Monday, March 25, 2013

කබ්බන්ගේ ගීතය එළියට.. Official Kabu Song :)


කොනක ඉදන් එක හුස්මට...

පළමුවන කොටස... දෙවන කොටස.. තෙවන කොටස... හතරවන කොටස... පස්වන කොටස... සයවන කොටස... හත්වන කොටස.. අටවන කොටස... නමවන කොටස...

හැම මාධ්‍යකම වගේ මගේ නම කියවෙද්දි, මම හිටියෙ ඉස්පිරිතාලෙ ඇදක් උඩ. ස්වීමින් පූල් එකක නාන්න ගිය කොල්ලෙක් දියේ ගිලිල මැරුණම ඒ පවුලෙ අයට කොච්චර නම් අවනම්බුවක්ද? ඒවගේ අද මම තරගයක් දිනලා, සිහිය නැති වෙලා ඇදගෙන වැටිල ඇදක් උඩ ඉන්න එක අපේ ගෙදර මිනිස්සු කොච්චර නම් අමාරුවෙන් ඉවසනව ඇතිද කියල මට දහස් වර හිතුන. එච්චර හයිය හිතක් නැති එකෙක් තරගයකින් දින්නම කොච්චර නම් ලැජ්ජාවක්ද? මම මගෙ ඇදට උඩින් ආතක් පාතක් නැතිව හෙල්ලි හෙල්ලි කැරකෙන ෆෑන් එක් දිහා බලාගෙන කල්පනා කළා. මට ලැබුනු මුදල් තෑගි ඔක්කොම එක්ක අමතක වෙලා මගෙ හිතට එඹිකම් කලේ කාව්‍යා....

එදා රෑ එයා ටීවි එකෙන් හරි ලයිව් ප්‍රෝග්‍රෑම් එක බැලුව නම් අද එයා මෙතැන ඉදගෙන ඉන්න ඕන නේද? එයා මට නැතුව අසේලයට හරි ආදරේ කළා නම් අනිවාර්යෙන් ෆයිනල් එක බලන්න ඇති. එහෙම බලලත් ඇයි හත් දෙයියනේ මේකි මාව බලන්න අද මෙතැනට ආවෙ නැත්තෙ කියල මගෙ හිත කෑ ගහලා අඩන්න ගත්තා. මට ගහල තිබ්බ සේලයින් බෝතලෙන් වත් එච්චර වේගෙන් සේලයින් ගලන්න නැතුව ඇති. ඊටත් වඩා වේගෙන් මගෙ ඇහෙන් කදුළු පැන්න. හිත් පිත් නැති කෙල්ලකට මම මෙච්චර ආදරේ කළාද? එකම ප්‍රශ්නයක් මගෙ ඇද වටේ කැරකුණා.

මම හිටපු වෝඩ් එකේ කෙටි සිමෙන්ති බැම්ම උඩින් එයාගෙ ඔළුවෙ ගහල තිබ්බ කොණ්ඩ කට්ට මට පේන්න ගත්ත. ඇත්තමයි. ඒ කාව්‍යා. එයාට මාව අමතක වෙලා නැහැ. ඒ එයා කියල විශ්වාසෙන්ම දැනගන්නත් කලින් මම ඇස් දෙක පියා ගත්ත. මෙච්ච පරක්කු වෙලා ආපු කෙල්ලට මම පාඩමක් උගන්නන්නෝනි කියල මම මගෙ අසනීපෙ බරපතල් කම පෙන්නන්න ඇස් පියා ගත්ත. තද කරල...

වලස්සු දෙන්න ආපු වෙලේ එකෙක් ගහකට නගිද්දි, බිම නිදාගෙන හිටපු යාළුව වගේ හිටපු මගෙ අත් දෙක තද කරල එයා අල්ල ගත්ත. සේලයින් බටේ තද වුණ නිසා රිදුනත් මම ඇස් ඇරියෙ නැහැ. එයා මගෙ මූණ ඉඹලා මගෙ දකුණ කනට එයාගෙ තොල් දෙක ලං කළා. ඇත්තටම එදා වලහ බිම දිගාවෙලා හිටපු මිතුරට මොකක්ද කියන්න හැදුව වගේ. මම සිහිය නැතුව වගේ කන් දෙක හොදටම දිග ඇරලා අහගෙන හිටියා. කාව්‍යා මොනවද මට කියන්න හදන්නෙ කියලා.

කීකෝ...කීකෝං...කීකෝ...කීකෝං...කීකෝ...කීකෝං...කීකෝ...කීකෝං...

එයා තොල් උල් කරගෙන මගෙ කලාදුරු පිරුණු කනට ලංවෙද්දිම කොහෙන්දෝ ඉදන් හොස්පිට්ල් එකට ඇදගෙන ආපු හදිස්සි ලෙඩෙක් නිසා ඇම්බියුලන්ස් එකක සද්දෙ ආව.

“එහෙනම් මම යනවා විහග...“

කියන ටික යන්තමට ඇහෙද්දි, මට ඇස් ඇරල..

“කාව්‍යා ඔයා කලින් කියපු දේවල් මට ඇහුණෙ නැහැ“ කියල කියන්න හිතුනට මට බැහැ ආයෙ චාටර් වෙන්න. ඒ නිසා මම එහෙම්මම හිටියා. එයා යන්න ගියා. එයාට යන්න ටිකක් වෙලාව දීල මම ඇස් ඇරල දුක් වින්ද මම කරපු බූරු වැඩේට. එයා හැබැයි මට මල් පොකුරක් තියල ගිහින් තිබ්බා. මගෙ කුසලානෙ ලගින්ම. මම අත දික් කරල ඒ මල් පොකුර අතගාද්දි ඒක අස්සෙ තිබුණු හතරැස් කෙළ කෑල්ලක් බිමට වැටුන. මම ඒ එක්කම බිමට පැනල කොලේ ගත්තෙ එයා මට කියන්න හදලා, මට නෑහුනු දේවල් ගැන කිසිම හෝඩුවාවක් තියෙයිද කියල බලන්න. ඒක ලියුමක්. දිග ලියුමක්. මම කෙටියෙන් මෙතන කොටල දාන්නම්. ඔයාලට පේන්න.

විහග,

මම මෙච්චර කල් ඔයාට හංගපු දේවල් කියන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා. මට බැහැ තවත් ඔයාව රවට්ටන්න. ඔයාට ක්ලාස් යන්න නොදි මම ඔයත් එක්ක නටන්න ආවෙ ඔයාට තියෙන ආදරේට නෙවේ. ඒ අසේලට තියෙන ආදරේට. මට ඕන කළේ ඔයාට ලැබුණ මේ කුසලානෙ අසේලට ලැබෙනව දකින්න. අනික අසේල කලින්ම කිව්වා එයාට කවද හරි තරගය දිනන්න බැරි හැකියාවක් තියෙන දක්ෂයෙකුට ඉන්නෙ ඔයා විතරයි කියල. ඒ නිසා එයා මාව ඔයාව පරාද කරවන්න එව්වා. මම හැමදාම ක්ලාස් එක ලග රැකල ඉදල ඔයාව එහෙ මෙහෙ එක්ක ගියා. ඒත් මැඩම් මම කරපු හැම දේම දැනගෙන හිටිය. මොකද මැඩම් මගෙ අම්මගෙ නංගි. ඒ කියන්නෙ පුංචි. එයා මේ සිද්ධිය දැනගත්ත පහු වෙනිදාම ඔයාට උදව් කරන්න ඔයාගෙ පැත්තට හැරුණ. අනික මැඩම් එක්ක මම තරහින් හිටියෙ, ඔයාව එදා රෑ තියාගත්ත වගේම මගෙ අසේලවත් ඒ ගෑණි තියා ගත්ත. ඒකට වෙච්ච රණ්ඩුවක් නිසාම තමා අසේල ඊයෙ රෑ තරගෙන් පරාද වුණේ.

අසේල මට ඊයෙ හවස ඉදල, හොදටම බනින්න ගත්ත. මම මැද්ද පැනල මැඩම්ට බැන්න නිසාලු එයා පරාද වුණේ. එයා මට ගැහුවා. ඔයාට කරපු වරදට මම දඩුවම් වින්ද විහග, අන්තිමට මට අසේලත් නැහැ. ඔයත් නැහැ.

මම අද යනවා. කාටත් නොපෙනෙන දුරකට. ඔයාට මාව පේන එකක් නැහැ. ඒත් මතක තියා ගන්න ඔයාට මාව ඕන කියල හිතුන දවසට මම ඔයා ලග ඉන්නවා. ඔයා කතා කරනකල් මම බලන් ඉන්නවා.

ඒ හැමදේම ලියල එයා යන්න ගිහින් නොපෙනෙන දුරකට... මම දිග හුස්මක් පිට කරල ඉක්මනට ෆෝන් එක අරන් කාව්‍යාට කෝල් කළා. එයා යන්න කලින් නවත්ත ගන්න ඕන නිසා..

“හෙලෝ..“

“ඔව් විහග කියන්න...“

“අසේල උඹ..“

“ඔව් විහග.. ඇයි උඹ බය වුණාද මම කාව්‍යාගෙ ෆෝන් එක ආන්සර් කරද්දි???“

“කෝ දැන් කාව්‍යා..“

“එයා මාත් එක්ක.. අපි අද රෑට රට යනවා, උඹට ආයෙ කවදාවත් එයාව දකින්න ලැබෙන එකක් නැහැ..“

“ඔව් මචං ඇත්ත.. එයා මට ලියුමක් තියල ගියා.. එයා නොපෙනෙන දුරක යනව කියල..“

කාව්‍යා කියපු අන්තිම බොරුවත් මම සතුටු සිතින් පිළිඅරගෙන ඇස් දෙක පියාගෙන මාව තරුවක් කරපු, මාව දිනවපු ගීතය හෙමින් මුමුණන්න ගත්ත.

කබ්බන්ගෙ සම්පූර්ණ සිංදුව මෙතැනින්..

නිමි !

sAm ශ්‍රී Perera_12:12am_25/03/2013

58 comments:

  1. දැන් එහෙනං සින්දුවකුත් තියනවා ඇ.කබ්බෙක් හින්දද එච්චර කැතට කියන්නේ

    ReplyDelete
    Replies
    1. මම හිතලමයි බං කැතට කිව්වෙ. කබ්බන්ට ඔබින විදිහට !

      Delete
    2. එහෙමවත් කියමු නේද සෑමෝ..??
      මොනා වුනත් කබ්බියක් වීම ගැන ආඩම්බරයි :D

      Delete
    3. ඊලග දවසෙ කබු ඩුවට් එකක් කරමු :පී

      Delete
    4. මම එන්නම් ෆීමෙල් වොයිස් එකට :D

      Delete
  2. සිංදුව ලීව එක්කෙනාට තෑග්ගක් දෙන්ට වටිනවා.:)

    පසුබිම් සේයා රූ, සංගීතය ඔක්කොම හරිම ලස්සනයි. ඒත්....හී හී ඔය ගීය ගායනා කල ගායකයා කවුද?

    ReplyDelete
    Replies
    1. ඒක දැන ගන්න තිබුණා ගම්පහ ගෙට් එකට ආවනම්. මට නම් තාමත් හිනා.

      Delete
    2. ගායකයා ඇරෙන්න සෑම දේම සිදුවුනේ සෑමාගේ අතින්..
      (ආයෙත් කියන්නේ ගීතය ගායනා කලේ සෑමා නම් නොවේ....)

      @සුදීක - සුදීක අයියා උඹ තමා එදා මට සිංදු කියන්න නොදි මැද්දට පැනපු අසික්කිත විනිශ්චකාරයා..

      Delete
    3. අනේ පල යන්න... මේ උඹේ කටහඩම තමයි. මේක කියද්දිත් ගහලද කොහෙද ^_^

      Delete
    4. දහසක් ප්‍රෙක්ෂකයො මැද කියද්දි අවුල් යනව තමා බං ;)

      හැබැයි බීල නෙවේ හරිය ?

      Delete
  3. හැක්, රට යනව කිව්වෙත් උඩ රට හරි, රජ රට හරිද දන්නෑ.

    සැමා කතව පස්ට ඇ.
    කෙල්ලො නම් අරෙහෙම තමයි බං

    ReplyDelete
    Replies
    1. කොයි රටද මන්දන බං. බලපං කෙල්ලෙක් අර කොල්ලව විනාශකරන්න ප්ලෑන් කරපු කැත !!!

      ජය !

      Delete
  4. වෙන මොන රස්සාවක් කලත් කමක් නෑ ඔය සින්දුව කීව කෙනා සින්දු නොකීවොත් ඒ ඇති.. අපෙ රටෙ උන් කන පරිප්පු මදිද ?

    ReplyDelete
    Replies
    1. මගෙ ජීවිතේට මම දැක්ක දුක හිතෙන කමෙන්ට් එක :)))

      Delete
  5. ඉතිං ලියුම කියෙවුවට පස්සෙ උඹේ ලෙඩ ටික ඔක්කොම සනීප උනැයි.

    සිංදුව ලස්සනයි මොකා කිවුවත්.

    ReplyDelete
    Replies
    1. ලෙඩ වැඩි වෙන වැඩ නේ !

      Delete
  6. සින්දුව ෂෙයා කරන්න ඕනේ බං.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එලස් ! අපෙ කොල්ලට පබිලිසිටියක් දියන් !

      Delete
    2. සැමෝ

      අපි මේක රීමේක් කරලම ෂෙයා කරමුද ?????????????
      මෙතනින් MIDI file එක බාගන්න ............
      ජය !!!!!!!!!!!!!!!

      http://sinhalamidimusic.blogspot.com/2009/06/dayarathna-ranathunga.html

      Delete
  7. ඇඬෙනවා තනි ඇහැට......

    ReplyDelete
    Replies
    1. මේ ඒ සිංදුව නෙවේ නේ !

      Delete
  8. මම කිව්ව නේද දිනන්නේ කෙල්ල කියලා? හරිනෙ? දැන් දීපන් තෑගි..

    ReplyDelete
    Replies
    1. ෆල යන්න. කෙල්ල පරාදයි. දිනපු කොල්ල එක්ක හිටිය නම් කෙල්ලට සැප කනේ !

      Delete
  9. කොහොමද බන්, ඔහොම සින්දු කන්නේ?

    ReplyDelete
  10. එතකොට අසේලයා කෙල්ලව ගත්තා.... විහඟ මැඩම්ව ගන්නේ නැද්ද? මාර සිද්ධිය... එහෙමත් නැතිනම් ඒක ප.ලි කෑල්ලක්ද?

    ReplyDelete
    Replies
    1. විහග මැඩම්ව ගත්තෙ කලින් දවසෙ නොවැ. ඒ ඇති බං. ආයෙ එපා නේ ?

      Delete
  11. මොනා වුනත් විහඟයා පව් අප්පා..

    ReplyDelete
    Replies
    1. අහිංසකයා. දින්න එකම මදෑ !

      Delete
  12. කබ්බ වොයිස් එකනම් 100%.කබ්බන්ට ම ගැලපෙන ගීතය.මැඩම් ගැන කියද්දී නම් මතකයට එන්නෙම නි.. ....එක්කො ඕනෙ නැහැ.සැප සමග දිනුම කීයෙන් කී දෙනාටද ලැබෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නි.. නෙවේ මට මතක් වෙන්නෙ.. සදපානක් සේ ඇවිදින් !

      ඒ අතින් අපේ විහගයා වාසනාවන්තයි නේ බං ?

      Delete
  13. අප්පටසිලි කබු සෝන්ග්...මරු ඈ..

    ReplyDelete
  14. සින්දුව ෂෝක් :D ඒ උනාට පියවි සිහියෙන් වෙන්න ඕනෙ ඒක කියලා තියෙන්නෙ.. :P :D

    ReplyDelete
  15. මරු සින්දුව බං.... :)

    ReplyDelete
  16. සේහ්. පට්ට සෝන්ග් එක ඈ... වොයිස් එකනම් මල් හතයි! ජයේවා!

    ReplyDelete
    Replies
    1. උබ විතරද මන්ද වොයිස් හොදා කිව්වේ :ඩී

      Delete
  17. ඕං ඔහොම්‍ළු එහෙනම් සෑම් අයියට උනේ නේද..?
    පව් අප්පා...තනි ඇහැට ඇඬෙනවා..........

    නිදහස් වෙලාවකදී මේ පැත්තෙත් ඇවිත් යන්න...
    http://amila-psx.blogspot.com

    ReplyDelete
    Replies
    1. යකෝ විහගයට වූන දෙයක් !

      Delete
  18. Amme Eka wela mechchra lassanata kiyanawanam deweniya gana hita ganna puluuwan..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ දෙවෙනියා පරාද වුනේ :)

      Delete
  19. සින්දුවේ ලස්සන....අපේ පුසා බත් කන එකත් නැවැත්තුවා සින්දුව අහලා! :D

    ReplyDelete
    Replies
    1. යකෝ සත්තුන්ට අහන්න දෙනවද සිංදු. අනික ඌට මාල කන්න දියන්. බත්ම කවන්නෙ නැතුව.

      Delete
  20. එහෙනං නිමි ඈ..!!!

    සිංදු අහන්නත් එපා කලා..!:)))

    ReplyDelete
    Replies
    1. අඩේ ඒක මරුනේ. ඇයි එපා වෙන්නෙ ?

      Delete
  21. හික්.... ඒ සිංදුව නම් කබ්බන්ටම තමා ගැලපෙන්නේ..... නියම කබ්බ වොයිස් එක ඈ.... ආයෙත් කියන්න වචන නෑ..... මාර දිගු ගමනක් පේනවා..... :D

    ReplyDelete
  22. පෝස්ට් එක කියවලා ඇඩුනා :'(

    ඒත් සින්දුව බලලා හිනා ගියා.කව්ද ඒ ගායකයා? යටින් ඔරිජිනල් එක ලාවට ඇහෙන එක තම පොඩ්ඩක් අවුල්.

    ReplyDelete
    Replies
    1. //යටින් ඔරිජිනල් එක ලාවට ඇහෙන එක තම පොඩ්ඩක් අවුල්.//

      මෙන්න ඇත්ත. යටින් ඇහෙන වොයිස් එක අවුල් කියල නේ කිව්වේ ?
      ඒ කියන්නෙ මගෙ එක හොදා :))

      Delete
  23. කැත නැතුව බස් අජිත්ට චැලේන්ජ් එකක් දෙන්න පුලුවන්.

    බස් අජිත් ගේ ඒවා අහද්දී රුපියල් පනහක දුරට ටිකට් ගත්තත් දහයේ දුරින් බහිනවා.

    මේ ගායකයගේ සින්දු දැම්මොත් ඒ තරම් දුර යන්නේ නෑ යන බස් එකෙන් පැනලා මැරෙනවා . .හික්ස්

    ReplyDelete
    Replies
    1. අඩෝව් දුකා... @#%#%&$%^$&*()\

      හරිද ?

      Delete
  24. සුපිරියි සැමා...උමාවත් අල්ලං ඩුවට් එකක්ම කළානං මරුම තමා.

    ReplyDelete
  25. මාර සිංදුවක්නේ තොරගෙන තියෙන්නේ.. කබ්බන්ට මෙච්චර හොඳට කියන්න හැකි නම් තරගය ගැන මොන කතාද "මල්පිපිලා ජීවිත උයනේ මල් පිපිලා" නියම වැඩකාරයෝ ටිකක්.

    ReplyDelete
  26. අතක් පයක් නොකැඩි බේරුනා ඒ ති බං. කුමන්ත්‍රණ කාරයෝ හොයාගන්න ලේසියෙන් බැහැ. පරිස්සමින්.

    මේ සිංදුව අහල නැවුම් බලාපොරොත්තු ඇති වුනා බං.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...