    ReplyDelete
  39. බොදු බල සේනාවේ යම් යම් ක්‍රියා සම්බන්දයෙන් පැහැදීමක් නැතත් පොදුවේ බොදු බල සේනාවේ කටයුතු අගය කරනවා . එක්කෝ ඔය බොදු බල සේනාවට බනින අය නිවැරදි විදිහේ සංවිදානයක් හදන්න ඕනේ .එත් එහෙම කරන්නෙත් නෑ .ඒකටම බැන බැන ඉන්නවා . අනික තමා පැහැදිලිවම මේ රටේ මුස්ලිම් අන්තවාදයක් තියෙනවා .අන්තවාදයට පිළිතුර තවත් අන්තවාදයක් නොවුනත් නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොද නෑ .ඒ නිසා මේ වෙලාවේ මම ඉන්නේ බොදු බල සේනාව නිවැරදි කියන මතයේ .මගේ ජාතිය සිංහල . මම කතාකරන්නේ මගේ ජාතිය වෙනුවෙන් . ඒ නිසා ජාතිවාදියා කියල කවුරුහරි මට කිවොත් මම එක සතුටින් බාරගන්නවා .මොකද ජාතියක් නැති අය කවදාවත් ජාතිවාදියෝ වෙන්නේ නෑ .

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය කියන්නෙ තමන්ගෙ ජාතියට අනිත් ජාතීන්ට වැඩිය යම් අයිතිවාසිකමක් තිබිය යුතුයි කීම. තමන්ගෙ ජාතිය අනිත් ජාතීනට වඩා උසස් යැයි සිතීම.

      ව්‍යාපාර කිරිමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීමේදී ජාතිවාදය යොදාගැනෙන්නේ ආයුධයක් හැටියට පමණයි.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...