Wednesday, October 17, 2012

අහිංසක ආදරය අයිස් ක්‍රීමක්ව අසරණව දියව යයි...



එදා සිකුරාදා. මුළු සතිය තිස්සෙම මම බලන් හිටියේ  මං මේ දවස එනකල්. ඉස්කෝලෙ ඇරෙන බෙල් එක වැදුන ගමන් හොස්ටල් එකට දුව....ගෙන ගිය මං මගෙ සූට් කේස් එකත් අරන් එක පිම්මේ ස්ටේෂන් එකටත් දුව...ගෙන ගියා. හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..

ස්ටේෂන් එකෙන් කෝච්චියට නැගල ගෙදර යද්දි කෝච්චි පෙට්ටියෙදියි පාරෙදියි ඇස් දාස් ගණනක් මට හම්බුනත් මං හෙව්වෙ එකම එක ඇස් දෙකක් විතරයි. ගෙදර ගිය ගමන්ම මූන හෝදගන්නෙ වත් නැතුව ඇදන් ආපු ඇදුම් පිටින්ම මම ටක් ගාලා බත් පිගන් තුන හතරක් කාල දැම්මේ ඒ මූන බලාගන්න කල්  ඉවසීමක් නැති වුන හින්දා. අන්තිම බත් කටත් කාලා, අම්ම දීපු මීකිරි හටිට්යත් උඩින් පල්ලෙන් ඉවර වෙනකල් කාලා දාපු මම, ගේ පිටිපස්සෙ කුරුදු ලන්දෙන් පාරට වැටුනෙ ඒ ඇස් දෙක මම එනකල් පෙරුම් පුරාගෙන මග බලාගෙන ඉන්න බව මං දන්න හින්දා.

කූචු..බීචි..කූචු..බීචි..කූචු..බීචි..

මග දිගට ලන්දෙ හිටුප කුරුලු රංචු කිචි බිචි ගෑවෙත් මගෙ හැගීම් තේරුම් අරන් කියලයි මට හිතුනෙ. ඒත් බලනකොට ගැරඩියෙක් කජු ගහක බෙනේකට රිංගලා ඒකෙ හිටපු මයින පැටව් කනවා. ගැරඩියට බය වෙච්ච පාර තමයි මේ කුරුලු පැටව් කච කච ගාන්නේ. 

කුරුන්දෙ මල් කොමු මැදින් මම පාරට අඩිය තිබ්බා. එතකොටම කොයින්දෝ ඉදල අයිස් ක්‍රීම් කාරයෙක් මං ලගට ආවා. මට ඒ අයිස් ක්‍රීම්කාරයාව පෙනුනෙ හරියට සුර දූතයෙක් වගේ. රුපියල් 60ක්ම දීල ඌ ලග තිබ්බ අයිස් කෝන් දෙකක්ම අරගත්ත මං දුවලා ගියා..

හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හාහාහා...

ඒ යන ගමන් මගෙ අයිස් ක්‍රීම් එක මම මගදිම බස්සල ඇරියා. ඒත් අනිත් අයිස්ක්‍රීම් එක මගෙ අතින්ම පූජට කවලා, කට වටේම අයිස්ක්‍රීම් ගාගෙන පූජ හිනාවෙන හැටි බලන්න තව දෙවැටවල් දෙකයි. 

හික්..හික්..හිකිහිකි...හික්..

පූජගෙ හිනා හඩ දැන් මට නම් ඇහෙනව ඇහෙනව වගේ..
දෙපැත්තෙ ඉදගෙන එක අයිස් පලමක් උලා කනවා.

දැන් මං පූජලගෙ කඩුල්ල ලග. කඩුල්ලෙ උණ බට දෙක අතරින් මම පූජලගෙ මිදුල දිහා බැලුවා. දැන් ඔහෙල හිතයි මම හෙන කොටයි. මම කඩුල්ලටත් වඩා මිටියි කියලා. පිස්සු.... ඒගොල්ලන්ගෙ කඩුල්ල හෙන උසයි.

පූජලගෙ බිත්තියො වැදුන මගෙ ඇස්දෙක බම්පර් වෙලා ගිහින් නැවතුනේ අපි දෙන්න ගිය සතියෙ හදපු පුංචි සෙල්ලම් ගේ ලග. ඒ පුංචි සෙල්ලම් ගෙදර ලග මගුල් පෝරුවෙ මම මනමාලයා. එයා මනමාලි. (දැන් ඔයල අහයි අෂඨක කියන්න ආවෙ එයාගෙ තාත්තද කියලා.)

ඒත් එක පාරටම දැක්ක දෙයින් මගෙ හදවත භූමිතෙල් ඉවර වෙච්ච පැට්ටල් මැක්ස් එකක මැන්ටල් එක වගේ කඩාගෙන වැටුනා. මගෙ සිහින කුමාරි, මගෙ පුංචි සුරංගනාවි, මගෙ පුංචි සමනලී පූජා.. එහා ගෙදර මාටියාගෙ පුතා ‘කරන්‘ට ලංවෙලා දෙපැත්තෙ ඉදගෙන එක අයිස් පලමක් උලා කනවා.

එයාට ගෙනාපු අයිස් ක්‍රීම් එක මගෙ අතේම දිය වෙලා බිම වැටුනා. මම මීහරකෙක් වගේ දුවගෙන ගිහින්....

හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හාහාහා...

අපේ තාත්තට කිව්වා, මම අයිස් ක්‍රීම් අරගෙන යනකොට පූජා කරනයා එක්ක අයිස් ක්‍රීම් කනව දැක්ක කියල. අපේ තාත්ත තමා අපේ එස්ටේට් එකේ ඨාකූර්. මාටියා අපේ වත්තෙ මුරකාරයා. ඒක කියද්දිත් තාත්ත කරනයත් එක්ක මාටියගෙ මුළු පවුලම ගමෙන් එලවල දාලා පූජාව මට අයිති වෙන හැටි මට මැවිල පෙනුනා.

“ආහ්.. උඹ අයිස් ක්‍රීම් දෙකක් අරගෙන යනකොට පූජ කරනයත් එක්ක අයිස් ක්‍රීම් කනවා?? “

“හාහ්.. තාත්තේ.. “ මමත් බොරුවට ඇඩිලා වගේ කිව්වා.

“ඈහ්.. උබට කොහෙන්ද පවන් අයිස් ක්‍රීම් කන්න සල්ලි??? මගෙ කොට්ටෙ යට තිබ්බ රුපියල් සීය නැතිවුනේ කොහොමද කියල මම හොයාගත්ත. මෙහාට වරෙන්..“ තාත්ත මාව ඇදගෙන ගිහින් වත්ත කෙලවරේ බිලිං ගහේ බැදලා, ඇගට දිමි ගොටු දාලා මාව කෝටු මස් කළා..

Written 6:46pm_17/10/12

74 comments:

  1. ඔන්න ළමයි පෙරේතකමේ ආදීනව අද අපේ සෑමා කියා දීලා තියෙනවා... බත් පිගන් තුන හතරක් කාලා, මී කිරි හට්ටියකටත් වග කිව්ව එකා.. මොන මගුලකටද අයිස් ක්‍රීම් කන්න ගියේ... එකක් නම් කමක් නෑ ඒකත් දෙකක්...

    ගත හැකි ආදර්ශය....

    තාම බහ නොදුන් කෙල්ලෙක්ට අයිස් ක්‍රීම් කැවීමට සිතීම නොසිතූ කරදර ලගා කරයි

    ජය !

    ReplyDelete
    Replies
    1. වෙනදට එයා මම එනකල් බලං ඉන්නවා බං...

      :-(

      Delete
  2. මොකද බං මේ තැන් තැන් වල හරකා තප්පුලනවා වගේ,

    හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ් ගාන්නේ???

    එතකොට පවන් කියන්නේ සැමාද?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. මරු මරු අහලා තියෙන කතා දෙක තුනක්ම සෑමා එකට එකතු කරලා මෙගා එකක් නෙමෙ ඒත් පුංචි බඩී එකක් හදලා....

    ReplyDelete
    Replies
    1. බඩී ඒවා හොදයි බං මටත් ලේසී !

      Delete
  4. මූට මොකෝ මේ වෙලා තියෙන්නේ ... පෙහෙලා නෂා පෙහෙලා හුවා ද කොහෙද ...:D

    ReplyDelete
    Replies
    1. හින්ඩි එකක් නේද බං ඒ? ඒක මෙතනට ආවෙ කෝමද?

      Delete
  5. හින්දි ෂෝට් ෆිල්ම් එකක් වගේ... හි හි...
    හැබැයි කොල්ලට තාත්ත දුන්න සම්බුව නම් හරි.....

    ReplyDelete
    Replies
    1. නැහැ වැරදී.. කොල්ල 60/- වියදම් කලේ. තාත්තගෙ නැති වුනේ 100/- ක් !

      Delete
    2. ඉතිං සෑමො, උඹ ඉතුරු 40 ට මොකද කළේ.

      Delete
    3. තව 460ක් දාලා ස්පා පොට් එකට ගියා :)

      Delete
  6. උබ එදා ඉදන් කොලෙ ඉතින් තාත්තගෙන් සල්ලි උස්සල රටේ ඉන්න පූජලට පූජ කරපු එකනේ

    LOL ඕයි

    ReplyDelete
    Replies
    1. ගොඩ මීයෝ ++++++++++

      Delete
    2. පූජකයින්ට සල්ලි දුන්නේ පිං තකා බොල..

      Delete
  7. Replies
    1. පට්ට නමක් බං බොට තියෙන්නේ !

      Delete
  8. සැමා උලල නැද්ද? :D

    ReplyDelete

  9. දම්සාරීඊඊඊඊඊඊඊ...

    ReplyDelete
    Replies
    1. මොන සාරී?? යකෝ පූජා සාරි ඇන්දෙ නැහැනේ !

      Delete
    2. ඉරිදා ලංකාදීපේ දම්සාරිද?

      Delete
    3. නෑ නෑ ඒ දම්සාරි නෙවේ.අර දිගු දෑස වීඩියෝ එකේ ඉන්න දම්සාරී. :ඩී
      ඒකෙ ඉන්නෙත් පවන් කෙනෙක්නෙ.

      Delete
    4. දැන්නේ මතක් වුනේ ප්‍රමුදියෝ

      Delete
  10. කතා කොක්ටේල් එකක් කියෙව්වෙමි.. පට්ටයි ඈ.. ඒකත් නරක නෑ බලාන ගියාම..

    ReplyDelete
    Replies
    1. කොක්ටේල් සැර වැඩී නේද බොල ;)

      Delete
  11. අයියෝ සල්ලි කිව්ව !!! හූ ඈ ...... වැරදුනා.......... පව් බං

    ReplyDelete
    Replies
    1. සල්ලි වගේද අර කෙල්ල බං.. අනික අයික්ර්‍ම් එක ?

      Delete
  12. ඔච්චර හරියක් කොටාබාල දුවන්නත් පුලුවන් උනාද බොල..?
    හොඳවැඩේ බඩජාරියට..!

    ReplyDelete
    Replies
    1. ඒක හින්ද තමා බං හති දාන්නේ.. :)

      ජය !

      Delete
  13. හූ ඈ
    බොලා හාහ් හාහ් හාහ් හාහ් ගාලා හිනා වෙන්නේ මොකෑ බන් මග දිගට?.

    ReplyDelete
    Replies
    1. මට තේරෙන්නෙ නැහැ බං හති දාන විදිහ ලියන්න... හිකිස්..

      ජය !

      Delete
  14. හොද වැඩෙ!!! හික්ස්ස්ස්ස්ස්ස්...

    ReplyDelete
  15. හච්චෝ.....:)

    ReplyDelete
  16. බලාපන් ඉතිං. මාටියගෙ පුතාට තිබිච්ච තරම් වත් මොලයක් බොට නෑනේ. තෝ හරක වගේ දෙකක් අරගත්ත. ඌ එකක් අරන් ලස්සනට දෙන්න දෙපැත්තෙන් කෑවා. කාපුව මදිවට තව ඉඩජහරිකමට මගදිගට නැවති නැවති අයිස්කිරිම් කකා හිටියෙ නැතුව ගියානම් බොටයි චෑන්ස් එක.

    හැබෑට බං, මැද තිබිච්චි අයිස්කිරිම් ටික ඉවර වුනාම අරුන් දෙන්නට වෙන වෙන ඒවත් ලෙවකෑවෙන්න ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඒක දියවුනාට පස්සෙ තමා හොදම හරිය :ඩී

      Delete
  17. එතකොට පුජා තවමත් කන්නේ කරන්ගේ Ice Cream එකද?

    ReplyDelete
    Replies
    1. උබ මහ වල් විදිහට බං කියල තියෙන්නේ :)

      Delete
  18. ගෙනියපු වරිගය දියවෙන වරිගයක් බව නුඹ දැන සිටිය යුතුයි නෙව ...

    ReplyDelete
  19. අයියෝ මං හිතුවේ මේකත් අර පෙහෙලා නෂා වගේ වෙයි කියල

    ReplyDelete
    Replies
    1. අහ්.. පොඩි උන්ගෙ සිංදුව නේ :ඩී

      Delete
  20. මහගෙදර සහ ප්‍රවීනා මුල් කරගෙන එවුවාට මඩ ගැසීම සඳහා මේ ගෙනියනු ලබන සමාගේ මඩ ව්‍යාපාරය තරයේ හෙලා දකිමි..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. සැමා ලියන ඔක්කොම එවුවා හෙළ දකින්නම වෙලා තීන්නේ මොකද මන්ද .. :p

      Delete
    2. පණුච්චි මාව කන්න මයි හදන්නේ.. යකෝ මම ඇපල් ගෙඩියක් වගේද පේන්නේ ?

      Delete
  21. අපරාදේ...අර දියවෙච්චි අයිස්ක්‍රීම් එක....

    ReplyDelete
  22. ඒ නියමයි කතාව. කතාව කියවද්දි සීන් නිකම් මැවි මැවි දැක්කා හිකිස්.............

    ReplyDelete
  23. කතාවෙ මුල සිට අගට කියවාගෙන එද්දී............... කතාව වෙනස් වෙන්නේ මුකෝ ඈ.. :ඔ 

    ReplyDelete
  24. ඔය පුජා-කරන් කියන්නේ හින්දි නළු-නිලි ජෝඩුවක් නෙවේද? හින්දි ෆිල්ම් ගැන නොදන්නා හින්ද කමෙන්ට් කිරීමෙන් වලකෙමි. සමස්තයක් පිරිමින්ට වන්දේ මෙතන තියෙන්නේ.

    ReplyDelete
  25. අනේ කොල්ලෝ දන්න විදියට අර මරුතියෙන් ගිහිල්ල සිසිල් පානයක් බීපිය. අද තමයි දැනගත්තේ හතිදාන විදිය ලියන්නේ කොහොමද කියලා. හ්හ හ්හ

    ReplyDelete
  26. උඹට තාත්තට විරුද්ධව මානව හිමිකම් එකට යන්න පුළුවන්...

    ReplyDelete
  27. අපේ සෑමා කතාවේ පසු තලයට නාධ රටා එක්කල වගයි කුචු බිචු..කුචු.....ඩොං පටොං...බවුවා...ඩිස් කෙයා...

    ReplyDelete
  28. ආයේ යනකොට අයිස් ක්‍රීම් ගිනියන්න එපා. ලොලි පොප් එකක් ගිනියපන් .එතකොට කරන් අයිස් ක්‍රීම් කවයි..උබ ලොලි පොප් කවයි .. පුජාටත් එතකොට වෙනසක් තියෙනවනේ...

    ReplyDelete
  29. උඹට ඔහොමමයි වෙන්න තිබ්බේ... සැබෑ ආදරය අඳුරන එකා කවදාවත් අයිස්ක්‍රීම් දෙකක් ගන්නේ නෑ, එක බෙදගෙන කනවා... අනික මොන මගුලකටද බං ඕවා තාත්තට කියන්න ගියේ.... කිසිම දවසක සැබෑ ආදරවන්තයෙක් නොකරපු වැඩක්... තාත්තට බූට් සීන් කියන එක... දැන් නාඩා ඉතුරු 40 සීනි බෝල කාපං...

    ReplyDelete
  30. සෑමත් ගෙදර ගියපු ගමන් කෑල්ල බලන්න යන්නෙ නැතුව බතුයි කිරි හට්ටියි එක්ක මගුලක් කරාද?.ආපු ගමන් ගියා නම් ගොඩ නෙ.

    අපරාදෙ සෑමට තිබුනෙ තඩි ගල් ගෙඩියක් අරන් කරන්ගෙ අයිස්ක්‍රීම දෙපලු වෙන්න දමල අරින්න. කොහෙද ගියානෙ අඬාගෙන තාත්තට කියන්න.

    ReplyDelete
  31. ආ..උඹේ තාත්තා ටාකුර් කියලා අර අහිංසක මාටියාගේ කොල්ලගේ අවංක පිවිතුරු නිර්මල ආදරය කන්න නේද තෝ ගියේ!!හොඳ වැඩේ උඹට!

    ReplyDelete
  32. හයියො.. මල ජන්ජ අලෙ.. :D

    ReplyDelete
  33. කුරැල්ලෝ "කූචු..බීචි..කූචු..බීචි..කූචු..බීචි.." ගාන් නෑ බන්..
    "කිචි...බිචි...කිචි...බිචි.." ගාන්නේ..

    හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හ..හ්හාහාහා...

    ReplyDelete
  34. හිකිස්...හොහ් හොහ් හොහ්....!!

    ReplyDelete
  35. අඩේ මේක පට්ට කතාවක් සෑමා.... අර කුරුල්ලෝ කෑගහපු සීන් එක පට්ට, ගැරඩියාට බයේ. අර ඇස් දෙක බිත්තියේ වැදිලා බම්පර් වෙච්ච එකත් පට්ට. මම හිතුව හැබැයි කතාව හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක් විදිහටම ෆිනිෂ් වෙයි කියලා.

    ReplyDelete
  36. මේ කතාව නම් සෑමගේ එකක් වෙන්න බෑ..!!

    ReplyDelete
  37. සිතුවිල්ල නරකයිනේ ඒක තමා අවුල උනේ.. කරනයව එලවන්න ගියාට හොද වැඩේ.. :)

    ReplyDelete
  38. දුක තමා සිරිසේන කිවුවලු ...

    ReplyDelete
  39. මේ දවස්වල ලියැවෙන්නෙම චිත්‍රපටිවලට සුදුසු කතානේ. රඟපාන්ට ආසාවක් ඇවිල්ලද දන්නේ නෑ. :D

    ReplyDelete
  40. හික්ස්... වෙච්චි දෙයක්...
    මොනව උනත් හොදට කාලනේ...

    ReplyDelete
  41. යසයි බොට... එක අයිස්කිරීමක් දෙපැත්තේ ඉඳන් කන්න හැදුවට. පොඩි උන් කරන වැඩද මෙව්වා මං අහන්නෙ.

    ReplyDelete
  42. හපොයි වෙච්චි විනාසයක්. ගහෙන් වැටුණු මිනිහට ගොනා අන්නා වගේ වැඩක්නේ වෙලා තියෙන්නේ. පට්ට කතාව සෑමෝ.

    ReplyDelete
  43. දැන් ඉතින් කාපිය මාව.....හිකිස්...........

    ReplyDelete
  44. කොහොම උනත් බඩජරියෙක් ගේ කතාවක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...