Tuesday, March 20, 2012

කෙල්ලෝ කටේ තියන් උරන කැත...




‍සියුම් සියුමැලි දෙතොලෙ සිරවී
සෙමින් උරනා අපූරුව නුඹ


මටත් කලියෙන් තබා දෙතොලග
උරන අරුමය උඩගු විලසින


දරා ගන්නට නොහැකි මා සිත
තදින් මිරිකා ගත්ත නුඹ අත


සිතා ගන්නට නොහැකි මොහොතක
ගලා ආවේ රසැති දියරය


ඇයත් සමගම තනිවු මොහොතක
ඇයට හදිසිය උරන්නට එය


පෙරදි දිනයක කටේ තැබු නුඹ
උඩගු වී අද තෙමයි තොල අග


කටට ගත් විට සිසිල දැනුනද
මටත් වෙහෙසක් වගේ දැනුනද


තබන්නට බැහැ පැත්තකින් අද
වටින හින්දම අවසන්ම බිංදුව


*
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
*




සෞඛ්‍ය රැක ගන්න - හැකිතාක් දියර පානය කරන්න

Written bY sAm_9.35pm_17.03.'12


ඇගේ අතැගිලි අතරේ මිරිකෙන නුබ...

උදේ එළියට ගන්න - රෑට ඇතුළට දාන්න ඉස්සෙන රෙද්ද

පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි...

කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම...

85 comments:

  1. ඉස්සෙල්ලම පහල පින්තුරේ බැලුවෝ !!!

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ ඔහොම්මමයි ඉස්සෙල්ලම බලන්නේ පහල එක ඊට පස්සේ උඩ ඒවා..

      Delete
    2. QයුRයෝසිටි නේ..........බ්‍රෝ

      Delete
  2. පෝස්ට් එකේ නම දැක්කම මට ආස්සාවේ බැරුව ගියා !!! ඊට පස්සේ තේරුනා මේකත් සෑමගේ අර ජාතියේ කතාවක් වෙන්ටෑ කියලා. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියවන්න වෙලාවක් නැහැ කියපු මධුවා රැවටිලා දුවගෙන ඇවිල්ල වගේ.. හිකිස්..

      ස්තුති සහෝ.. ක්‍රෙඩිට් කාඩ් එපාද ?

      Delete
  3. චී....මෙයා වල්
    මං රජතුමා නරක් කරලා දේවීන් වහන්සේ සැමාව උල තියයිද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. අප්පේ.. දේවිය නම් මොනා කලත් කමක් නැහැ.. රජතුමා මුකුත් නොකර..

      කවුරු කවුරුත් දියර බොන්ට හොදේ..

      ස්තුති !

      Delete
  4. කියෝලා කට ගත්තා විතරමයි

    - හුරතල් ඇනී -

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාට ලැජ්ජයිද?

      Delete
    2. අර පංචායුධ මාමාට සපෝට් කල ඇනී ද?

      අසරණයා.. කවුද මචං මේ ඇනී..? බටේ කටේ ඇනී ද?

      Delete
    3. බට කොළ ආච්චි. ඇණි..

      Delete
    4. හිකිස්.. අසරනයා දන්න කෙනෙක් වගේ.. එල එල.. :))

      Delete
    5. අසර් අයියා කොහෙද එතන ඇනීලා..;)

      Delete
    6. අසර් අයිය එහෙමත් කොරනවද ?

      Delete
  5. තොගේ වලත්ත පින්තූර වලට රැවටෙන්නෙ නෑ දැන්... මම නම් හිතුවෙ අයිස් පැකට් ගැන කියනව කියල... :)

    ReplyDelete
    Replies
    1. අනේ.. සෑමාට දැන් වඩේ නවත්තන්න වෙනවා.. රැ‍වටෙන එවුන් නැහැ දැන්.. හැම එකාගෙම හිත් හොද වෙලා.. වල් එකාල නැහැ දැන්.. :(

      Delete
  6. ස්තුතියි වැදගත් අවවාදක් උපදේශාත්මක කයියකින්ම පෙන්නලා දුන්නට..

    ReplyDelete
    Replies
    1. කයියකින් නැතිව කස්ටියට දැනෙන්නෙ නැහැ නේ..

      ටැංකූ.. !

      Delete
  7. සෑමා............. ඉතින් බබා නේ... එක ඉතින් අපි දන්නවානේ.... මොන දියරද හොදම

    ReplyDelete
    Replies
    1. පොඩි සෑමා නම් බබාය.. :))

      හොදම දියරේ කිව්වම මට මතක් වුනේ හොටු දියර.. ඈක්කා.. අනිත් දියර එයිට වඩා හොදයි. කෙල්ලෝ කැමතී...!

      Delete
  8. අඩෝ සැමෝ මමත් හිතුවේ සාර්හන් වගේ උබ අයිස් පැකට් එකක් ගැන ලියලා කියල...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා ඉස්කෝලෙ යන කාලේ කෙල්ලෝ අයිස් පැකට් උරපු කැත.. දැන් මතක් වුනේ...

      Delete
  9. අපරාදේ කියන්ට බෑ ඔයාගේ මාතෘකා. කවියත් ලස්සනයි.:D

    ReplyDelete
  10. මමත් හිතුවෙම අයිස් පැකට් එකක් වෙන්න ඇති කියලා....මේ ජෙනී දාගෙන උරන්නෙ තැඹිලි වතුර එකක්නෙ....

    ReplyDelete
    Replies
    1. තැඹිලි ගුණයි නොවැ අයිස් පැකට් වලට වැඩිය.. රන් තැඹිලි කිව්වම තවත් අප්සට් නේද ??

      Delete
  11. මගෙ හිතනම් හොඳටම කැතයි.. නෙක නෙක ජාති හිතුනා..

    ReplyDelete
    Replies
    1. අන්න සර්ව සම්පුර්ණ මනුස්ස දරුවෙක්.. හිකිස්..

      රහත් වෙලා නැහැ නොවැ..

      Delete
  12. මාතෘකාව නම් පොඩ්ඩක් හිරිකිතයි වගේ..
    කවිය නම් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. අප්පද බොල හිරිකිත ඇයි ?

      තුති !

      Delete
  13. ඔන්න සෑමෝ මේකනම් දියරයක් ගැන තමයි කියලා ඉස්සෙල්ලම හිතුනෝ....

    ReplyDelete
    Replies
    1. එල එල දැන් දරුවෝ දියුණු වෙලා.. :))

      Delete
  14. මාත් හැමදාම වගේ සෑම්ගෙ මේ පෝස්ට් එකත් 'පහල ඉඳන් ඉහලට' බැලුවා......තැන්කූ සෑම්..!

    ReplyDelete
    Replies
    1. අප්පේ ඒව කැත වැඩ.. පහල ඉදන් බලන්න එපා.. උඩ ඉදන් බලන්න..

      Delete
    2. ගොඩක් දේවල් යට ඉදලා උඩට බලන එක නම් හොදයි. ඒත් අවුල කියන්නේ මඟින් නතර වෙන්ඩ හිතෙන එක !!!

      Delete
    3. ඔන්න කිව්ව කුජීත කතාවක්...

      ඒත් සෑමා ආස උඩ ඉදන් බලල මග නතර වෙන්න.. ,-)

      Delete
  15. දැන් හැමෝම පහළ ඉඳන් ඉහළට යන්න [ලංකාවෙ කෝච්චි වගේ] පුරුදු වෙලා ...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. සිරාවට.. ඔබා මාමා කමෙන්ටුවලට කෝච්චි හරියට ගාව ගන්නවා නේද.. එච්චරට ආදරෙයි කියල අපි දන්නවා.. ;)

      Delete
  16. කෝ ෆොටෝ එක ලෝඩ් වෙන්නෙ නැහැනේ මට බලන්න...කරන්න දෙයක්‌ නැහැ වල් අදහසක්‌ හිතැතිව සමුගන්නම් මේ පෝස්‌ටුවෙන්...

    ReplyDelete
    Replies
    1. මටත් ඕකමයි උනේ අප්පා ඔන්න සෑමෝ අපි දන්නේ නෑ

      Delete
    2. ඇයි බොල් පොටෝ එක ලෝඩ් නොවේන්නේ..

      මේක ජරා නෙවේ.. :((

      Delete
  17. ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි කියලා මාත් අවබෝදයෙන් කියෙව්වා
    මාව උල් උනාද මන්දා

    ReplyDelete
    Replies
    1. උල් වුනා කීවේ.. තේරුනේ නැහැ බොල..

      Delete
  18. කැත හිත් වලට හොඳ පාඩම්.......

    ReplyDelete
  19. හික්....
    හලේ............මන්ඩ......
    මාත් මුලින්ම අන්තිම ෆොටෝ එක බලල හිටිය....;)

    ReplyDelete
    Replies
    1. අපරාදේ.. මීට පස්සේ යට එක ගලවලා අයින් කරනවා..

      Delete
  20. දැං නං සෑමගෙ කවි පුරුදුයි. දැං ඇත්තටම කුණුහරුපයක් කිව්වත් බලන්නෙ වෙන විදියකට.

    ReplyDelete
    Replies
    1. රාජ් මහත්තයා එහෙම කරන එක වැරදී නේද... මෙහෙ එන එකාල පොඩ්ඩක් රැවටුනේ නැති වුනාම සෑමට ලැජ්ජයි බොල..

      Delete
  21. මෙක ලියලා තියන විදියනම් හොඳයි ඒත් අවසානය නෝටි | Naughty කියපු විදියට අයිස් පැකට් වගෙ එකක් උනානම් තවත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඒක මතක් වුනේ නැහැ ජෝන් අයියේ.. අනික අයිස් පලම්.. අයිස් ක්‍රීම් වගේ ඒවට ඔය වගේ අදහස් එන්න ලියල තියෙනවා කස්ටිය...


      ස්තුති !

      Delete
  22. මාත් හිතුවෙ අයිස් පැකට් එකක් කියලා.හැම වෙලේම ඔහොම දියර බොන්නෙ නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි හත් දෙයියනේ.. ගෙදර ඉදන් මෙහෙම බොන එක ගැන නෙවේ නිසුපො මේ කියන්නේ..

      කෙල්ල කොල්ල එක්ක කොහෙ හරි ගියාම අරකි උරන හැටි බලාගෙන ලියපු එකක් තමා මේ..

      //මටත් කලියෙන් තබා දෙතොලග
      උරන අරුමය උඩගු විලසින//

      කිව්වේ ඒකයි..

      Delete
  23. දියර කිව්වේ නිවිච්ච ඇල් වතුරද බං ?

    ReplyDelete
    Replies
    1. හිකිස්.. ඇල් වතුර නිවල බොන කස්ටිය දැන් නැහැ නේද බං ?

      Delete
  24. අපටත් එ්ක තමා කේස් එක......... මොනාද දියර! :O

    ReplyDelete
    Replies
    1. වර්ණක අඩංගු නැති සුදුපාට ඕනෑම දියරයක්.. :))

      Delete
  25. හ්ම්...මුල ටික කියවනකොට මම හිතුවා කෙල්ලෙක් සිගරට් බොන එකක් ගැනවද්ද කියලා... නෑ නේ ඒත් මේ දියරය කියන්නේ වතුරටනේ. අනේ මංදා

    ReplyDelete
    Replies
    1. හරියට හිතල නොවැ.. ඒක වටිනවා.. සෑම ගැන දන්න ගොඩක් එවුන් යට ඉදන් බලන්නේ.. :))

      Delete
  26. මේකෙන් අදහස් කලේ දියරයද දියර බොන බීම බටේද? බටේටනම් ගැලපෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. බටේ ගැන තමා ලිව්වේ...

      Delete
  27. මමත් හිතුවෙ මුලදිම සිගරට් එකක් ගැන කියලා.ඒත් කටට ගත් විට සිසිල දැනුනද කියන කෑල්ල සිගරට් එකකට ගැලපුනේ නෑනෙ.

    දැන් නම් කොහොමත් දන්නවා සෑමා මාතෘකාවෙන් කියන දේ නෙවෙයි කියන්නෙ කියලා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. සිගරට් එකේ සිසිලක් එන්නෙ නැද්ද බං.. සමහරු කියනව නේද මාර සනීපයි කියලා.. හිකිස්..

      ස්තුති සහෝ

      Delete
  28. සමහර පද රූපයට ගැලපෙන්නේ නැත :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ගූගල් එකෙන් සොයාගත් එකක් මිසක ගැලපෙන පොටෝ දැමීම අපහසුය !

      ස්තුති සහෝ..

      Delete
  29. මම කියෙවුවෙ නැහැ.මොකටද නිකන් හිත කළබලකාර පුළුවන් තරම් නරක දේවල් වලින් මිදෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පහල ඉඳන් උඩට කියවන්න.........:D:D

      Delete
    2. අසරණයා පහල ඒවට කැමති නැහැ කිරිල්ලියේ...

      Delete
  30. අයියේ දැන් හැමෝම දන්නවා මේ අන්දන්න හදන්නේ කියලා ඒ නිසා මේක වෙනස් කරන්ටම වෙනවා....කැත හිත් වලට කවිය අතෑරලා කෙටි කතාවක් වගේ ලියන්න පුළුවන්නම් මරු මටත් සන්තෝසෙන් ඇන්දෙන්න පුළුවන් හික් හික්

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ... කැත කෙටි කතාවක්ද මචං..

      සොරි රිප්ලයි ලේට් වුනා..

      Delete
  31. පට්ටයි ඈ...නරක දෙයක් කියලා හිතාගෙන නෙමේ බැළුවේ..ඒත් හිතුනෙම වෙන බටයක් සැමෝ....

    ReplyDelete
    Replies
    1. කොයි වගේ බටයක්ද හිතුවේ මචං..

      සොරි රිප්ලයි ලේට් වුනා..

      Delete
  32. කස්ටිය පුරුදු වෙච්ච එකේ ඇත්තටම කුණුහරුපයක් ඇතෑරපං දැං.... :)

    ReplyDelete
    Replies
    1. අප්පේ වසලා හමාරයි එතකොට..

      වෙලාවක් එහෙම කලත් වෙනසක් වෙන එකක් නැහැ නේද රාජ්.. බලමු කෝ...

      සොරි රිප්ලයි ලේට් වුනා..

      Delete
  33. ඊයාආආආආආආආආආආ

    ReplyDelete
  34. අම්මප සෑම් අයියෙ දකිද්දිම හිතුව කුණු හබ්බයක් නම් නෙවෙයි කියල....නිර්මාණය නම් එළ....

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      දැන් කස්ටියට තේරෙනව නේද//

      Delete
  35. හික්ස්ස්..මාත් යට ඉදන්මයි මෙදා සැරේ බැලුවෙ.. :D

    ReplyDelete
    Replies
    1. හයියෝ සල්ලි මේ වැඩේ හරියන්නේ නැහැ වගේ..

      Delete
  36. තවත් මෙව්ව කියොව්වොත් නරක් වෙයි වගේ.. :p

    ReplyDelete
  37. නොදකින් මමත් මුලදී වල් උණා.. පස්සේ ජල අහේනියෙන් දුක් විඳින කුබුක් ගහ වගේ මැලවුනා... ඉවසන්න බෑ ලැජ්ජාව.\

    බොර දියක ඉඳුවර

    ReplyDelete
  38. මේක මට වල් විදිහට පෙන්නේ ඇයිද මන්දා .. අදයි මේ පැත්තේ ආවේ .. නියම දෙයක් තම ඉස්සෙල්ලම දැක්කෙත් .. මමනම් අලුත් ඒ නිසා ආරාධනාවක් තියේ විවේකිව එන්න මගේ පැත්තේ .. මෙන්න ලින්ක් එක

    http://sulanganonimsathsara.blogspot.com/2014/01/blog-post.html

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...