Wednesday, February 15, 2012

මහින්ද මාමා සෑමාගේ බ්ලොග වාරණය කරයි...

අද කට්ටිය බලන්නේ සෑමාගේ බ්ලොග අද කවදාවත් නැතිව කළුවර ඇයි කියලාය. හේතුව අවසන තේරුම් යනු නියතය.


සෑමා බ්ලොග් ලියන බව සෑමාගේ අම්මා නොදත්තීය. නමුත් සෑමාගේ ගමේ ඉන්නා අලුගුත්තේරු කොල්ලෝ කුරුට්ටෝ සෑමාගේ ගෙදරටවිත් ඒවා ගැන කියමින් සිනාසුනහ. ඒවා කන වැකි සෑමාගේ අම්මා හේතුව විපරම් කර අනතුරුව සෑමාගෙන්ම ඇසුවාය. එවිට සෑමාට තම නිර්මාණ අම්මාට පෙන්වන්නට වූයේ තව දුරටත් ගෙදර හදන කෑම රස බැලිය යුතු නිසාමය.


කැත හිත් වලට කවි පොඩ්ඩක් ලේබලය යටතේ ඇති කිසිවක් වැඩිහිටියන්ට පෙන්වීම සුදුසු නැත්තේය. ඒ නිසාම සෑමා තෝරාගත් දේශපාලනික ගණයේ ‍'පොඩි සෑමාගේ' ලිපි කිහිපයක් ඇයට පෙන්වූවේය. සියල්ල උඩින් යටින් කියවූ ඇය සෑමාට තර්ජනය කළේ "තෝව සුදු වෑන් වලින් ඇවිත් උස්සගෙන යයි කොල්ලෝ" කියමිනි. ඒ සෑමාගේ බ්ලොගට එල්ල වූ ප්‍රථම තර්ජනයයි.


එකී තර්ජනය හමුවේ සෑමා බිය නොවූවාද නොවේ. සෑමා ඉස්කෝලේ ගියෙත් සුදු වෑන් එකක නිසා ටිකක් හුරු පුරුදු බවක් ඇත්තේය. ඒත් බලෙන් ඇදගෙන ගියහොත් කරන්නට දෙයක් නැත්තේමය. ඒ නිසාම සෑමාගේ අම්මා වරින් වර එකී කරුණු මතක් කරන්නට වූයේ සෑමාගේ බ්ලොග් ගමන නැවැත්වීමටය.


සියළු කාරණා මැද පසුගිය දින පෙට්ට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ඉහල යාම සෑමාගේ බ්ලොග් ගමනට ආශිර්වාද කරන්නක් වීය. අම්මාගේ අවවාද දීමද මදක් අඩුවීමටද එයම හේතු විය. සැනසුම් සුසුම් මැද සෑමා බ්ලොගේ රිසි පරිදි පෝස්ට් දමන්නට සිතුවේ සුදු වෑන් භීතිකාව අඩු වීමෙනි. සෑමාගේ අම්මා තෙල් මිල සහ සුදු වෑන් අතර ප්‍රතිලෝමව ඇති සමානත්වය සෑමාගෙන් විමසුවාය.


"තෙල් ගණන් ගියාම කෝමද කොල්ලෝ උඹව උස්සන එකක් නැහැ කියන්නේ ?"


"ඇයි දෙයියනේ අම්මට තේරෙන්නෙ නැද්ද? සුදු වෑන් වලට තෙල් ගහන්නේ කොහොමද තෙල් ගණන් ගියාම. ඒක හින්දා මට පට්ට ෂුවර් දැන් සුදු වෑන් එන එකක් නැහැ"


එකී දෙබසට පසු සෑමා කොම්පියුටරය ඉදිරියේ දරණ ගසා ගත්තේ සුදු වෑන් වලට නොබියව ලියමී චේතනාවෙනි.


එලෙස නොබියව ගතවුණු සුළු කාලයට නැවත කණ කොකා හැඩුවේ අදය. ඒ වාරණය මහින්ද මාමා ගෙනි. එය ස්ථිර කලේ සෑමාගේ අම්මාය. 


"දැන්වත් ඕක කොටන එක නවත්තපං, අන්න විදුලි බිලත් වැඩි කරලලු"


අද පෝස්ටුව කරුවල වුනේ මහින්ද මාමා සෑමාගේ බ්ලොගය වාරණය කළ නිසාය. අම්මා ඒ වාරණය ස්ථිර කළ නිසාය. ඒ නිසාම කාමරේ ලයිට් නොදා ටයිප් කළෙමි. 


ලයිට් නැතිව ටයිප් කරන විට සෑමාගේ මිතුරෙකු  පැමිණියේය.


"මොකද බං කළුවරේ"


"බිල වැඩි කරලලු බං. අම්ම ලයිට් දාන්න එපා කිව්ව"


"අප්පද බොල ඒකත් ඇත්තනේ. ඉතිං යකෝ ඔය ස්ක්‍රීන් එකේ එලිය ඇහැට හොද නැහැ. ඉටිපන්දමක් හරි ගහපං එලිය වැටෙන්න"


මිත්‍රයාගේ කතාව ඇත්තය. කළුවරේ ටීවී වත් බලන්නට හොද නැති බව සෑමා අසා ඇත්තේය. සෑමා ඉටිපන්දමක් දල්වාගෙන නැවත ස්ක්‍රීන් එකට ඔළුව දැම්මේය.


"මචං දාඩියයි බං මේ ෆෑන් එක දාන්නද?" මිත්‍රයා කිව්වේ ෆෑන් එක පෙන්නමිනි.


"ෆිස්සුද බං ඕක දැම්මොත් මේ ඉටිපන්දම නිමෙයි නිකං හිටු"


ෆෑන් එක වැඩකරන්නේ නැහැ කියනවාට වඩා එසේ කීම නම්බු සහගතය. 




මෙය හුදෙක්ම සෑමාගේ බ්ලොග වාරණය කිරීමේ උත්සාහක් බව පැහැදිලිය.


විදුලි අර්බුධය නිසා ඉදිරි පෝස්ට් මෙලෙසම කළු‍වරේ සිටම ලියන්නද ? නැතිනම් වියදම දුකසේ විදදරා ඔබ වෙනුවෙන් ලියන්නද ?



93 comments:

  1. අපි ඉතින් වෙන කුමක් කියමුද?
    වියදම විද දරා අපි වෙනුවෙන් ලියන්ට..

    ReplyDelete
    Replies
    1. ඔව් රූ මොනා කරන්නද මේක සෑමගේ "කියවන එවුන් වෙනුවෙන් ලියන අහිංසක වෑයම" නොවැ ;)

      Delete
  2. මම දැන ගත්තා පෙබරවාරි 03 වෙනිදා දාපු ලිපිය දකිනකොටම සෑමට බඩුම තමයි කියලා..

    ඔය පටන් ගත්තා විතරයි කොල්ලෝ.. පරිස්සමින් හිටපන්..

    අපේම කියලා තෙල් ලිඳකින් මහින්දා මාමාගේ දෝතින් ඇද ගොඩ ගන්නා තෙල් ටිකකින් එළිය ලැබෙනකන් ඔය කොහොම හරි ලියපන්..

    ReplyDelete
    Replies
    1. ඒවා එළෝළු තෙල්ලු බං...

      Delete
    2. @senna - මෙන්න මෙයා මාව තවත් බය කරනෝ...

      @හරී - අප්පද බොල එහෙනම් වටිනව නොවැ.. ඒවා වේලලා කැට කොරලා එළවලු හදන්න බැරි වෙයිද ලුණු හදනව වගේ ? :)

      Delete
  3. නරකද බ්ලොග් එක ලියන්න යන වියදම හොයාගන්න පොඩි පාට් ටයිම් රස්සාවක් කලොත්.. :)

    ReplyDelete
    Replies
    1. ඒ අදහස නම් හොදයි වගේ.. ෆුල් ටයිම් බ්ලොග ලියල පාට් ටයිම් ජොබක් කරනවා..

      ස්තුතී සාතන් :)

      Delete
  4. hi hi hi eththatama ubawa ussan yayi rajuge namayata agaru karata........

    ReplyDelete
    Replies
    1. අනේ සෑමා අහිංසකය. කාටවත් අගෞරව කලේ නැත්තේමය.. ;)

      Delete
  5. සුදු වෑන් වලට පෙට්‍රල් ගහන්න්න හැම මාසෙම මගෙ පඩියෙන් ගානක් කපා ගන්නව. ඒක නිසා පරිස්සමින් හිටු.

    ReplyDelete
    Replies
    1. අඩේ අර ඊ'ටී'එෆ් / ඊ'පී'එෆ් කියල කපන්නේ ඒකද ?

      Delete
  6. අඩේ මං ඒත් බැලුව මොකෝ කරුවල කියල. ඇත්ත බ්ලොග් ලියන්ට කියවන්ට බැරි වුනොත් සදා අඳුරේ තමා ඉන්ට වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත බට්ටෝ.. බ්ලොග නැති ලොව පාළුයි අදුරුයි නොවැ..

      ස්තුති මෙහෙ ආවට..

      Delete
  7. අපි වෙනුවෙන් වියදම දරාගෙන ලියපන්.ෆෑන් ඒක හදන්න එපා එහෙම වුනොත් තවත් අමතර වියදමක්.

    තව ටික කාලයක් ඉවසපන් තෙල් ගොඩ ගත්හ්ටයින් පස්සේ අපි ගොඩ?

    ReplyDelete
    Replies
    1. අනේ ඒ තෙල් ටික වියට්නාමෙට විකුණපු කතාවක් ඇහුන. කැබිනට් එකේ මාමලගේ බඩවල් වල තෙල් ගැලුම් ගණන්ලු බං.. ;)

      Delete
  8. පෝස්ට් ලිවීම සහ පලකිරීම දහවල් කාලයේදී කරන්න.....ඉටිපන්දමට යන මුදලද ඉතිරි කර ගත හැක.........

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත වින්චැට්. බැරිද කලාමැදිරියෝ භාවිත කරන්න ? ස්භාවිකයි නොවැ !

      Delete
    2. ලකෙං පුයිට් ඇස් දෙකට හොඳ නෑ

      Delete
    3. "ලකේ පුයිට්" ජීව වායු වලින්ද මචං පත්තු වෙන්නේ ?

      Delete
  9. ඊලග වාරණෙත් ලගදිම එයි ,බ්‍රොඩ්බ්‍රැන්ඩ් බිලෙන්ම..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමා.. අද වතුර බිලත් මොනාද වුණා කියල නිවුස් වලට කිව්ව නොවැ..

      ස්තුති ‍මේ පැත්තෙ ආවට.. !

      Delete
  10. අපොයි දෙයියනේ... සෑමට වෙච්චි හරියක්....

    ReplyDelete
  11. වාරණයට එරෙහි..උද්ඝොෂණ යට සැරසෙව්...දැන් අපි කොහෙද මේක කොරන්නේ...හරි සයිබර් වට රවුමේ...හැමොටම පොස්ටර් සටන් පාඨ අරන් එන්ඩ කියහං...ඉටපස්සේ වටරවුමට ගොහින් කොම්පිතර් ගිනිතියමු..ඇයි යකො අරුන් අරහේ ටයර් පුච්චද්දි..අපිට නිකං අරින්ඩ පුලුවන්ද මේක..බෑ..

    ReplyDelete
    Replies
    1. බෑ නේන්නං. අපි අනිවා කරමු වැඩේ. සයිබර් වට රවුමෙදි මුණ ගැහෙමු එහෙනං.

      Delete
    2. @Raj - සිරා අදහස මචෝ. මගේ වැඩ කරන්නැති කම්පීතර් එකක් තියෙනවා අරන් එන්නම්. ඒත් බං මේව ගිණි තියන්න තෙල් දාන්ට ඕනෙ නේද ?

      @බට්ටා - මම සුදු පාට ඇදන් එන්නම්. කස්ටියට අදුරු ගන්න ලේසි වෙයි. :)

      Delete
    3. රාජ්,
      ෆයර් වෝල් තියෙන එවුව බැරිවෙයි නේද මචං ???

      Delete
  12. මෙහෙම ගියොත් වහ බොන්න වෙන්නෙ වස බෝතල් ගනන් යන්න ඉස්සෙල්ල එකක් අර ගන්න ඕන.සෑම් අයියටත් එකක් ගන්නෙයි...........

    ReplyDelete
    Replies
    1. හරි මල්ලී මටත් එක්ක අරගන්ට.. මෙහෙ වස ගණන් නොවැ.. :)

      Delete
  13. හලේ......දවල්ට ටයිප්කරන්න හලේ....ඔයා පවුනේ....:(

    ReplyDelete
    Replies
    1. දවල්ට මම නැහැනෙ අලේ.. ලෑට නොවැ ලොග් වෙල්ලේ.. :)

      Delete
    2. හලේ කෝමහලි ඉතිපන්ඩමක්වට් පට්ටුකලන් ටයිප්කලන්න හලේ..අපි වෙනුවෙන්....:(

      Delete
    3. හලි හලි.. ලියනවා බොල.. ලියනවා..

      ස්තුති කිව්ව !

      Delete
  14. අලේ ඉටි පන්දමක් පත්තු කොර ගෙන හරි ලියන්න....

    කියලා වැඩක් නෑ ජීවත් වී හමාරයි....:(((

    ReplyDelete
    Replies
    1. ඒකලේ අලේ.. ඉටිපන්දම් පිහිට තමා අලේ...

      ඒකනේ නිසූ ඉක්මනට බැදලා එකට ජීවත් වෙන්න. ලයිට්, වතුර බිල් දෙන්න බෙදාගෙන ගෙවන්න..

      :)

      Delete
    2. මොකක්ද බොල මේ අලේ කියනවා .. හලේ කියනව... මටනම් නොමතේරේ...

      හොඳට බලපන් තියනවද කියලා අලේ...

      Delete
    3. චූටි බබාලා අනේ කියන්නෙ එහෙම නොවැ.. :)


      හලේ...අලේ ඇත්තේය..

      Delete
  15. මගේ අදහස නං කරුවලේ ෆෑන් එකකුත් නැතුව ලියපං කියනඑක. මොකෑ අපේ අප්පලට තෙල් ලිං හරි සල්ලි ගස් හරි තියන එකක්යැ. දාඩිය දාන එකට කරන්න තියෙන්නෙ සරමක් ඇදගෙන ඒකෙංම අවස්ය කරන තැන්වලට හුලං ගහගන්න එක. තේරුනා නේද සෑමෝ...

    ReplyDelete
    Replies
    1. සරම නම් ෆට්ට අදහස. කකුල් ඇත් කොරලා සරම හොලවන්නට නොවැ තියෙන්නේ..

      රාජ් උතුමා මතු දිනක මහ රජු වේවා.. ! :)

      Delete
  16. පොඩ්ඩක් ඉවසන්න බෑ උඹලට මන්නාරමෙන් තෙල් එනකන්.

    ReplyDelete
    Replies
    1. අනේ මාතලන් ! ඊට කලින් කැබිනට් එකේ කොල්ලො සෙට් එකගේ බඩවල් හිල් කලානම් අරාබියට වඩා තෙල් ගත්ත හැකි නොවැ..

      Delete
  17. සහනාදාරයක් එයි.. එතකං ඉන්ට

    ReplyDelete
    Replies
    1. සහනාදාර දාලා සුදු වෑන් එවයිද දන්නෙ නැහැ ;)

      Delete
  18. ලියාපං! ලියාපං! නවත්තන්න එපා!

    ReplyDelete
    Replies
    1. ස්තූති සහෝ නැවත එන්ට.. !

      Delete
  19. ඔය වාරන ගනන් එපා සෑමෝ . . . උඹ කරුවලේ හරි ලියපා . . .න්

    ReplyDelete
    Replies
    1. අපි සදා අදු‍රේ නොවැ.. දැන් වතුරත් ගණන් අම්ම නාන්නත් එපා කිව්ව :)

      Delete
  20. හරි හරි.. එහෙනම් සෑමටත් වැඩේ හරි වගේ.. ඉක්මනට විදේශ ගත වෙයන් මේ අපි වගේ..

    ReplyDelete
    Replies
    1. අම්මද බොල 'දින්නා' රට ගි‍යේ මොකක් හරි කේස් එකක් නිසාද ? ;)

      මෙහෙ එන්ට එපා බොල. හැංගිලා හිටු. නැත්තම් සුදු ප්ලේන් එවයි !

      Delete
    2. සුදු ප්ලේන් තමයි බං තියෙන්නේ.. අර අග්ගිස්සේ පාර දෙකකින් මොකෙක්ද ඇදලා ඉන්න..

      Delete
    3. අහ් ඒ අහස අපිට නොවැ !

      Delete
  21. කළු බැක් ග්‍රවුන්ඩ් එකේ සුදු අකුරු නාකි ඔබාට කියවීම පහසු කල බව සතුටින් දන්වා සිටිමි

    ReplyDelete
    Replies
    1. හලේ පව් දෙයියනේ! ඔබා මාමට බෝතල් අඩි දෙකක්වත් අරං දෙමුද?

      Delete
    2. @Observer - එහෙනම් මේක ඔබා මාමාගේ කුමන්ත්‍රනයක්... :)

      @බට්ටා - ඔය බොරු බං. සුට්ටි කෙල්ලෝ හොදට පේන මෙයාට මෙන කණ්නාඩිද ?

      Delete
  22. මට නම් ඉතින් ලයිට් නැතුව පෝස්ට් දාන්නත් බෑ.. ඔයාගේ පෝස්ට් බලන්නත් බෑ... බ්‍රෝඩ්බෑන්ඩ් :(
    අපි දුක දරා බලන නිසා ඔයත් දුක විදදරා ලියන්න අනේ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් දුක බෙදාගෙන බ්ලොග් අවකාශේ ඉමු සානියෝ..

      Delete
  23. සෑමගෙන් උත්තර නැහැ.. බඩුම තමා පොරව උස්සලා... අනේ පව් සිතු-කුසූ ඉවර කරනකන්වත් හිටියේ නෑනේ මේ අසමත්ජාතියෝ..

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ මයෙ දෙයියෝ.... :)

      අඩේ සෑමා දැන් උත්තර බදින්නෙ රෑට නොවැ.
      අඩේ මම බයේ ඉන්නේ පාර පනිනකොට මොනව හරි විපතක් වුනොත් ඔය කතාව ඉවර කරගන්න බැරිව ගිහින් තොපි මට පිං දෙන එකකුත් නැහැ..

      සිරාවට මතක් වෙනව බං..

      Delete
  24. මන් නමි මේ දවස් වල අමතර මුදලක් එකතු කරනවා හිරු එළියෙන් කරන්ට් එක ගන්න ගැජට් එකක් ගන්න

    ReplyDelete
    Replies
    1. අඩේ ඇත්තටමද? සෙට් වුනොත් මටත් විස්තර ඕනේ....

      Delete
  25. වෑඩ්ඩ වගේ කෑගෑහුවට ඉස්ශුව නේද?
    සෝල පෑනල් එකක් වහලෙට ගහල පොඩි බලුප් එකක් දාගනින්.

    ReplyDelete
    Replies
    1. කස්ස සිරා කතාව !

      බලුප් එකෙන් ගමටම එලිය එනවද බොල ?

      Delete
  26. සැලෙන්න එපා මචාං..අර ඉන්නෙ රෙද්ද නැතුව කඩේ යන බොලොක්ක කාරොයො...අන්න ඒ එකෙක්ගෙන් කීයක් හරි ඉල්ලගනින්.

    ReplyDelete
    Replies
    1. හිකිස් සැර වැඩි වුණත් ඇත්තම කියල.. :))

      එයාලත් දැන් සද්ද නැහැලු නේද. ?

      Delete
  27. ගනන් ගන්න එපා බොලා ඔවා.. මම ඉටිපන්දම් පැකට් එකක් එවන්නම්

    ReplyDelete
    Replies
    1. සිරා.. අර පල්ලි වල තියෙන තඩි ඒවා එවන්න.. ටැංකූ !

      Delete
  28. කඩේ ගියානං මොනා හරි ගොඩදාගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි... අඩුම ගානේ බාර් ලයිසන් එකක්වත් ;0)

      Delete
  29. ඕකනේ කියන්නේ පරිස්සමින් කියලා :D.

    ReplyDelete
    Replies
    1. සිරාවට දැන් නොලිය ඉන්න එක යෙහෙකි...:

      Delete
  30. වෙන කුමක් කරන්නද...

    ReplyDelete
    Replies
    1. හිකිස් !

      ස්තුතී මේ පැත්තෙ ඔලුව දැම්මාට

      Delete
  31. ලයිට් බිල ගැන හිතන්න එපා බං ලියපං ලියපං...දවල් දවසේ ලියපං රෑ වෙන්න ඉස්සෙල්ලා...

    ReplyDelete
    Replies
    1. දවල් ජොබට යනවනේ බං. රෑට හිත හදාගෙන ලිව්වත් වතුර බොන්නත් බැ‍හැනේ.. ;)

      ඒකත වැඩි කොරල නොවැ :))

      Delete
  32. උඹේ පෝස්ට් එක දකිද්දි මට මතක් උනේ සරත් එන්. සිල්ව අග්‍ර විනිශ්චකාරය වෙච්චි දවසෙ රාවය පත්තරේ මුල් පිටුව

    ReplyDelete
    Replies
    1. අඩේ ඒ මොකක්ද ඕනයා.. දාපං කෝ කොහෙන් හරි හොයලා..

      ස්තුති සහෝ !

      Delete
  33. සැමෝ.. තව ඉස්සරහට මොනවා මොනවා ගනන් යයිද දන්නේ නැ.. දැන්ම පොස්ට් ටිකක් කොටලා ඩාෆ්ට් එකේ පුරෝ ගනින්....

    අෆ්ෆා... හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද?..............

    ReplyDelete
    Replies
    1. හපොයි ඩ්‍රාෆ්ට් කොරපුව ඉවරයි බොල. දැන් වේලෙන්න වෙන්නේ.. :)

      බ්ලොග් වලට ටැක්ස් ගහයිද ?

      Delete
  34. මාර ‍සීන් එක.. අයියෝ සල්ලි තමයි සෑම්.. මොකක් උනත් ලිවිල්ල නම් නවත්තන්න එපා..

    ReplyDelete
    Replies
    1. හරි හරි බොල.. ඒකනේ මේ ලියන්නේ.. ;)

      ස්තුති කිව්වා !

      Delete
  35. //"මචං දාඩියයි බං මේ ෆෑන් එක දාන්නද?" මිත්‍රයා කිව්වේ ෆෑන් එක පෙන්නමිනි.


    "ෆිස්සුද බං ඕක දැම්මොත් මේ ඉටිපන්දම නිමෙයි නිකං හිටු"//

    පට්ට ඕං... ඇඬෙනවා !!! මෙහෙම ගියොත් කොම්පීතර් වහලා තියන්න වේවි බං !!!

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ..

      දැනටමත් බ්ලොග් කීපයක් වහලලු බං.. පාන් ගණන් ගියාට පස්සේ !

      Delete
  36. හික් හික් මට පේන විදියට මෙය ලැපකි..... ඉතින් අහල පහල ගෙදරකට ගොහින් හෝ වැඩපොලට ගොහින් බැටරිය චාජ් කොරන් ගෙදර ආවාට පාඩු නැත යයි සිතමි..... හැකිනම් බැටරි දෙක තුනක්ම තියා ගැනීම යෙහෙකි.... අඳුරේ සිටින බැවින් කැත හිත් වලට කවි ගොඩාරියක් ලියැවෙන හැඩකි.... "කළුවර ඇයි සෑමාගේ බ්ලොගේ...."

    ReplyDelete
    Replies
    1. ෆොටෝ එකේ ලැපක් තිබ්බට සෑමාට ඇත්තේ ඩෙස්ක්ටොප් එකකි.. :(

      Delete
  37. අද එච්චර කළුවර නෑ !!!
    දැන් ඕකම තමා මටත් කොයිම වෙලාවක හරි වෙන්නේ !! අඩේ තෙල් ගනන් ගියා ! දැන් කරන්ට් එකත් ගනන් යනවා !
    මේ වෙලාවට තමා කැලනිතිස්සෙන් එන හයිටෙන්ශන් ලයින් එකේ එල්ලෙන්න හිතෙන්නේ !!!

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම එල්ලෙන්නේ වවුලෝ බොල.. අපේ පිරිසිදු විදුලිය අපවිත්‍ර කරන්න එපා.. :))

      Delete
  38. මේ මොන මගුලක්ද.....
    මෙලෝ දෙයක් කියවන්න බැහැනේ

    ReplyDelete
    Replies
    1. හිකිස්.. මුකුත්ම කියවන්ට බැරි කාලයක් එයිද ලොකු පුතේ ! :))

      Delete
  39. අනේ මචෝ කොක්කක් ගහලා මහින්දගේ කරන්ට් හොරට අරං හරි ලියපන්.හික්ස්!!.දැන් ආණ්ඩුව මිනිස්සුන්ට කරන්න කියන්නේ එහෙම දේවල් වගේ පේන්නේ. අපිටත් පටාං ගත්ත ගමන් වහන්න වගෙයි වෙන්නේ.මේ මාසේ බිල අනුව සියල්ල විසදේවි.අර ප්ලග් ගලවන එකා කොහේ ගිහින් ද මන්දා?

    ReplyDelete
    Replies
    1. පොර ප්ලග් එකක් ගහගෙන නොවැ මචං ඉන්නේ..

      පටන් ගත්ත වැඩේ අතාරින්න එපා මචෝ.. ලියමු..

      ස්තුතී !

      Delete
  40. කොහොම හරි ලියන්න.අපි එකතුවෙලා ලයිට් බිල ගෙවන්නම්...

    ReplyDelete
    Replies
    1. අප්පද බොල ඉස්තුතී කිව්වා.. !

      Delete
  41. ඒකනේ............. මේ දැන්(ඒකියන්නේ ඔක්තෝම්බර්) තාම මොතුත් අවුලක් නෑ යාළු....... තව චිරාත් කාලයක් BLOG ලෝව වැජබනේනට "sAm (සෑම්)"ට හැකිවේවා... මාත් හාහපුරා කියලා මේ BLOG ලෝකෙට බැස්සා විතරයි..! මාත් නිකං අන්දොස් උනා. දැන් තමා COOL උනේ............!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...