Saturday, November 12, 2011

section 1st....

මේ‍ක මට මතක් කරපු කථාවක්. ඉස්කෝලේ සීන් ඔක්කොම මතක නැහැනේ. මේක මතක් කරල දුන‍්නේ ලගදි මල ගෙදරක ගිය වෙලාවේ අපේ තව කොල්ලෙක්. 

අපේ වසර අවසානේ වාර විභාගයේ රිපෝට් කාඩ් එක දෙන්නේ මේන් හෝල් එකේය. ඒ ෂෙක්ෂන් එකේ පන්ති අටේම ලමයි ටික එකතු කරලාය. හැබැයි එහෙම කරන ඒකේ ‍එක හොදක් තිබ්බා වැඩ කරන්නේ නැති එවුන්ට ආස හිතෙනවා ස්ටේජ් එකට නැගලා කස්ටියගෙ චියර් එක මැද්දේ රිපෝට් කාඩ් එක ගන්න. ඇත්ත තමයි කවුද අකැමති?

කස්ටියගෙ චියර් එක මැද්දේ රිපෝට් කාඩ් එක ගන්න


එහෙම රිපෝට් එක ගන්න ආස හිතුන කොල්ලෙක්ට මෙහෙම වුණා.

අපේ සමාජ අධ්‍යයනය උගන්නපු ටීචර්ගේ පුතා හිටියේ අපේ වයසෙමයි. දැනට යාළුවව හදුන්වන්නම් "රංග" කියලා. පොර කරාටේ වලින් ඉන්දියාවෙත් ගිහින් ප්ලේස් ගත්ත පොරක්. හැබැයි යාළුවාට පොඩි කන් ඇසීමේ අඩුවක් තිබ්බා. පොරට අවමානයක් කරන්න හදනවා නෙවේ. වෙච්ච සින් එක ඒ විදිහටම ලියන්නයි හදන්නේ. 

කොල්ලා කොයි වෙලෙත් ඉන්නේ ශ්‍රවනාධාරක උපකරණයක් කනේ හයි කරගෙන. හරියට සිංදුවක් අහන්න හෑන්ඩ්ස් ෆ්(රී) සෙට් එකක් ගහගෙන ඉන්නවා ‍වගේ. අපේ එවුන් අනිත් ටීචර්ලා උගන්නනකොට යාළුවව පෙන්නලා ටීචර්ලට කියනවා බලන්න ටීචර් මෙයා පාඩම අහන්නේ නැහැ පන්තියේ සිංදු අහනවා කියලා. හැම දේම විහිළුවට.

එදා කොහොම හරි කස්ටියව මේන් හෝල් එකට පුරවලා රිපෝට් කාඩ් දෙන්නයි ලෑස්තිය. 

"මේ 2001 වසරේ 9 ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය දිනාගන්නේ... එරංග ධර්මසේන.."

යකඩ කටින් කියන්න හම්බුනේ එච්චරයි, අපේ කන් ඇහෙන් නැති රංගයා දඩස් ගාලා නැගිටලා හෝල් එක මැද්දෙන් ගිහින් උදුරලා ගත්තා එරංග ගේ රිපෝට් කාඩ් එක. අපේ එවුනුත් ඔහේ අත්පුඩි ගහලා චියර් එකක් දුන්නා. අපේ එවු‍න් ඒ කාලේ කවුරු සටේජ් එකට නැග්ගත් අත්පුඩි ගහනවා. මට මතකයි දවසක් සාහිත්‍යය සමිතිය පටන් ගන්න කලින් මයික් එක හදන්න කියලා අපේ හිටපු පියන් අංකල් කෙනෙක් ස්ටේජ් එකට නැග්ගා. පොර  මයික් එක හදලා බහිනකල්ම අපේ එවුන් අත්පුඩි ගැහුවා හරියට සුගත් තිලකරත්න සිංදුවක් කියන්න නැග්ගා වගේ.


කොහෙම හරි රංග රිපෝට් එක ගත්ත සීන් එකෙන් සර්ට කරගන්න දෙයක් නැහැ. පළවෙනියා වුණ එරංගයට කරන්න දේකුත් නැහැ. පොරගේ රිපෝට් එක හොරු අරන්.

"මේ 2001 වසරේ 9 ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය දිනාගන්නේ... රංග නෙවේ, එරංග... එරංග ධර්මසේන.." 
සර් ආයෙත් නම හයිලයිට් කරලා කිව්වා. ඒත් රිපෝට් එක රංගයාගේ අතේ. ඉතින් උදුරලා ගන්නද? පොරට වැඩේ මීටර් වුණත් රිපෝට් එක ආයෙත් සර්ට දෙන්නද?

රංග නෙවේ, එරංග... එරංග ධර්මසේන.

ඒත් ටික වෙලාවකින් හරි අයිතිකාරයා එරංග ධර්මසේන.. නැගිටලා ආවා රිපෝට් එක ගන්න. අපේ අත්පුඩිය ආයෙත් රිපීට් වෙන්න ගත්තා.

"ඔව් මෙන්න.. මේ වසරේ 9 ශ්‍රේණියේ ප්‍රථම ස්ථානය දිනාගත් ශිෂ්‍යයා.. එරංග ධර්මසේන...තම වාර්ථා පොත ලබා ගන්නවා....රංග ශිෂ්‍යා අතින්..."

පට්ට ආතල් කොල්ලා ගිහින් ෂෙක්ෂන් එකේ පළවෙනිය වුණ අපේම එකෙක්ට රිපෝට් කාඩ් එක දිලා අතට අත දෙනවා. වෙලාවට එරංගයා රිපෝට් එක අරන් අමතක වෙලා වැන්දේ නැත්තේ.

Written by sAm_12.31pm_09.11.'11


4 comments:

  1. facebook comment box eka light color karapn...words penne na

    ReplyDelete
  2. light color macho thibbe, dan dark karala baluwa...

    ReplyDelete
  3. mmmmmmmmmm apitath mathakai oya seen eka..ape kello set eka bada pelenakan hina unaaa.

    ReplyDelete
  4. @චතූ- ඒ කාලේ කෙල්ලෝ, කොල්ලන්ට හිනා වෙන්නම තමයි බලං හිටියේ.. ;)

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...